මගේ අනුමැතියෙන් තොරව කිසිම විහාරයකට ආධාර

May 15, 2012
3
0
0
මගේ අනුමැතියෙන් තොරව කිසිම විහාරයකට ආධාර

Dm-jayarathne.jpg


May 14, 2012 at 4:55 pm | Lanka C News.
මගේ අනුමැතියෙන් තොරව කිසිම විහාරයකට ආධාර දෙන්න එපා – අගමැති

විෂය භාර අමාත්‍යවරයා වන තමාගේ අනුමැතියකින් තොරව කිසිදු විහාරස්ථානයකට ආධාර ලබා නොදෙන්න යයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නියෝග කර තිබේ.

විහාරස්ථානවලට ආධාර ලබාදීමේදී අයථා ක‍්‍රියාවන් සිදුවන බවට පැමිණිලි ලැබී තිබීම මීට හේතුවයි. සම්බුද්ධත්ව ජයන්ති කමිටුව, බුද්ධ ශාසන අමාත්‍යංශය හා අගමාක කටයුතු අමාත්‍යංශය හා එක්ව මේ වන විට දිවයිනේ විහාරස්ථාන 773ක් සඳහා ආධාර ලබා දී තිබේ.

එසේ වුවද එම ආධාර ලබා දීමේදී අගමැතිවරයාට ඒ පිළිබඳව දැනුම් දීමක් කර නැතැයිද පැවසෙන අතර ඒ පිලිබඳවද පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස අගමැතිවරයා නියෝග කර ඇත.