මගේ ආදරේ නැවත ලියමි...

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මගේ ආදරේ නැවත ලියමි...

    අද ටිකක් සීතල දවසක්
    අද පෝය
    ඒත් හද පේන්න නෑ
    ඔයා හැමදාම මගේ ගාව ඉන්නවනම්
    පුරහදක් මගේ ජීවිතේට පෑව්වා වාගේ
    ඒත් ඔබ ගිය දා පටන්
    මම අමාවක අහසටත් වඩා
    .....................................



    මං දන්නවා ආයේ කවදාවත් ඔයා මගේ ජීවිතේට එබිකම් නොකරන බව
    ඒත්
    දැරවියේ
    මං ඔයාට.....
    දැන් ඕවා ගැන කථා කරලා වැඩක් නෑ කියලා ඔයාමයි මට කීවේ.
    ඒත් ඔයා කථා කරන්න අකමැති
    මං කථා කරන්න කැමතිම දේ
    ඒක තමයි
    වෙන්වන්නට හමුවුණේ ඇයි කියලා මං දන්නේ නෑ
    එත් අපි හමුවුණා
    ඒ හමුවීම අහම්බයක්
    ඒත් පලමු හමුවීමෙම පටන් අපි අපට හොරෙන් ආදරේ කරන්න පටන් ගත්තා
    ඔයා මට එව්ව මැසේජ් වල
    ඔයා නොකියා කිව්ව ආදරේ පිරිලා තිබුණා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එදා බදාදා දවසක්
    මට පන්ති තිබ්බේ නෑ
    මං බෝඩිමට වෙලා පුලුවෙන් ඉන්නකොට තමයි පෝන් එක අඩන්න ගත්තේ
    "මචං ඉක්මනට පාලම ගාවට වරෙන් පොඩි හදිස්සියක්"
    මං නුගේගොඩ මහසෙන් ‍පාරෙ ඉදන්
    ගුවන් පාලම ගාවටම පයින් ආවා
    සෙරප්පු කට දෙකකුත් දාගෙන
    සෝදපු නැති ඩෙනිමක් ඇදගෙන
    පීරපු නැති කොණ‍්ඩෙ
    පැත්තට එල්ලන් හිටපු බෑග් එක
    ඔයා මාව ඉස්සෙල්ලම දකිනකොට මං හිටිය විදිය ඔයා හැමදාම මතක් කරකර හිනාවුණා
    අපිලිවෙලට තිබ්බ මගේ ජීවිතය පිලිවෙලක් කලේ ඔයා..
    රත්තරන් ඔයා..
    ඔයා එදා හිටියේ මගේ යාලුවෙක්ගේ අතේ වෙලිලා

    "මචං"
    ඔයාගේ පෙම්වතා කථා කලා.

    "මචං කෑල්ලක් සෙට් වුණා මේකි තාම පොඩියි
    අදින්න තැනක් සෙට් කරලා දීපන්"

    මං ඔයා දිහා හොරෙන් බැලුවා.
    යාලුවගේ හැටි දන්න හන්දා මං ඔයාට වැරදි ප‍ටවන්නේ නෑ.
    ඔයා ලැජ්ජාවෙන් රතු වෙලා ඇස් බිමට නමාගෙන
    ඔයාගේ ඇස්වල තිබ්බ අසරණකම හමුවේ මගේ මුව ගොලුවුණා
    එදා ඔයා ඒ සල්ලාලයාගෙන් බේරගන්න මං දහසක් බොරු කිව්වා.
    ඔයා තාම දන්නේ නෑ.

    ඔයා මගේ දිහා හොරෙන් බලලා හිනාවුණා
    ඇත්තමයි
    මා ඒ වෙලාවෙම හිතුණා ඔයාව මගේ කරගන්න

    යාලුවා ඔයත් එක්ක එනවා කියලා දන්නවානම් මං ලස්සනට ඇන්දලා එනවා.
    ඒත් හැමදාම ඔයා මගේ සැහැල්ලු කමට ප්‍රිය කලා
    .

    එදායන් පස්සෙ මං ඔයාව එක දවසක් රත්නපුරේදි දැක්කා.
    ඔයා එදත් මගේ යාලුවගේ අතේ එල්ලිලා
    මට හයියෙන් කෑගහල කියන්න හිතුණා,
    එයා එක්ක යන්න එපා කියලා
    ඔයා තාම දන්නේ නෑ රත්තරන්
    මං එදා ඔයාලා දෙන්නටම හොරෙන් ඔයාගෙ පස්සෙන් ආවා

    එදා ඔයා එයත් එක්කම ඇවිත් පන්තියට ගියාට පස්සෙ තමා මගේ ඇගට ලේ
    ටිකක් ඉනුවෙ.

    ඊට පස්සෙ ඔයාව දකින්න ලැබුණෙ නෑ
    ඔයාගෙ මතකය සිතේ කොණක තනි කරන් මං කල්ගෙව්වා
    දවසක් පාර්ටි එකක් වෙලාවේ යාලුවා ඔයාට කථාකරන්න ඕනි කියලා මගේ පෝන් එක ඉල්ල ගත්තා
    මිනිහට නම්බර් එක මකන්න අමතක වෙලා
    මං ඒක සේව් කරගත්තා
    ඒත් ඔයාට මිස් කෝල එකක් වත් ‍එව්වේ නෑ
    මට ලැජ්ජා හිතුණා.

    ඔයාලා දෙන්න අතර ප්‍රශ්න ඇතිවුණා.
    මං ඒවට මැදි වුණා
    දෙන්නගෙම පණිවිඩ හුවමාරු කරන්න මට සිද්ද වුණා

    ඔයාට මතකද
    එයා ඔයාගෙන් වෙන්වුණු දවසේ ඔයා මට එව්ව මැසේජ් එක
    අවාසානයි පේමාදරේ සිංදුව ඔයා ලස්සනට ටයිප් කරලා තිබ්බා.
    මං එදා හිටියේ නවලෝකේ බංකුවක් උඩ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo


    එදා ඔයා මට මැසේජ් කරලා එව්ව සිංදුව
    ඔයා ඒක සම්පූර්ණයෙන්ම මැසේජ් කරලා එව්වා
    මං ඔයාට කෝල් කලාට ඔයාගේ පොන් එක වැඩ කලේ නෑ
    මට තාම හිතා ගන්න බෑ ඔයා එදා ඒ මැසෙජ් එක මටම එව්වේ ඇයි කියලා