මගේ ආදර අන්දරය ව්යංගාර්තයෙන්

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මගේ ආදර අන්දරය ව්යංගාර්තයෙන්

    මේ එක්දහස් පන්සිය දෙක වර්ශයයි. මෙකල මම කෝට්ටේ රාජධානියේ රජුගේ හමුදාවේ සත් සෙනෙවි මඩුල්ලේ එක සෙනෙවියෙකු උයෙමි.අප අපගේ රාජ්යය පරන්ගින්ගෙන් බේරා ගැනිම පිනිස සටන් වදුනේ අපගේ මහ සෙනෙවි වූ වීරපරක්රම මහ සෙනෙවි සමගයි.
    මහ සෙනෙවිතුමන් මගේ සටන් පරිචය ගැන මහත් පැහදිමෙන් සිටි අතර ඔහුගේ දියණිය සහ මම අතර විවාහ ගිවිස ගැනීමක්ද විණි. නීලමණි කුමරිය ඇත්ත වශයෙන්ම අතිශයින්ම සුරූපී උවාය. ඇයද මට කැමත්තෙන් සිටියාය. මගේ ජීවිතේ පරමාර්ථ දෙකක් විණි. එකක් නම් පරන්ගින්ගේ රට බේරා ගැනීමත් අනෙක් කරුණ නම් නීලමණී කුමරිය සරණ පවා ගැනීමය. ඇයගේ පංචකල්යාණයට සමාන රුවක් කෝට්ටේ රාජධානියේ තබා මුලු සිරි ලන්කාවේන් වත් සොයාගත නොහැක. ඊට නොදෙවෙනි ගතිගුණ ද එසේමය. අප නිතරම හමු වී කතබස් කල අතර නිතරම මට ඇය ගැන සිතුනේ ඇය මා විසින් රැකබලා ගතයුතු කුඩා දරුවෙකු ලෙසයි.
    මේ සමයේ ම කොලබ පරන්ගි බලකොටුවට අලුත් පරන්ගි සෙනෙවියෙකු පැමිණියේය. අපගේ ඔත්තුකරුවන්ට අනුව ඔහු ඉතාම අරෝහ පරිණාහ දේහධාරී පුද්ගලයෙක් වන අතර අතිශයින්ම බිහිසුණු පුද්ගලයෙක් ද විණි. නමින් ෆර්නැන්ඩස් නම් වූ ඔහු අතිශයින්ම කෘර පුදිගලයකි. මොහු කොලබ බලකොටුවේ පාලයන බාරගත් දා සිට අපගේ පාලන ප්රදේශ ක්රමයේ අල්ලා ගැනීමට පටන් ගත්තේය.
    මීට මුහුණ දීම සදහා අප රජතුමන් කල්පනා කොට සීතවක රාජධානියේ මායදුන්නේ රජුගෙන් උදව් පැතීය. පසුව ඔහු සිය පෞගලික අංගාරක්ශක බලකායේ සෙනෙවියෙකු සහ රාජකීය සෙබලුන් දෙදහසක් අපට උපකාර පිණිස අපට එවන ලදී. එදින රාත්රියේ අපගේ රජමාලිගය එම කීර්ති සෙනෙවියාට සහ සෙබලුන්ට විශේෂ භෝජන සංග්රහයක් තිබුණි.
    එදින රජු ප්රදාන ඇමති මඩුල්ලත් මහ සෙනෙවි වීරපරක්රම ප්රමුඛ සත් සෙනෙවි මඩුල්ලත් මහ සෙනෙවිතුමගේ දියණිය , මගේ විවාහ ගිවිස ගත් නීලමණී කුමරිය ද මෙයට සහභාගී විණි. මෙහිදී ප්රධාන මාතෘකාව උයේ අපගේ උපකාරයට සීතාවක සිට පැමිණි කීර්ති සෙනෙවීයාගේ ත්රාසජනක ක්රියාවන්ය. ඔහු ගාල්ලේදි පරන්ගින්ව පැරදු හැටි ද සීරීපාදයේදී අදුන් දිවියෙකු හා සටන් කල හැටි ද ඒ අතර විණි. මෙහිදී ප්රධාන මාතෘකාව උයේ අපගේ උපකාරයට සීතාවක සිට පැමිණි කීර්ති සෙනෙවීයාගේ ත්රාසජනක ක්රියාවන්ය. ඔහු ගාල්ලේදි පරන්ගින්ව පැරදු හැටි ද සීරීපාදයේදී අදුන් දිවියෙකු හා සටන් කල හැටි ද ඒ අතර විණි.

    රජුගේත් අපෙගේ මහ සෙනෙවිතුමගේත් මුහුණු වල උයේ අපට ෆර්නැන්ඩ සමග ද්වන්ධ සටනකින් ජය ගැනීමට හැකි කෙනෙකු හමු වූවා යන්නය. මේ අතර සත් සෙනෙවි මඩුල්ලේ මගේ ප්රාණ සම වූ මිතුරා වූ යුදගන ද සමග උත්සවය අවසාන වී පිටත් වී යමට නැගී සිටියෙමු. මෙහිදී අප මහ සෙනෙවිතුමන් සහ නිලමණි කුමරියත් සොයා වටපිට බැලීමේ දී ඔහුත් ඇයත් කීර්ති සෙනෙවීයා සමග කතා කරනු දුටුවෙමි.
    මේ අතර සත් සෙනෙවි මඩුල්ලේ මගේ ප්රාණ සම වූ මිතුරා වූ යුදගන ද සමග උත්සවය අවසාන වී පිටත් වී යමට නැගී සිටියෙමු. මෙහිදී අප මහ සෙනෙවිතුමන් සහ නිලමණි කුමරියත් සොයා වටපිට බැලීමේ දී ඔහුත් ඇයත් කීර්ති සෙනෙවීයා සමග කතා කරනු දුටුවෙමි. අප දෙදෙනා එතනට ගිය විට මහ සෙනෙවිතුමගෙනුත් ඇයගෙනුත් එතරම් හොද පිලිගැනීමක් නොවුණි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tumblr_li9iuvnkpo1qf4elio1_400.gif
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    නැවත එන ගමනේ දී යුදගන කිවේ අසංග ඔබගේ සේවය දැන් මහසෙනෙවිතුමාට අමතක හැඩයි. මා ඊට කිසිත් නොකීය. මට එ සියල්ලටම වඩ දුක නීලමණී කුමරිය මා හා කතා නොකිරීමය.

    එතැන් සිට මහසෙනෙවි තුමන් සියලු සේනා සංවිධාන කටයුතු කලේ කිර්ති සෙනෙවි සමග අතර ඔහු වැඩි වශයේ නීලමණී කුමරිය සමග ද සිටිණු පෙනින. මා නිලමණී සමග කතා කිරිමට උත්සාහ කරන සැම අවස්ථාවකම ඇය මග හරින්නට විණි.

    එතැන් සිට මා මුලුමුනින්ම අමතක වූ ලෙසින් ඇ ජීවත් වන්නට වූවාය. යුදගන කිවේ ඇය අර කීර්ති සෙනෙවියාට වහ වැටී ඇති බවකි සහ මටද එය නොදැනුනා නොවේය.

    අවසනයේ දි පරන්ගි සමග සටනට දින යොදා ගත්තේය. මෙහිදී සැම විටම එක් සෙනාංකයක් මෙහෙය වීම මට භාර උවත් මෙහිදී මට කිසිත් නොවිණි.

    මෙම සටන එක සේනාංකයක් කිර්ති සෙනෙවියා විසින් ද අනෙක් සේනාංකය මා මිතුරු යුදගන සෙනෙවි විසින් ද මෙහෙය විමට යෙදුනේය.
    මින් මාස දෙකකට පසුව සටන් දවස උදා විණි. සියලු දෙනාගේම ප්‍රිතිඝෝශා මැද සේනාංක පිටත් විණි. මෙහිදි එක පරන්ගි බලකොටුවේ ප්‍රදාන ද්වාරයට දකුණු පසින් පහර දීමට කිර්ති සෙනෙවියාත් වම් පසින් පහර දීමට අපේ මහ සෙනෙවි සහ යුදගන ද පිටත් විණි. මම අතිරේක සේනාංකයක් සමග ඇතින් රැදී සිටිමි.

    නමුත් සේනාංක දෙක ද්වරාය අසලට යත්ම එක වරම පරන්ගි සේනාවන් ද්වාරයේ එලියට පැමිණියේය. මෙය අප බලපොරොට්තු නොවුන දෙයකි. බොහො විට ඔවුන් කාලතුවකු ප්‍රහාර එල්ල කරවී ය යන්න අපේ බලාපොරොත්තුව උනි.

     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සුලු මොහොතකින් සියල්ල වෙනස් විනි. පරන්ගි භටයින් සමග ධවල අශ්වයකු පිට නැගි ෆර්ඩිනැන්ඩස් අප සෙබලුන් කඩු ගාමින් අපගේ මහ සෙනෙවි තුමන් දෙසට ඇදෙනු දිටිමි.

    මේ අතර මා කිසිත් බලාපොරොත්තු නොවූ දෙයක් නොවිණි. කීර්ති සෙනෙවියා සිය සේනාවද සමග පසු බහින්නට විණි. මේහිදි වුයේ මහ සෙනෙවි ප්‍රමුඛ අපගේ එක දසස් පන්සියයක් පමණ වූ සින්හල සේනාව හාර දහසක් පමන වූ කෘර පරන්ගි සේනාවන්ට මැදි වින.කීර්ති සෙනෙවියා එම වෙලේ පහු නොබැස්ස නම් පරන්ගිව පාරජය කල හැකිව තිබුණු.

    ක්‍රම ක්‍රමයේ පරංගින්ට මැදි වූ අපගේ සේනාව අඩු වන්නට විණි. මේ අතර යුදගන ෆර්නැන්ඩස් සමග සටන් කිරීමට පටන් ගත්හ්ටේය. මාගේ ප්‍රණ සම මිතුරා කුඩා කල පටන් මගේ සහොදරයකු වන් මගේ මිතුරා ඉතාම කෙටි වේලාවකින් ෆර්නැන්ඩස් විසින් හදවතට අනිනු ලැබූ බයිනෙත්තු පහරින් මැරී වැටුනි.

    මොහු ප්‍රදාන සෙනෙවිතුමන් සොයා හිස කරකවනු පෙනිනි. තව ප්‍රමද උවහොත් අපගේ ප්‍රදාන සෙනෙවිතුමන් ද අපට නැති වන බව තේරුම් ගතිමි. ඔහු දැන් මෙසේ උවත් පෙර මට බොහො කරුණාවේ සැලකූ නිසාත් යුදගන මැරූ පලිය ගතයුතු නිසාත් මගේ හත්සියයක් වූ සේනාව සමග වහා පිටත් උනෙමි.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මෙහිදී මම යුඩ උපක්‍රමයක් භාවිතා පරන්ගි සේනාවන්ට පසු පසින් සියයක පමන අශ්වාරොහක බලඇණියද පරන්ගි සේනාවන්ට ඉදිරිපසින් හයසියයක් පමන වූ පාබල සේනාව ද පිටත් කර හැරිමි. මම ද අශ්වාරෝහක සේනාව සමග පිටත් විනිමි. මේ අතර මහත් වූ වෑයමින් මහ සෙනෙවිතුමන් ව සටන් බිමෙන් මදක් ඉවතට ගත්තෙමි. ඔහුගේ මුහුනේ ලැජ්ජවත් කණගාටුවත් මිශ්‍රව තිබුණි. ඔහු යමක් කීමට තැත් කලත් මම එය නවතා නැවතත් සටන් බිමට ගියෙමි. යුඩගන ගේ ලේයෙහි පලිය මා විසින් ගත යුතුව තිබුණි.

    ෆර්ඩිනැන්ඩස් සොයා මම එ මේ අත අසුව මෙහෙය වූයෙමි. නමුත් නොසිතුවිරූ ලෙස පරන්ගි යුඩ රථයක් මගේ අසුගේ වැදුණ අතර මා සිහසුන්ව බිම හොත්තේය.

    නැවත සිහි එනවිට මා පරන්ගි සිර කුඩුවක් තුල සිටින බව තේරුණි. මුර භටයින් කිහිප හෙනෙකු විසින් මා මුර කරන බව දැක්කේය. දැන් නම් මට ඉතාම වේදනාකරී මරනයක් හිමි බව තෙරුම් ගත්තේ මා සමග සිටි අනෙක් සිරකරුවන් දුටු විටයි.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඉන් පසු ගෙවී ගිය සතිය දෙක ඉතාම කටුක විණි. පරන්ගින්ගේ දැඩි වධ හිංසා වලට භාජනය උනෙමි. මෙසේ කාලය ගෙවී යද්දී මට සිතුනේ දැන් මා ගැන මහසෙනෙවිතුමන් සහ නිලමණී කුමරිය කුමක් සිතනවද යන්නය.

    ඒ අතර යුඩගනගේ මරණය ද මගේ සිතේ දෝංකාර දෙන්නට විණි.මට නැවත ෆර්ඩිනැන්ඩස් සමග සටන් කිරිමට නොහැකි බව සිහිවන විට තද කෝපයක් දැණුනි.දිනක් මඩ්‍යම රාත්‍රියේ එකවරම මගේ මුරට සිටි මුර භටයින් දෙදෙනා ඉවත්ව ගියේය. මම විමතියට පත්වූයෙමි. දැන් මා අමු අමුවේ මරා දැමීමට කවුරුන් ද පැමිනෙන්නේ කියායි. එක වරම මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු මාගේ සිර මැදිරිය තුලට පැමිණියේය.

    මා විශ්මයට පත් කරමින් ඔහු සිර මැදිරියේ දොර විවර කරමින් මා අසලට පැමිණියේය. පැමින සිය මුහුන වසා සිටි ලොගුව ඉවත් කලේය.මා දුටුවේ අතිශයින්ම සුරූපී තරුණ කාන්තාවකි. අවුරුදු විසි ගනන් විය හැකි බව අදුරේම උව පැවසිය හැකිව තිබුණි. මම හමිදුම්මා යැයි ආ කිවාය. මම මොහොමඩ් සැමොරින් ගේ දියණිය වෙමි යැයි කිවාය. එකවරම මට මතකයට පැමිනියේය.
    සැමොරින් යනු කොලබ සිටි ලොකුම සේද රෙදි වෙලෙන්දාය. මොහු සිය නැව් පරන්ගි න්ව පලව හැරීමට කොට්ටේ රජුට ලබා දෙන ලදී. මෙයට පලි ගැනීමක් ලෙස ෆර්නැන්ඩස් කූඨ ලෙස ඔහුගේ දියණියව පැහැර ගත්තේය. නැවත් ලබා දෙන්නේ නම් සිය දියණියගේ බරට රත්තරන් දෙන්නම් කිවත් ෆර්ඩිනැන්ඩස් එය ප්‍රතික්ශේප කලේය.

    මම ඔබව දන්නවා යැයි මම ඈට කිවෙමි.
    " මව ෆර්ඩිනැන්ඩස් බලෙන් විවාහ කර ගත්තා. ඇත්තටම එක විවාහයක් කියන්නත් බැහැ. මොකද මනාලියගේ අකමැත්තෙන් සිදුවන්නකට විවහයක් කියන්න බැහැ නෙහ්"

    "ඔව් මට තෙරෙනවා! , මගේ නම් ඉරණම ඊට දරුණුයි. " යැයි මම කිවෙමි.

    " ඔබ ගැන කොලබ ඉදන් ගල්ල වෙනකන්ම මිනිසුන් කතාවෙනවා. එදා අර සටනින් ජයගත් කොට්ටේ රජ්‍යයේ සත්සෙනෙවි මඩුල්ලේ අසංග සෙනෙවි ගැන කවුරුත් කතා වෙනවා" යැයි ඈ කිවේය
     
    • Like
    Reactions: gns85