මගේ ඇස් දෙක ගන්න
ඇයගේ නම සුබා ය. ඇය උපන්නේ රජගහනුවර බමුණු නිවෙසක ය. බුදු රජාණන් වහන්සේ රජගහනුවරට වැඩි මුල් ම දවසේ බණ අසා පැවිදි වූ ඈ දින කීපයකට පසු අනාගාමී වූවා ය.
දිනක් ඇය ජීවක අඹ වනයට යනු දුටු තරුණයෙක් ඇය ඉදිරියට පැමිණ ගමන නතර කළේ ය. ඔහුට අවශ්‍ය වූයේ ඇයගෙන් කාමුක කායික තෘප්තියක් ලැබීමට ය. සුබා ඔහුට කාමයෙහි ආදීනව පැහැදිලි කළා ය. එහෙත් පලක් නො විණ. ඔහු නැවත නැවත තෘප්තිය ම පැතුවේ ය.
ඇයගේ දිගු නිල් නුවන් කෙරෙහි බැඳුණු සිත් ඇති ඔහු ඇගේ රුව වර්ණනා කළේ ය. ඔහුගෙන් මිදිය නොහැකි බව සිතූ සුබා ඇසක් ගලවා ඔහුගේ අතට දුන්නා ය.
මෙයින් කම්පාවට පත් තරුණයා සුබාගෙන් සමාව යැද ඉවතට ගියේ ය.
සුබා බුදු හිමියන් දක්නට ගියා ය. බුදු හිමි දුටු මොහොතේ ම ඇයට අහිමි වූ ඇස ලැබිණ. ඇයගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරිණ. බුදුහු දහම් දෙසූ හ. ඇය එකෙණෙහි ම විදසුන් වඩා රහත් වූවා ය.
පසු කලෙක ජීවක අඹ වනයේ සුබා රහත් මෙහෙණින් වහන්සේ සිය අතීතය සිහි කොට මෙසේ සිය උදානය පළ කළා ය:
සොඳුරු ජීවක අඹ වනේ සුබා තෙරණිය යනු පෙනේ
තුරුණු සලෙළකු මග හරස් කොට ගමන වළකන හැටි පෙනේ
සුබා
කවර වරද ද සිදු වුණේ, මගෙන් ඔබ හට කිව මැනේ
පිරිමි පහසක් ලැබුම වැරදියි සොයුර, මා මෙහෙණක් අනේ
මුනිඳු දුන් සිල් සුරකිමින්, පුදමි බුදු සසුනට බැතින්
සීලයෙන් පිවිතුරු මගේ මග කිම ද මේ ලෙස වළකමින්
රාගයෙන් ඔබ කැලඹිලා, සිටිමි මම එය ඉවත ලා
සියලු දේ හළ නිමල මා හට කිම ද ඔබ මග අවුරලා
තරුණයා
සොඳුර, ඔබ හරි ලස්සන යි, පැවිදි දිවියෙන් දුක ගෙනෙයි
සිවුරු විසිකොට විඳිමු කම් සැප, මල් පිපුණු වන පෙත අගෙයි
මලින් පිවිතුරු රේණුයෙන් වැසෙයි සුළඟත් සුවඳ දෙයි
මේ වසත් කල පටන් ගැන්මයි එන්න මේ බිම සුව සදයි
මල් පිපුණු තුරු ලතාවන් නල මුසු ව ගායනාවන්
නඟනු අසමින් තනි ව වන මැද ඉදිනු කෙලෙස ද මට කියන්
මත් ඇතුන් සැඬ වන සතුන් පිරුණු මේ රුදු වන පෙතින්
මිනිස් රුවකුදු නොදිස් වේ ම ය, කිම ද ඔබ තනි ව ම ඉතින්
රුවට ඔබගේ නැත උවම්, රන් රුවක් මෙනි දුල නොමින්
කසී සළු හැඳ සරනු මැන සිත් රූ වනේ දෙවඟන වෙමින්
දෑස අඩවන් කිඳුරියේ, ඔබ ඇඳී ඇත මා ළයේ
සුව විඳිමු අපි මේ වනේ, මසිත අන් ළඳකට නොයේ
මබස් අසමින් සුව පතා පැමිණියොත් කහ වත දමා
සිහිල් පවනැති මහ මැඳුරුවල ගැහැනු මෙහෙයට එති ඔබේ
කසී සළුයෙන් සැරසෙනූ, සුවඳ විලවුන් ගල්වනූ
ඔබට රන් මිණි මුතු ඇඳුම් දෙමි මවෙත ඇවිදින් පිළිගනූ
සිනිඳු ලොම් ඇතිරිලිවලින්, අනගි පිවිතුරු තිරවලින්
සැදූ සඳුනින් යුතු යහන් ගැබ වැදී සැතපෙනු මැන සොඳින්
යකුන් ඇති විල් දිය තලේ උපුල් මලකින් නැහැ පලේ
එලෙස බඹසර රකින ඔබගේ ගත දිරා යයි නිකරුණේ
සුබා
කුණු ව සොහොනට යන ඇදී සිරුර පෙන්වයි අසාරේ
සාරයක් ඔබ දකිනු කිම එහි? නොමඟ ගොස් ඇත සිත ඔබේ
තරුණයා
ඔබේ ඇස මුවදෙනකගේ මෙනි ගිරිකුළක කිඳුරියකගේ මෙනි
ඒ දෑස දැක ඉන්න බෑ මට, නැඟෙයි ආසා සොඳුරු ලාලනි
දුරට ගිය මුත් මට පෙනෙන්නේ ඔබේ අඩවන් කිඳුරු දෑසයි
දිගටි පිවිතුරු දෑස සිහි වෙයි ලොව අනගි දෙය ඔබේ දෑසයි
රනින් කළ රූපයක් මෙනි ඔබ දෑස මහනෙල් පෙති වගෙයි
දෑස දෙස ඒ බලා ඉන්නෙමි සිතේ ආසාවන් නැඟෙයි
සුබා
ගන්න බෑ කෙළි බඩුවකට හඳ, යන්න බෑ මහ මෙරට ඉහළින්
පාර වරදාගෙන වගෙයි ඔබ, බුදුන්ගේ දියණියකි මම දැන්
දෙව් මිනිස් ලොව නොවෙයි අරමුණු රාගයක් මා සිතට ලන්නට
රාග යනු කිම නොදන්නෙමි දැන් නැසූයෙන් එය නිවන් මඟ වැද
ගිනි අඟුරු වළකට දමා ලූ පුලුන් මෙන් රාගය නැසූයෙමි
විස බඳුන ලෙස නැසූ රාගය ඉතිරි නැත එය කිම ද නොදනිමි
ලොව සැබෑ තතු නොදුටු ළඳකට, බුදු දහම් මඟ නොපත් ළඳකට
ඔබට එක් විය හැකි වුවද, ඔබ වෙහෙසවන්නේ නිවන් රිසියක
වැඳුම මෙන් අවමන් ද එක සේ සම ව සිහියෙන් පිළිගනිමි මම
සකර දම් අනියත යි දන්නා සිත ඇලෙනු නැත ලොව කිසිදු තැන
බුදුන්ගේ දියණියක වන මම අරි අටැඟි මඟ යානයෙන් යමි
රාග හුල් ආසා ඉදිරු මා ඇලෙනුයේ හිස් කුටියෙ පමණ යි
ඉතා විසිතුරු පෙතලි රූ සහ රූකඩ ද දැවවලින් නිමැවුණු
බැඳී නූලෙන් රැඟුම් පානා අයුරු දුටුවෙමි විවිධ තාලෙට
ඒ නූල් දැව කැබලි වෙන් කොට කඩාදැමු විට ඒ කැබලිවල
නොවෙයි රූකඩයක් දකින්නට දැව කැබලි මිස අන් දෙයක්
සතර මහ භූතයන්ගෙන් සැදි මගේ සිරුරත් අන්න එහෙමයි
කියන් සොහොයුර, කුමකට ද මේ සිරුරකට මේ සිත බඳින්නේ
බිත්තියක ඇඳි සිතුවමක් ඇත පෙනෙයි එහි ලලනා රුවක්
සැබෑ ලලනාවක් ය ඒ රුව කියාල යි ඔබ හිතන්නේ
සිහිනයෙන් රන් රුවක් දුටු ඔබ ඉඳුරුදැලි මැව් රුවක් දුටු ඔබ
ගොදුරු වී මායාවකට ලොකු, හිස් දෙයක් ගැන මුළා වී ඇත
රුක් බෙණයක ලූ ලාකඩ ගුළියක්, බඳු මේ ඇස් දෙක නැවත බලනු මැන
දියර සහිත බුබුළකි එහි ඇත්තේ දුගඳ හමන කබ හා කඳුළයි
සොදුරු රුවැති ඇය ඇසෙහි නොඇළුණේ
මොහොතින් සිය ඇස උදුරාගත්තී
“මෙන්න ඔබේ ඇස,” කියමින් දුන්නී
ඈ පාමුල ඔහු ඇදවැටුණේ
එකෙණෙහි ඔහුගේ රාගය දුරු විය
“බඹසර රක්නා පින්වත් උතුමිය
ඔබ හට සුව සෙත අත් වේවා!
මෙබඳු දෙයක් මතු මගෙන් නො වේ මැ යි
සමාවන්න,” ඔහු වැඳවැටුණා
“දිලිහෙන ගිනි කඳ වැලඳගැනීමකි
විස ගොර රුදු නයි අතට ගැනීමකි
උතුම් කෙනකු හා ගැටුම බිහිසුණුයි
එයින් මා පැතූ සැප නම් නොලැබෙයි
සමාවන්න පින්වතිය උතුම්!”
මෙහෙණිය ඔහුගෙන් මිදුණු නිසා
බුදු හිමි දක්නා පිණිස ගියා
හිමි දුටු පමණින් ඇස ලැබුණා
රහත් බව ද එදින ම ලැබුණා ද