මගේ ඉපැරණි පෙම්වතී

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    පෙම්වතී

    අම්මා කෙනෙක් ,බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ
    පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී .....

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ලඟ නිවන සරතැස
    කාළයේ වැළිතලාවේ
    සබඳකම් සැඟවුණාවේ ...

    අතරමග සුනු විසුනු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුනත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ .....


    පද පෙල - රවී සිරිවර්ධනගේ
    නද මුසුව - රෝහණ වීරසිංහගේ

    Emotional%2BSad%2BLove%2Bshayari%2Bfor%2BX%2Bgirlfriend%2Bin%2Bhindi%2B.jpg


    යන්තමින් පටන්ගත්ත වැස්ස මොරසූරණ වැස්සක් වෙන්න ඒහැටි වෙලාගියෙ නෑ...වැස්සෙන් බේරෙනන බස් නැවතුමට දුවගෙන එන සෙනඟ ටිකෙන් ටික වැඩිවුනා ....
    ඒ අතරෙ තරුණ අම්ම කෙනෙක් පුංචි දුවෙකුගෙ අතින් අල්ලගෙන වැස්සෙම බස් නැවතුමට දුවන් ආව..
    මගේ හිත අවුරුදු ගානක් ආපස්සට දිවගියා...
    හරියට ඔබ වගේමයි...

    මට ඔබ ගැන තියෙන්නෙ පාසල් මතකයක් විතරයි..රූපෙන් තවම ඔබ ඒ කාලෙ වගේ වෙන්නැති..රතුපාට ලංගම බස් එකේ ඔබ හැමදාම ඉදගනිපු දෙවෙනි පේලියෙ අසුනේ අදත් කවුරුන් හෝ ඉඳගෙන යනව ඇති..
    ඔබ විවාපත් උනේ මටත් කලින්..මේ වගේම දුවෙකුට ඔබ අද මවක් ...
    මේ වැස්සට සමහරවිට ඔබත් කොහේ හෝ සිට තෙමෙනවද දන්නෙ නෑ...එදා වගේම අදත් ඔබව තෙමෙනවට මට ලෝබයි..ඒත් ඒ ඇයි කියන්න මම ම දන්නෙ නෑ...

    අදනම් වැස්ස හිතට අරන් ආවෙ දුක සතුට මුසු පාළු හැඟීමක්.බස් නැවතුමේ වහළෙන් වැටෙන වතුර තාර පාර දිගේ නිදහසේ කොහෙටදෝ ගලාගෙන යනව....

    මේක නම් සැරට හිතට දැනුනා. පරන කැල්ල මතක් උනා බං..
    ​

     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,609
    26,309
    113
    Fantasy
    මචන්ලා බොක්කටම වැදුනා සින්දුව.
    ම්න් බොක්කෙන්ම කරන කරන්නෙ මගේ ලව් එක.මේ මගේ 1ස්ට් ලව් එක. මට නිකමට හිතෙනවා මටත් අනාගතේ මේ ගීතය කියන්න වෙයි කියලා...
    Thanx for sharing
     
    • Like
    Reactions: pereramauk

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,788
    2,567
    113
    dxb
    අපිට ඕකුන් මතක් උනාට , ඔය කෙල්ලොන්ට අපිව මතක් වෙන්නේ නෙහෙනෙ බං. උන් හෙන අත්මාර්ථකාමි උන්.
     
    • Like
    Reactions: pereramauk

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචන්ලා බොක්කටම වැදුනා සින්දුව.
    ම්න් බොක්කෙන්ම කරන කරන්නෙ මගේ ලව් එක.මේ මගේ 1ස්ට් ලව් එක. මට නිකමට හිතෙනවා මටත් අනාගතේ මේ ගීතය කියන්න වෙයි කියලා...
    Thanx for sharing

    :confused::confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ඉපැරණි පෙම්වතිත්, ළමය බලාගන්න ගමන් කම්මැලි කමට ඔන්ලය්න් ඇවිත් චෑට් කරනවා

    හවසට ගන්නේ නැ හස්බන් ගෙදර කියල...

    මගේ ඉපැරණි පෙම්වථී........
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මගේ ඉපැරණි පෙම්වතිත්, ළමය බලාගන්න ගමන් කම්මැලි කමට ඔන්ලය්න් ඇවිත් චෑට් කරනවා

    හවසට ගන්නේ නැ හස්බන් ගෙදර කියල...

    මගේ ඉපැරණි පෙම්වථී........

    :shocked::shocked::shocked: