මගේ උන් ඔක්කෝටම "HAPPY MEN'S DAY" 😎🤜🤛

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113


    මම මේ ලෝකේ දැකලා තියෙනවා ,

    තමන්ගේ පුතාට බඹරු විදිනකොට , තමන්ගේ පිට දීලා මැරුණු පිරිමි

    මුලු ගෙදරටම හම්බ කරලා දීලා , අරක්කු පොඩ්ඩක් බීලා මහ වරදක් කරලා වගේ තමන්ගේම ගෙදරට හොරෙන් එන පිරිමි,

    කැඩුන් සෙරෙප්පු දෙකකුයි , හිල් උනු බැනියමකුයි ඇදගෙන තමන්ගේ චූටි දුවව සුරංගනාවියක් වගේ අන්දන පිරිමි

    දවසම නැහිලා , OT කරලා , රට වටේටම ණය වෙලා, ෆිනෑන්ස් කරලා ගත්ත වාහනේ කිසි දෙයක් නොවුනු ගානට wife එක්ක weekend එකේ trip යන පිරිමි,

    අම්මට බෙහෙත් ගන්න සල්ලි එවලා ,තමන්ගේ හැම ලෙඩකටම පැනඩෝල් පෙත්තක් බීලා නිදාගන්න පිරිමි

    නංගිට ලස්සන මගුලක් ගන්න මැදපෙරදිග ගිනි අවුවේ පාරවල් අතුගාන පිරිමි

    අක්කා පංති ගිහින් එනකම් කුඩෙයි ටෝච් එකයි අරගෙන bus holt එකේ හිටගෙන ඉන්න පිරිමි ,

    තමන්ගේ රට වෙනුවෙන් ලේ හලපු පිරිමි ,

    තමන්ව රවට්ටපු කෙල්ල දාලා ගිහින් අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හවසට ඒකිව මතක් කරන පිරිමි

    තමන්ට ලෝකේ පුරා අපහාස කරනකොට ත් , තමන් දවසක් හරි ආදරේ කරපු ගෑණිගේ ගෞරවය ආරක්ශා කරන පිරිමි ...

    කොටින්ම පිරිමි කියන්නෙ කැපකිරීම් වලට කියන තවත් නමක්!

    අද සැමරුම් නෑ , සිංදු නෑ , සැරසිලි නෑ ,සුබ පැතුම් නෑ ..

    මගේ උන් ඔක්කෝටම " HAPPY MEN'S DAY "❤️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    as-ss.gif