මගේ කවි සිත ගොළු වුනාදෙන්...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මගේ කවි සිත ගොළු වුනාදෙන්...

    සඳේ තනියට පුංචි තරුවක්
    ලංව හිඳිමින් හිනැහුනාවෙන්...
    මගේ තනියට නුඹේ රුව ගෙන
    රා සඳ වත දිළිසුනාදෙන්...

    ඈත දුර සිට හමන සුළඟට
    නුඹේ සුවඳම මුසු වුනාදෙන්...
    විහඟ ගීයක වැයෙන තනුවක
    නුඹේ හඬ මට ලං වුනාදෙන්...

    පිච්ච මල් පෙති දෙපෙති අතරින්
    නුඹේ නෙතු මට ලං වුනාදෙන්...
    මගේ නෙත් අග රැඳුන කඳුලත්
    නුඹෙම උණුසුම ලං කලාදෙන්...

    නුඹේ රුව හෙට දකින්නට බැරි
    මගෙ දෙනෙත් පියැවී ගියාදෙන්...
    නුඹේ සෙනෙහහස ලබන්නට බැරි
    මගේ කවි සිත ගොළු වුනාදෙන්...


    ~dreamzd~

    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
     
    • Like
    Reactions: cspmaxx

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මෙ‍යාටත් උඹේ ලෙඩේ බෝ වෙලා වගේ....දවසකට ත්‍රෙඩ් දෙක තුනක් දානවා....:rofl::rofl::rofl:

    hehe me dawas wala tikak free...ekaii heta thamay aye weda patan ganne..:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙ‍යාටත් උඹේ ලෙඩේ බෝ වෙලා වගේ....දවසකට ත්‍රෙඩ් දෙක තුනක් දානවා....:rofl::rofl::rofl:
    :dull: මං දැං අමාරුවෙන් පාලනය කරං ඉන්නෙ දවසකට වැඩිම ත්‍රෙඩ් 2යි දාන්නෙ :baffled:
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    lassanayi :):):)

    මේකෙන් පස්ස් ඔයා කවි ලිව්වෙම නැද්ද :confused::confused:

    ගොඩක් ස්තුතියි....:yes::yes:
    මීට කලින් ලියපු කවි තව ගොඩක් තියෙනවා.. එත් මේක තමා මම අන්තිමටම ලියපු එක.. එතනින් පස්සේ අද වෙනකල් එකක් වත් ලියල නෑ... දැන් අවු 10ක්
    :)