මගේ කවි සිත ගොළු වුනාදෙන්...
සඳේ තනියට පුංචි තරුවක්
ලංව හිඳිමින් හිනැහුනාවෙන්...
මගේ තනියට නුඹේ රුව ගෙන
සරා සඳ වත දිළිසුනාදෙන්...
ඈත දුර සිට හමන සුළඟට
නුඹේ සුවඳම මුසු වුනාදෙන්...
විහඟ ගීයක වැයෙන තනුවක
නුඹේ හඬ මට ලං වුනාදෙන්...
පිච්ච මල් පෙති දෙපෙති අතරින්
නුඹේ නෙතු මට ලං වුනාදෙන්...
මගේ නෙත් අග රැඳුන කඳුලත්
නුඹෙම උණුසුම ලං කලාදෙන්...
නුඹේ රුව හෙට දකින්නට බැරි
මගෙ දෙනෙත් පියැවී ගියාදෙන්...
නුඹේ සෙනෙහහස ලබන්නට බැරි
මගේ කවි සිත ගොළු වුනාදෙන්...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
සඳේ තනියට පුංචි තරුවක්
ලංව හිඳිමින් හිනැහුනාවෙන්...
මගේ තනියට නුඹේ රුව ගෙන
සරා සඳ වත දිළිසුනාදෙන්...
ඈත දුර සිට හමන සුළඟට
නුඹේ සුවඳම මුසු වුනාදෙන්...
විහඟ ගීයක වැයෙන තනුවක
නුඹේ හඬ මට ලං වුනාදෙන්...
පිච්ච මල් පෙති දෙපෙති අතරින්
නුඹේ නෙතු මට ලං වුනාදෙන්...
මගේ නෙත් අග රැඳුන කඳුලත්
නුඹෙම උණුසුම ලං කලාදෙන්...
නුඹේ රුව හෙට දකින්නට බැරි
මගෙ දෙනෙත් පියැවී ගියාදෙන්...
නුඹේ සෙනෙහහස ලබන්නට බැරි
මගේ කවි සිත ගොළු වුනාදෙන්...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**






