මගේ ක්‍රමයට වැඩ කරන්න බැරි අය යන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ක්‍රමයට වැඩ කරන්න බැරි අය යන්න

    රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

    රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    “රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැත. ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකිය. රජය නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතුය. හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැක. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි. රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව” ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද කීය.

    අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය.

    අමාත්‍ය රෙමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.



    elakiri mithurane... mun serama sudda karanna ona .....
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    එතනොල් ආනයනය නවත්තන්න වෙන්නෙ නෑ මොකද එතනෝල් වලින් දුවන වාහන ලඟදිම එනවා.
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එතනොල් ආනයනය නවත්තන්න වෙන්නෙ නෑ මොකද එතනෝල් වලින් දුවන වාහන ලඟදිම එනවා.

    ]


    Not Practical
    Fossil Fuel still available in island wide at cheaper cost.