මම ඉස්සෙල්ලම බිස්නස් එකක් කරන්න පටන් ගත්තේ A/L මුල් කාලේ. බිස්නස් එකක් කරන්න මට මුල පිරුවේ එක දවසක් හිතට ආපු අදහසකින්. මම O/L කරන කාලේදී USB MIC එකක් අරගෙන තිබුනා Dubbing වැඩ වගේකට. මේක රටින් ගෙනාපු Studio Quality Rhode Mic එකක්. එක සැරයක් වැඩ කරාට පස්සේ මේක තිබුනේ Box එකේ දාලාමයි. A/L කාලේ අපේ මේක ආයෙත් පොඩි වැඩකට ඉස්කෝලෙට ගෙනාවා. ඕක දැක්කා අපේ ආර්ට් සෙක්ෂන් එකේ හිටපු කෙනෙක්. මෙයා Track එහෙම Mix කරන Sing කරන කෙනෙක්. මෙයා ඕක සතියකට Rent එකට ඉල්ලුවා. ඒ වෙනුවෙන් රු.2 500ක් දුන්නා. මාත් පොරව වැඩිය දන්නේ අදුනන්නේ නැති නිසා සල්ලි ගත්තා. ඔන්න ඔහොමයි මම කරලා මගේ පලවෙනි ආදායම ලැබුවේ.
ඔහොම ටික දවසක් යද්දී මගේ Mic එක ටික ටික ප්‍රසිද්ද වෙන්න ගත්තා. සින්දු කියන උන් තියෙන උන් එහෙම MIC එක ඉල්ලගෙන යන්න ගියා. හැමෝගෙන්ම 2 500 කෑලි හම්බුනේ නැහැ සමහර උන්ගෙන් 1 000-1 500 එහෙම. ඔය අතරේ මම Facebook Page එකක් හැදුවා Rent My Mic Kandy කියලා. ඒ Page එකෙන් මගේ Business එක තවත් ප්‍රසිද්ද උනා. ගොඩක්ම rent කලේ Campus අයියලා-අක්කලා ප්‍රොජෙක්ට් වලට. මම MIC එක මිලදී ගත්තේ රු. 23 000 කට. Rent කරලා මම රුපියල් 100 000 කට වැඩි ශුද්ද ආදායමක් ලැබුවා.
මගේ හිතේ ලොකුවට බිසන්ස් එකක් කරන්න ආශාවක් තිබ්බට A/L ඉවර වෙනකන්ම කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. A/L අන්තිම දවසේ ගෙදර ගියේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නවා කියන අදිෂ්ටානේ ඇතුව. ටිකක් දවස් කල්පනා කරද්දී මගේ හිතට පොඩි අයිඩියා එකක් ආවා. Camping Essentials Rent කරන Business එකක් කරන්න තමා හිතුනේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම රට හිටියේ. මේ නිසා මට බාදා වෙන්නත් කවුරුත් හිටියේ නැහැ. මම ලග තිබුන සල්ලිත් දාලා බොරුවක් කියලා අම්මලගෙනුත් සල්ලි ටිකක් ඉල්ලගෙන ඕනේ ටික ගත්තා. මම ඉස්සෙල්ලම ගත්තේ Waterproof Ground Sheets 10 කුයි. Tent Mattress 6කුයි.4 Person Tents 4 කුයි. 6 Person Tents 6 කුයි. මම එදා රෑම මගේ බිස්නස් එකට Facebook Page එකකුයි Whatsapp Account එකකුයි හැදුවා. මම දැම්මේ CAMPIA කියලා.පුළුවන් හැමෝටම කියලා Business Promote එක දුන්නා. පලවෙනි සති 2 ඇතුලත එක Call එකයි ආවේ. මම පට්ට විදිහට බය උනා මම Fail කියලා.Call කරපු කෙනා Tent Rent ගැන ඇහුවත් ගන්න ආවේ නැහැ.
පස්සේ තමයි මට තේරුනේ මම ඉන්නේ Hunnasgiriya නිසා වැඩක් ටිකක් ආමාරුයි කියලා. මොකද දුර නිසා කවුරුත් එන්නේ නැහැ. මම ඉස්සෙල්ලම පේජ් එකේ Hunnasgiriya කියන එක වෙනස් කරලා Kandy කියලා දැම්මා. ඊට පස්සේ මම ටෙන්ට් ටික ඔක්කොම නැන්දලගේ KAtugasthota ගෙදරට ගෙනාවා.වෙනස් කරලා දවස් දෙකෙන් Calls 3ක් ආවා.3න් දෙනාම Tents Rent එකට ගත්තා. මාස 3කින් මගේ ලයිසන් එකත් ආව නිසා මගේ වැඩේ තවත් දියුණු උනා. මම ගෙදර තිබ්බ කාර් එකෙන් Kandy අවට Delivery කරන්නත් පටන් ගත්තා.
මේ වෙනකොට මම පොඩි Business එකක් කරනවා කියලා අම්මලට කියලා තිබ්බේ. එයාලත් මට Wish කරා. මාස 1 1/2 දී මට තේරුනා බිස්නස් එක ටිකක් ප්‍රසාරණය කරන්න ඕනේ බව. මම ඒ නිසා තව Camping Essentials මිලදී ගත්තා. Kerosene Lanterns /BBQ Charcoal /Rain Covers /Durbuka Drums /Maracas / Guitar/ Tambourine /Harmonica /Camping Lamps /Camping Chairs /BBQ Grill /Windproof Gas Stove /Pillows /Power Banks /Go Pro වගේ දේවල් එකතු කරාම බිස්නස් තවත් ඉස්සරහට තල්ලු උනා. Electronic බඩු Parents ලට කියලා ගෙන්න ගත්ත නිසා මට මේ වැඩේ තවස් ලේසි උනා. අන්තිමේට මම Nescafe Vending Machine දෙකකුත් ගත්තා Rent කරන්න. Funerals /Parties වලින් නිතරම Machine එක Rent කරා.
ඕකෙන් තමයි මම පලවෙනි අත්දැකීම ලැබුවේ. ඕකෙන් ලබපු ආදයම කිව්වොත් ඔයාල විස්වාස කරන එකකුත් නැහැ. දැනට අවුරුදු දෙකකට කලින් මම මේ මේ Business එක නැවැත්තුවා. මාව Business කරන්න යොමු කරපු MIC එක නම් අදටත් මගේ ලග තියෙනවා. අනිත් බඩු ඔක්කොම වගේ විකුනලා දැම්මා රට යන්න කලින්.
මේක දැම්මේ ගොඩක් අය A/L ඉවර වෙලා සල්ලි හොයන විදිහ අහලා thread දාලා තිබුණු නිසා.මම කරපු Business එක කරන්න නම් යම් කිසි ප්‍රාග්දනයක් ඕනේ. හැබැයි මේකම කරන්න ඕනේ නැහැ.ඕනේ තරම් අවසථා තියෙනවා හොයලා බැලුවොත්.

Last edited: