මගේ කොරෝනා දිනපොත.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන්ලා, මට කොරෝන පොසිටිව් උනා.

    මට ටයිම් පාස්කර ගන්නයි, හදිසියේ මළොත් මොකද උනේ කියල දැනගන්නයි මම මේ නුල අප්දටේ කරනවා.

    2021-11-28 ඉරිදා.
    කිසිම අවුලක් නැති දවසක්. ගෙදර ඉන් න එකම දවස .
    උදේ ඉදන් වැඩටික කරගෙන ගියා. මලු ටැංකිය අස්කරලා කාර් එක හ හෝදලා ගෙදර වද කලා 1.00 වගේ වෙනකල්. මහන්සියි ඉතින්.
    හවස 5.00 සයිට් එකකට යන්න තියන නිසා කාල නිදා ගත්ත. නොර්මල් මම ඉරිදට 2.00-3.30 වෙනලක් නිදා ගන්නවා. අද 4.00 පහුවෙනලක් නින්ද ගියා.
    නැගිට්ටට ඇගට ෆිට් මදි..5.00 විතර වෙන කල් ඇදෙ හිටිය. පොඩි කැස්සක් ආව 5.30 ට විතර ප්ලේන්ටිය ගහල හිටිය . සයිට් ගියේ නෑ.
    6.00 වගේ වෙනකොට කැස්ස හොදටම වැඩි උනා. මම නෝනට කියල කොත්තමල්ලි එකක් හදාගෙන බිව.

    7-8 වෙනකොට උන වගේ.
    9.00 වෙනකොට හොදටම උන.
    පැනඩෝල් බිව්වා. නොනටයි බබටයි වෙනම නිදියගන්න කියල මම වෙනම නිදාගත්තා.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    කොත්තමල්ලි විතරක් නම් මදි පුතී.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම අවුලක් වෙන එකක් නෑ. සැලකිල්ලෙන් පිළිපදින්න ඕනි දේවල් ඉළිපදින්න. සීතලේ ඉන්න එපා. පුළුවන් තරම් උණුසුම්ව ඉන්න බලන්න.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    2021-11-29
    උදේ නැගිටිකොට උන නම් නෑ. ඇගට අමාරුව තියනවා. කැස්ස තියනවා. කටහදත් වෙනස්.
    ලෑස්තිවෙලා වැඩට යන්න කලින් කෝකටත් කියල නවලෝකෙට(කිරිබත්ගොඩ) ගිහින් antigen එකක් කලා.

    පොසිටිව් !

    ok. මක්කොරන්නද ඉතින්. එතනම ඉදල වයිෆ්ට කෝල් කලා. විස්තරේ කිව්වා. contact ටික කොලේක ලියාගන්න කිව්වා මතක් වෙන විදිහට.

    office එකට කෝල් කරලා වැඩ ටික බැලන්ස් කරලා, ගෙදර ආව.

    PHI ට කතා කලා ෆෝන් උස්සන්නේ නෑ.. MSG එකක් දැම්ම උට.
    DR.චන්දිම ජිවන්දර ගේ කිලින්ක් එකට කතා කරලා විස්තරේ කිව්වහම බෙහෙත්රේදී කරලා තියන්නම් කිව්වා 5.30ට කාව හරි එවන්න කිව්වා ගන්න.(පැහැදිලිව කිව්වා වයිරස් එකට බෙහෙත් නෑ, ඔයාගේ අමාරු අඩුවෙන්න, තව විටමින් වගයකුයි තියෙන්නේ කියල-ඒක අගය කරන්න ඕනේ.)
    වයිෆ් ගේ මල්ලිට කිව්වා එනකොට අරන් වරෙන් කියල.

    දැන් ගෙදර වයිෆ් සහ බබා වෙනම මම වෙනම.

    ඇවිත් ලියාගත්තා කන්ටක්ට් ඔක්කොටම කෝල් කරලා විස්තරේ කිව්වා. දවස් 4කත පස්සේ PCR කරගන්නකල් වෙනම ඉන්න කියල.

    office එකෙන් (DOCTOR )බෙහෙත් එවල තිබ්බ. වැඩිපුර තිබ්බේ පැනඩෝල්. පැනඩෝල් පැය 8-8 ගන්නවා.
    සියලු වතුර උණු වතුර.! නෝනගේ නිතිය.

    මම සිරකරු-නෝනා ජේලර්-බබා පොලිස්පති.

    නෝනා තමයි අවතේව කරන්නේ.
    කෙල්ලට හෙන හැපී-ඉස්කූලේ නෑ-අද දවසට 8 GB ඉවරයි.

    දැන් උන නෑ-කැස්ස පමණි.

    හවස මල්ලි බෙහෙත් ගෙනාව. මට පැරසිටමෝල් , විටමින් වර්ග තිබ්බ
    බබටයි නොනටයි විටමින් c+වෙනත් දිඉල තිබ්බ.

    ලෙඩ උනා කියල ඔෆිස් කෝල් අඩුවක් නෑ. "අනේ ඔයාට මොකද උනේ...වලින් පටන් අරන් අර වැඩේ කරගන්නත් එක්කයි කතා කලේ..." ලයින් එකේ තමයි ඉතින්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    2021-11-30
    හොදට නින්ද ගියා. තාම නොනටයි බබටයි සිම්ප්ටම්ස් නෑ..
    මට වෙනසක් නෑ කැස්ස තමයි අමාරු. ඇගට කම්මැලි ගතියක් තියනවා.
    ගෙදර තිබ්බ පල්ස් ඔක්සි මීටරේ අවුල්. අලුත් හොද එකක් ගෙන්න ගත්ත නවලෝකේ යාලුවෙකුට කියක.
    ඔක්සිජෙන් ලෙවල් අවුලක් නෑ තාම.
    කරන්න පුළුවන් ඔෆ්ෆිස් වැඩ ඔක්කොම කලා ඔන්ලයින් ඇන්ඩ් බයි කෝල්.
    හවස් වෙනකොට කම්මැලියි.
    මෙ කාමරේට වෙලා ඉන්න සිඉන් එක පිස්සු හැදෙනවා බන්.

    පැහැදිලිව එපා කියල තියෙද්දිත් ඔෆිස් එකෙන් හෙන බඩු මල්ලක් එව්වා.

    අපේ ඉස්කෝලේ සෙට් එක චැට් එකේ ආතල් දෙනවා.
    බලහන්කො ප්ල්ලෙහැ.
    1638269705137.jpeg