බෙහෙත් ගෙනාව මචන්. හෙට හවස වෙනකොට අමාරුව අඩුවෙයි.(මට උන විදිහට බැලුවොත්)
මට තාම ගද සුවද නෑ..එත් කැස්ස එහෙම සාපේක්ෂව අඩුයි. තාම ඇල්වතුර භාවිතයක් නෑ. පුළුවන් උපරිම උණුවෙන් බොනවා..දැන් පැය 3-3 වගේ steam කරනවා..හෙටින් දීල තියන බෙහෙත් ඉවරයි..
ලොකු ලොකු අවුල් ටික ගොඩ දා ගත්තා..
කෑම ගෙන්න ගන්න කඩයක් සෙට් උනා..අම්මලා මාත් එක්ක අවුල් වැඩේට. එත් මේ විදිහට ඒගොල්ලන්ට රිසක් එකක් නෑ..
පුදුම වැඩේ කියන්නේ , පොඩි එකී කොච්චර කිව්වත් mask එක හරියට දාගෙන ඉන්නේ නෑ..ඉරිදත් දවසම මගෙත් එක්ක හිටියේ, හැබැයි බුදු සරණින් තාම මුකුත් නෑ,,නමුත් එහෙමයි කියල එයා ගැන හොද අවදානයෙන් ඉන්නේ.
තාම PHI කෝල් එකක් නෑ...ලොල් ....
සොරි වෙනඩ ඕනේ, ඊයේ අප්ඩේට් කරන්න බැරිඋනා..
2021-12-03
වයිෆ්ට හොදටම උණ. එයාට මට වඩා හොදටම අමාරු උනා...
පය6-6 ට පැනඩෝල් බිලත් උන අඩුවුණේ නෑ.. කෙලින් ඉන්න බෑ..කන්න බොන්න බෑ..දවල් බත් කැද හැඳි දෙකක් කාල ඔන් ද ස්පොට් ආයේ වමනේ ගියා..
ෆුල් ඩවුන්.
මමත් අනාතයි, හොද වෙලාවට කඩයකින් කෑම සෙට් කර ගත්ත හින්ද යන්තම් ශේප්.නැත්නම් පොඩි එකාට කන්නත් නැතිවෙනවා..
පට්ට අසරණයි බ්‍රෝ ඒ වෙලාවට, මටත් අඩි දෙකක් යන්න බෑ මහන්සියි..
අම්මලට කරදර කරන්නේ නෑ කියල හිතාගෙන හිටියට බැරිම තැන අම්මට කියල තැම්බූන් හොද්දක් හදල ගෙන්න ගත්ත..යන්තම් එකෙන් උගුරු දෙක තුනක් පොවා ගත්ත හවස..
රෑ තිස්ස්සේත් උන.
කැස්ස, හෙම්බිරිස්සාව මුකුත් නෑ එයාට. බඩ අප්සට්, ඇතුලෙන් පෙරළෙනවා වගේ කියනවා.
දිගටම පැය 6-6 ට පෙනඩෝල් දුන්න.
2021-12-04
මට ඇගේ මහන්සිය තමයි අමාරු.
වයිෆ්ට උදේ ඉදන් ටික ටික අමාරු ගතිය අඩු උනා..
හවස් වෙනකොට සෑහෙන්න අඩුයි..
දවල්ට බත් කටක් කෑව. එයාට ගද සුවද දැනෙනවා තාම.. කොහොමත් මටත් ගද සුවද දැනෙන්නේ නැති උනේ උන හොදවෙලා දවස් 2කත පස්සේ..
අද තද උණු වතුරෙන් නෑවා. ඉඳ බෑ බන් ඔලුව කසනවා..
වයිෆ්ටත් අඩු නිසා නාල අවගමන් නින්ද ගියා කියහන්කෝ....4 ඉදන් 5 වෙනකල් ..මෙන්ටල් ප්‍රේසර් එක ගියා මයේ හිතේ..
------
Post added on Dec 4, 2021 at 11:11 PM
අයෙත් සොරි පරක්කු උනාට..
2021-12-05
වයිෆ්ට උණ ගන්නවා බන් දිගටම. පැය 6-6 පැනඩෝල් දුන්නත් අඩුවක් නෑ...හබයෝ තද උණ ගොඩක් වෙලා තියෙන්නේ නෑ..අද දවස එයටම ගියා...
2021-12-06
වයිෆ්ට උණ දැන් ටිකක් වැඩියි. පැනඩෝල් වැඩ කරන්නෙම නෑ වගේ.ගැනිට නගිටගන්නත් බෑ. ඇටකටු ඔක්කොම රිදෙනවා කියනවා..
නවලෝකෙට කතා කරලා(යාලුවෙක්ට) antigen එකක් කරන්න සෙට් කර ගත්තා. මොයි බන් දිගටම උන තියෙන්නේ නෑනේ කොරෝන වලට. මෙයාට හෙම්බිරිස්සවක්වත් කස්සක්වත් නෑ.. මමත් පොසිටිවෙනේ, මෙයාව වෙන කෙනෙක් එක්ක යවන්නත් බෑනේ..
කොහොම හරි ගිහිල්ල වාහනේ තියලම antigen එකක් කලා..මට වත් වාහනෙන් බහින්න දුන්නේ නෑ..
පොසිටිව්!
(තැනක් යු නවලෝකේ බ්‍රෝ ට )
දැන් ගොඩක් හොස්පිටල් වල කොරෝන ලෙඩ්ඩු ඇඩ්මිට් කරගන්නේ නෑ..මම කතාකලා..
නෙවිල් ප්‍රනාන්දු,-නෑ
ආසිරි ඇතුළු පෞද්ගලික- හෝටලයකට යැවීම.(22000+Per day )
කොග්ගල බීච් හොටෙල් එකේ ට්‍රිට්මන්ට් සෙන්ටර් එකට කතා කරලා සෙට් කරගත්තා.(12000+ per day, 10 days min )හෙට උදේ වෙනකොට අඩු උනේ නැත්නම් ඇඩ්මිට් කරනවා.
අදට දවස් 5ක් වෙනවා උන අරගෙන.
දන්නා ඩොක්ටර් ල කිහිප දෙනෙකුට කතා කරා..
2021-12-07
තීරණය වෙනස් කරා , දන්නා කිහිප දෙනෙකුට කතාකරල IDH ඇඩ්මිට් කලා. මොකද මේ තත්වය කොරෝන වලට වඩා වෙනස් වගේ පෙනුන නිසා..
හවස් වෙනකොට ලේ රිපෝට් එකේ හැටියට ප්ලේට්ලේට් බැහැළලු හොදටම.
අනේ මචන් ටිකක් හිතල හෝටල් වලට යවපු නැති එක හොදට ගියා..තාම උන ලෙඩාට, නමුත් සියලු පහසුකම් සහිත රෝහලකනේ ඉන්නේ...
අනික උණ සම්බන්ධ හොදම රෝහලානේ..
බොහොම කෙටියෙන් කිව්වේ තියෙන වෙලාවත් එක්ක..
පස්සේ වෙලාව ලැබුනහම විස්තරාත්මකව කියන්නම්..
මේ වෙලාවේ නම් PHI කෝල් කරලත් ආපු නැති එක නම් මාර වාසියක් උනා...කොයි ඩේ වෙන්නෙත් හොදටලුනේ...
දැන් නම් බයයි මෙයාට කොරෝන වලට අමතරව වෙනත් දෙයක්දත් කියලා..
දන්නා කියන කිහිප දෙනෙකුට කතා
------
Post added on Dec 8, 2021 at 10:08 PM
තැන්ක්ස්
------
Post added on Dec 8, 2021 at 10:09 PM