එල. තමන්ගේ ජීවිතය ගත කරපු විදිහ දිහා හැරිලා බලද්දි තමන්ටම තෘප්තිමත් වෙන්න පුලුවන් නම්, ඒ ගතකරපු පහුගිය ජීවිතෙන් අනාගතයට හොදක් වෙනව නම් ඒක තමයි ලොකුම දේ. මල්ලි බෞද්ධයෙක් නම් ඔය කරපු දේවල් වලට අමතරව 2017 දි දහම් පොත් ටිකක් වැඩියෙන් පරිශීලනය කරලා යම් තරමකින් හෝ ධර්මාවබෝධයක් ලබාගන්න ඉලක්කෙත් දාගන්න. මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ ධනයෙන්, බලයෙන්, තත්වයෙන් විතරක් නෙවෙයි. අධ්‍යාත්මික පැත්ත අපි හැමෝටම තියෙන්න ඕනේ.