මගේ ජෙනරේටර් (Generator) කතාව

iambanda

Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා.
    මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ Chinese ඒවාට යන්න එපා අවුරුදු දෙක තුනක් යනකොට repair cost එක ගත්තු ගානට වැඩි වෙයි කියලා. පොරත් එක්ක මම ගියා කුරුණෑගල ජපන් බඩු ගෙන්නන කෙනෙක් ලඟට. (මචන්ලා මහා පරිමානෙන් ගෙන්නන ප්‍රසිද්ධ තැන් වලට යන්න එපා. උන්ගේ බඩු පට්ට ගණන්) මම ගිය තැන පොර ගෙන්නන්නේ එක සැරේකට container එකයි. පොඩිවට කරන ඩයල් එකක් (මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා). එතන තිබුනා Makita බ්‍රෑන්ඩ් එකේ 2.3 KW ජෙනියක්.
    mono02508746-1.jpg

    ජපානේ use කරපු විදිහටම තිබුනේ clean කරලවත් නෑ පෙට්‍රල් ටැංකියට වතුර ගිහිල්ල තිබුනේ. බෝතලේකට පෙට්‍රල් අරන් set කලාම එක පාරින්ම ස්ටාර්ට් උනා. පොර 50යි කිය කියා ඉඳලා 40කට set කර ගත්තා. මේක 110v එකක් (ජපන් යූස් කරන කෝකත් එහෙමයි). මම කලින් කියපු බාස් ට කියලා 220v convert කර ගත්තා ෆුල් cleanup එකකුත් එක්කම. voltage meter එකකුත් අලුතින් දැම්මා පේන්ට් එකත් touchup කලා. දැන් සුපිරියට වැඩ ගෙදර hot water ෂවර් එක ඇරෙන්න අනික් ඕනෙම එකකට ඇති.

    මගේ සම්පුර්ණ වියදම ජෙනියට 40,000 + බාස්ට (5,000 + වැඩිපුර 2,000) + පේන්ට් 500 + voltage meter 850 = 48,350/=.

    තව මොනවා හරි දැනගන්න ඕනෙනම් අහපල්ලා. :angry::angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    "මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා."

    "මගේ ළඟ contacts නෑ මචන්ලා ඉල්ලන්න එපා"


    ඇයි බන් Contacts නෑ කියන්නේ? Contacts නැත්නම් උඹට කුරුණෑගල ඒ කෙනා ඉන්න තැන හරි මතක ඇතිනේ? ඒකවත් මතක නැද්ද? උඹ ගිය මාසේ නේද ජෙනිය ගත්තා කිව්වේ.:baffled: තැන හරි දන්නවා නම් දාපන්. මේකේ කොල්ලෝ ගොඩක් ජෙනි හොය හොය හිටියා. උන්ට ඒක උදව්වක් වෙයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    සේරම කියලා ගන්න තැනක් කිව්වෙ නැති උනාම අවුල් දුක හිතුනා ප්‍රෙන්ඩ්...ඒක තමා අවශ්‍යම.

    අපෝ අද මූ මොකක් කියලද දන්නෙ නැ කියල හිතාගෙනනෙ ආවෙ? :lol: :lol:
    ඔයා මගෙ හිත කියෙව්වා... 😌😌
    ------ Post added on Jan 7, 2022 at 6:36 PM