මගේ තනිකම

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    ~~ මගේ තනිකම ~~

    දුන් සහසක් පොරොන්දු
    වියැකිලා ගිහිං,
    කඳුළු විතරක් තනිකමට
    තුරුළුවෙලා ඉතිං,
    කියනවා දුක හිතෙන
    කතාවක් හෙමිං,
    අසන්නට ඔබ නෑ ,
    ඔබ මා දමා ගිහිං...

    attachment.php



    මහද දුක්ගිනි ඉහිළුවා ඉතිං,
    කඳුළු තරුකැට වැතිරුණා හෙමිං,
    සිනහ මල් කැන් වියැළිලා ගිහිං,
    ඔබ නැතිව මම හඬනවා දුකිං...

    මියෙනතුරු මා ඉන්නවා ලඟිං,
    කියූ ඔබ අද කොහෙදෝ ගිහිං,
    හඬන මා සිත ඉතිරිලා දුකිං,
    අත්හැර යාවිදෝ මා මේ ජීවිතෙං...

    attachment.php


    සනසවන්න නැහැ
    කිසිවෙකුත් මා ලඟිං,
    සිහිනෙකින් හෝ
    මුදවන්න මා තනිකමිං,
    මගේ සොඳුරිය
    සිතා මා ගැන ආදරෙං,
    එනවදෝ දෝවන්න
    මගේ සිත ස්නේහෙං...


    attachment.php