- මගේ දින පොත -
කාලෙකට පස්සේ මගේ නිදන කාමරය වර්ණ ගන්වන්න ඊයේ මම මගේ කාමරයෙ තිබුන ලට්ට පට්ට ටික එලියට බැහැර කලෙමි... වර්ණ ගැන්වීම අවසන් වූ වහාම යලි පිලිවෙල කරන විට මට හමුවුනේ මගේ පොත් රාක්කයේ මුල්ලකට වන්නට වූ පොලිතීන් බෑගයකි. එය විවර කර බැලු මට දිස් වුයේ මගේ දිනපොත් කිහිපයකි...
මා අතට අහබු ලෙස පත් වන්න වුයේ 2011 දිනපොතයි.. මා එහි පිටු කිහිපයක් කියවන්නට පෙළබුනෙමි. එහි වූ දේ අතර නිසැකව මගේ ජීවිතයේ හොදම කාලය අරම්භයේ අතීතය මට නැවත ආවර්ජනය විය. මගේ මතකයට නැගුනු දේ මම මෙසේ ලඝු කරනෙමි.
*ඉස්සර ජීවිතේ ගැන, ලොකු බරක් පතලක් තේරුනේම නැති තරම් වගෙයි... හරියටම පාසලයි, මීගමුවයි අපේ ජීවිතේ වුණා... උදෙන්ම ගෙදරින් පාසලට, පාසලෙන් මීගමුවට, හවසට මීගමුවෙන් ආයේ මහන්සි පිට අදුර වැටීගෙන එනකොට, ගෙදරට... ඒ අම්මගේ අතින් හදපු බත් කටක් කන්න බලාගෙන...
*පාසලට ගිහින් සමනලයෝ වගේ අපි රෑනක් වෙනවා. උදේට ඉගැන්වීම් කාලච්චේදයක් අවසන් වෙන්නේ කීයටද, අනිත් ගුරුවරයා එනකම් අපි ගෙදරින් ගෙනා කෑම ටික දිග ඇර ගන්නවා නියතයි. සමහර දවස් වලට බැනුනුත් අහනවා. එත් අපිට තියෙන ලෙන්ගතු කමට අපිට කොහොම හරි ටික වෙලාවක් දෙනවමයි. ඉතින් පොරකනවා... සීමිත බත් පතට පොර කනවා...
*ඔහොම අමතර පන්ති සදහා මීගමුව බස් එකේ යනකොට එක එක සෙට් වෙන ගවුම් කෑලි වලට උසුලු විසුලු කරනවා... සමහරුන්ට ඒවා දිරවනකොට සමහරු ඔරවනවා, ගොරවනවා... ආයේ අපි ඉන්න බස් එකකට ගොඩ වෙන්නෙ නම් නැහැ.
* අමතර පන්ති වලට ඇතුල් කරන්න මත්තෙන් කාඩ් ලකුණු කරන විට එකටම යන්නේ ගවුම් කෑලි ටික නිසා කොල්ලෝ සමහර උන් රගනවා... සමහර උන් කොහොම හරි එකක් සෙට් කරගන්න මාර ට්‍රයි එක.
*අමතර පන්ති වලට ගියාට පස්සේ කවුරුන් හෝ සුන්දරියක් දිහා බලාගෙන මොකෙක් හරි ඉන්නවා. තව එකෙක් අන් වස්තු ආශා කරනවා.. ඒ හිමි වෙන් නැති හිමිකරියෝ දිහා බලාගෙන මනෝ ලෝකේ. තව උන් හොරෙන් බලන්න ගිහින් මාට්ටු වෙනවා. ඔහොම තමා ඉතිං, සමහර දාට සර්ට මාට්ටු.
*කොහොම උනත් බොලද කමට කරපු සමහර දේවල් ආයේ කරන්න බැරි වෙනවා නිසැකයි. සමහර අපේ මතකයේ රැදුන අපේ යාලුවෝ ආයේ ජීවිතේට මුණ ගැසෙන්නේ නැතිවේවි.
*සමහර ආදර කතා හීනයක්ම විතරක් වේවි.
" කොහොම වුනත් මම ඒ බොලද අතීතයට තාමත් ආදරෙයි, හැමදාම ආදරෙයි... "

patta.. 