ලංකාව ණයට තෙල් ගන්න යන කටාර් සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ නාමල් රාජපක්ෂ…
ඒ තමන් නොවන බව නාමල් කියයි…
කටාර්හි වෙළඳ සමාගමක තමන් සාමාජිකයෙකු බව පවසමින් පලවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ද කියා සිටියි.