මගේ පළවෙනි කෙටිකතාව
සුමී - නොදුටු රුවැත්තිය
"ඒයි, ඔයාට තේකක් ඕනද? කිරි තේකක්?"
"කමක් නෑ ගේන්නකො පැටියො දෙන්නම එක කෝප්පෙ බොමුකො"
මැයි මාසෙ ගෙවිල මාසයයි. මැයි මාසෙ රතු මැයි මල් ලස්සනට පිපිල තියෙන දවසක ඒ විදියටම ලස්සන මූණෙ මැයි මල් පරදන හිනාවක් පළන්දගෙන සීතල උඩරට උණුසුම් නැවුම් බලාපොරොත්තුත් තුරුළු කරගෙන සුමී එයාගෙ ගෙදරට ආවෙ මැයි මල් පාටම රතු සාරියක් ලස්සනට ඇඳගෙන.
ඒ විදියට පෙම් සුව විඳින ගමන් කුරුලු ජෝඩුවක් වගේ ඒත් මහා මන්දිරේක වෙලා සුමීගෙත් එයාගෙත් ජීවිතේ ගෙවුණෙ එක කෝප්පෙ එකම කිරි තේ එක බීලා කිරි පැණි වගේ, පොකුණක ඉන්න එකම මාලු ජෝඩුව වගේ.
සුමී හරි ලස්සනයි. චොකලට් පාට හැබැයි සීතල හිමකඳු තියෙන ස්විට්සර්ලන්තෙ චොකලට් ම පාට නිසා දෝ කොහෙද එයාගෙ හිතත් ඒ වගේ ම ලස්සනයි. චොකලට් මෘදු වගේම සුමීගෙත් හිත මෘදුයි. හිමකඳු වල තියෙන හිම සුදෝ සුදට අහිංසක පාටට තියෙන්නා වගේම සුමීත් අහිංසකයි. ඊටත් වඩා ලස්සන ඇස් දෙක. බළල් පැටියෙක්ගෙ වගේ ඇස් දෙක ලොකුයි. ඒ ලස්සන ලොකු ඇස් දිහා බලාගෙන කෙනෙක් බවුන් වැඩුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ලස්සන කොණ්ඩයකුත් තියෙනව මහ මිනිහෙක්ට වුණත් පොඩි ළමයෙක් වෙලා ඒ කොන්ඩෙ එක්ක සෙල්ලම් කරන්න තරම්.
"ඒයි ඔයාට බැරිද අර සුදු වෙන ක්රීම් එකක් ගාන්න...?"
"ඇයි ළමයෝ ඒ?"
"ඉතින් ඔයා අව්වෙ පොඩ්ඩක් ගියත් කලු වෙනවනෙ"
එයා පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියෙ සුදු හීන්දෑරි අක්බඹරු කොණ්ඩයක් තියෙන ගෑණු ළමයෙක්ට. එයා ගොඩක් ආදරේ කරන අම්මයි අක්කයිත් ඒ වගේමයි. එයා ඉස්කෝලෙ යන කාලෙම පෙරුම් පුරල පුරල යාලුවෙලා, සුමී කැන්දන් ආපු මැයි මාසෙට කලින් මැයි මාසෙ, පුදුමයකට වගේ රතු මැයි මල් නොපිපුණු මැයි මාසෙ දි තරහවෙනකම්ම ළඟින් හිටපු කෙල්ලත් ඒ වගේමයි ටිකක් උස වුණාට.
මන්දිරයක ජීවත් වුණත් ඇති තරම් සල්ලි බාගෙ තිබුණත් සුමී හැම තිස්සෙම එයාගෙ බිස්නස් වලට උදව් වෙන්න හිතුවා. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම බිරිඳ ඉන්නවා කියන එක හිතට අරන් වගේ. එයා වැඩට යනකොට තමන්ගෙ අත් වලින් උයපු කෑම එක දීල හාදුවක් දීල ගෙදර වැඩකටයුතු තනියමම කරගෙන තමයි සුමී එයාගෙ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න උදව් කළේ. ඒ විතරක් ද හිමීට බිස්නස් වැඩ ගැන අහන්නයි හොරාට වගේ යෝජනා ඉදිරිපත් කරන්නයි වුණත් සුමී අමතක කළේ නැහැ. සුමී ගාව තිබුණු මුදල් වලින් කොටසක් එයාට හදිස්සියක් වුණ වෙලාවට සුමී හොරාම බැංකුවට දැම්මා. ඒ සල්ලි ආවෙ කොහෙන්ද කියල එයා අදටත් දන්නෙ නෑ.
"අද බිස්නස් හරි වාසියි.. මහන්සියි ගේනවද මට තේකක්?... ඔයාටත් එකක් හදාගන්න"
"ආ කිරි තේකක්ම හදන්නද? කෝමද අද එච්චර වාසි.."
"වාසනාව තමයි.. හදිස්සියකට සල්ලි ඕන වෙලා බැලුවාම පුදුමෙකට වගේ බැංකුවේ සල්ලි තිබ්බා.. බාග වෙලාවට සල්ලි මදි වගේ කිව්වාම අම්ම හරි අක්ක හරි දාන්න ඇති මට නොකියම"
ඒ වෙලාවට සුමී ගෙ මූණෙ හිනාවක් ඇඳුණා විතරයි.
සුමී එයාගෙ ගෙදර එනකොට එයා නැතිවෙලාවට තනියටත් එක්ක එයාගෙ husky බලු පැටියවත් අරන් ආවා. මුල් දවස් ටිකේ ගේ ඇතුලේ ඉන්න ඌට පුලුවන් වුණාට ඌ සෙරෙප්පු, රෙදි එහෙම හපන නිසා එයාට බලු පැටියා allergic පීනස වගේ එනව කියල බලු කූඩුවට දැම්ම husky පැටියට දැන් දුවන්නත් නෑ ඒ මදිවට වැස්සාම හිරිපොදත් කූඩුවට එනවා. සුමී ට ඒ ගැන ගොඩක් දුක හිතුණත් එයාගෙ allergy එක නිසා ඒ ගැනයි හිතුවෙ.
"මේ දැක්කද අර සමන්තා ලා ගෙ දරු පැටියා... ලස්සන කොලු පැටිය.. අපිටත් ඉන්නව නම් හොඳයි නේද?"
"ඔව් ඉතින් දරුවොත් හදන්න එපැයි."
සුමී අහිංසකම අහිංසක ලැජ්ජාශීලී අලුත පිපෙන ලා රෝස පාට මල් පොහොට්ටුවක් වගේ වුණාට රෝස මල් පොහොට්ටුවක් වගේ වුණාට රෝස මල් පොහොට්ටුව පිපිලා වසන්තයේ පිණි බිඳු වලින් තෙමිලා ඒ පිණි බිඳු පිහිදන්න බඹරෙක් එයාගෙ පියාපත් අරන් එනකම් බලන් ඉන්නවා වගේ සුමීත් ආසයි ආදරයේ උණුසුම විඳගන්න.
ඒත් ගොඩක් දවස් වලට එයා එනකොට මැදියමත් පහුවෙලා. හරියටම යක්කු ගස් නගින වෙලාවෙ, මහන්සියට මූණත් ටිකක් විරූපි වෙලා ඒ වගේමයි. ඒ නැතත් වෙන දවසක නම් නින්ද යනකම් කල්පනා කර කර ඉන්නවා සිවිලිමයි ටයිල් ටිකයි මූට්ටු කරගන්න වගේ. එහෙම ආදර උණුසුමක් සතුටක් ඇති වුණා නම් එහෙමත් දවසක ඒ නිසා තනියම පොරවන රෙද්දත් පොරවගෙන සුමී නිදියන්නෙ මුහුද හම්බුවෙන්න බැරිව නිසසංලව ඉන්න දොළ පාරක් වගේ. එතකොට ඉබේම හෙළන සුසුම හරියට කාන්තාරයක් පීරාගන හමා යන මද පවනක්, සුළං රැල්ලක් වගේ.
එයා වැඩට යනකොට එහෙම අර වගේ එයා ආස සුදුම සුදු හීන්දෑරි කෙල්ලො දිහා නොදැනුවත්වම බැලෙනවා. ඒ නොදැනුවත්වම වුණත් සාරිය නිසාම සුදට සුදේ නාභිය හරි ඉනවට හරි කරවට හරි පෙනෙයි නම් ආසාවෙන්ම බලනවා. එතකොට එයාට මතක් වෙන්නෙ ආසාවෙන් ආදරේ කරපු සුදු ම සුදු පහුගිය මැයි මාසෙදි පරවුණ ඒ අරලියා මල.
සුමී මේ මැයි මාසෙදි පිපුණ වුණාට ඒ පරවුණ අරලියා මල ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ. එහෙනම් අඩුගානෙ එයා කවදාවත් මේකප් නොකළත් නංගිගෙන් හරි ඉල්ලගෙන සුදු හඳුන් ටිකක් හරි ගාන්න තිබුණා. නැත්නම් අයියට කිවුවත් ගෙනත් දෙනවනෙ. එයා ගෙදර නැති වෙලාවට සුමී කරන්නෙත් අයියටයි නංගිටයි කතා කරන එක තමයි.
"සුමී කෝ තේ එක, මට පරක්කු වෙන්නෙ නැද්ද?"
"ඔයා බෙහෙත් ගේන්න යනව කියල මට නම් නිවාඩු දාන්න බෑ හරිද?"
සුමීට මේ මොකුත් තේරෙන්නෙ නෑ. ආදරය කරනව ඇරෙන්න උදව් කරනව ඇරෙන්න ඉවසනව ඇරෙන්න වෙන මුකුත් කළේ නෑනෙ.
සුමී ඇත්තටම සුදු හඳුන් ගාන්න ගත්ත. අලුත් විලාසිතාවට ඇඳුම් අඳින්න ගත්ත. වෙනදට වඩා උනන්දුවෙන් එළවලු පාත්ති වල වැඩ කළා. තව තව මල් වැව්වා. එයා වැඩට යනකොට ගේට්ටුව වෙනකම් පාර දෙපැත්තෙ පේන්න මල් පඳුරු වැව්වා.
ඒත් එයා එන්න එන්නම හිතින් බැඳුණෙ අර පරවුණ අරලියා මල එක්ක. කොටින්ම සුමී ගෙ උපන් දිනේ දවසෙ සුමීට සෙරෙප්පු ජෝඩුවක් විතරක් අරන් දීල එයා ආස කරන ඒ වගේ සුදු හීන්දෑරි පොකුටු කොණ්ඩයක් තියෙන හින්දි නිළියක්ගෙ ෆොටෝ එකක් නිදන කාමරයෙන් එල්ලා ගත්තා.
සුමී වැඩ කරලම එළියෙ ඉඳලම අර ලස්සන චොකලට් පාට අඩුවෙලා ලස්සන ලොකු හා ඇස් දෙක වටේ තරමක් අඳුරු වෙලා හරියට එයාගෙ ලෝකයත් ටික ටික අඳුරු වෙලා යනව වගේම. හිතේ දුකටදෝ මන්දා අර ලස්සන කොණ්ඩෙ, සමහර විට එයා ඒ කොණ්ඩෙ එක්ක පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන්නවත් පීරන්නවත් ඕනෑ කමක් නොකරපු නිසා කොණ්ඩෙටත් දුක හිතිලද කොහෙද කොණ්ඩෙත් ටික ටික අවර්ණ වෙලා. සුමීට ඒක තේරුම් ගන්න බැහැ. සුමීට ඕන වුණේ ඒවා තේරුම් ගන්නත් නෙවෙයි එයාව තේරුම් ගන්නයි.
"මේ මොන මළ වදයක් ද? පාඩුවෙ ඉන්නවකො මගේ වැඩවලට ඇඟිල් ගහන්නෙ"
"නෑ ළමයො මම ඔයාට උදව්වක් කරන්නනෙ හැදුවෙ"
"උදව්? තෝ නිසා තමයි මට මුල ඉඳලම වැරදුනේ.. මගේ යකා අවුස්සන්නෙ නැතුව බැහැපං එළියට"
එක දවසක් හයියෙන් අකුණු ගගහා වහින දවසක , මූසල අන්ධකාරයක් ලෝකෙම වෙළාගෙන ඉන්න වෙලාවක සුමී ට එයාගෙන් අහගන්න වුණේ ඒ වචන. අර ගහන අකුණු අහසෙ නෙවෙයි සුමීගෙ පපුව ඇතුළෙයි කොටන්නෙ කියලයි සුමීට දැනුණෙ. ඒ ලස්සන ඇස් වලින් කඳුලු බිඳු රූරනකොට ඒ කඳුලු බිංදු එළියෙ වහින මුරුගසන් වරුසාවටත් වඩා ඝන බව කෙනෙක් බලං උන්න නම් පෙනේවි.
සුමී එළියට බැහැලා ගෙයි ඉස්සරහ තියෙන මැයි මල් ගහ යට වාඩි වෙලා ඔලුව දණිස් උඩ තියාගෙන හිටියා. එයාගෙ ඇස්වල ඉඳන් කම්මුල් සිපගෙන ගලන්නෙ සීතල වැහි වතුරද කඳුලු උණු වතුරද කියන්න වැස්සට මැයි මල් අත්ත උඩ වහල හිටපු ගේ කුරුලු ජෝඩුව වත් දැනන් හිටියෙ නැහැ. ඒත් මැයි මාසෙ පීදෙන්න වෙර දරන ලැජ්ජාශීලී අහිංසක ලා රෝස මල් පොහොට්ටුවක් වුණ මේ මනුස්ස දුව ඇයි දැන් මහළු වෙලා පෙති හැලිච්ච වකුටු වෙච්ච පාට වැහැරුණු ඕකිඩ් මල්ක වගේ ඇයි කියල උන්ට හිතෙන්න ඇති. සත්තු වුණත් දුක හිතෙන්නත් ඇති. ඒකයි සමහර විට සුමීව තනිකරල දාල ඉගිලිලා නොගියෙ.
මුරුගසන් වරුසාව චිරි චිරියක් වෙනකොට මූසල අඳුර යන්න යනකොට අකුණු හඬ නෑසෙද්දි සුමී ගාවට කවුදෝ ආවා වගේ සුමීට දැනුණා. ඒත් වැහි වතුර නිසා හරි කඳුලු නිසා හරි ඒ කාගෙ මූණද සුමී දැක්කෙ නෑ. කඳුලු හරි වතුර හරි පිහිදාගෙන බලන්න තරම් හයියක් ඒ වෙලාවෙ, ඊයේ වෙනකන් හොඳ හයියට හිටපු සුමීට තිබුණෙ නෑ. ඒත් ඒ කවුදෝ එක්කෙනා කතා කළා.
"සුමී, අද ඔයා හරිම ලස්සනයි."
"නැගිටින්න."
එහෙම කියල අත දික් කළා. එතකොට හිතන්නෙම නැතුව ඒ අත අල්ලගන්න අලුත් හයියක් සුමීට ආවා. අත අල්ලගන්කොටම මේ වැස්සෙ සීතලේ වුණත් අත විතරක් නෙවෙයි මුලු ආත්මයම උණුසුම් කරන උණුසුමක් සුමීට ඒ අතේ දැණුනා.
බැනල එළියට දැම්මට සුමී කොහේ ගියාද බලන්න එයා ඉස්සරහ ජනේලෙන් මලානික උකුස්සෙක් වගේ මැයි ගහ දිහා බලන් ඉන්නවා.
සුමී අර එක්කෙනාගෙ අත අල්ල ගෙන නැගිටලා ඇස් දෙක පිහිදා ගත්ත. එතකොට තමයි සුමී ඒ හුරු පුරුදු මුහුණ දැක්කෙ. ඒ එක්කෙනා එයාගෙ කබායයි ෂර්ට් එකයි දෙකම හීතලේ ගැහි ගැහි හිටපු අහිංසක මුවැත්තියට පෙරෙව්වා. දෙන්නම ඇවිදගෙන හිමීට ඇවිදගෙන අර උණුසුම් අත් දෙකින් අත් දෙක අල්ලගෙන ඉස්සරහටම පිය මැන්නා. සෙවණට හිටපු මැයි මල් ගහෙත්, මේ මැයි මාසෙ නොවුණත් ලස්සන මැයි මල් දෙකක් රතුවට රතුවෙ පිපිල තිබුණා. සුමී වවපු ඒ මල් ගස්වල ලස්සන මල් හෙමීට හුළඟක් නැතිවම වගේ දෙපැත්තටම ලතාවට වැනුනෙ "සුබ ගමන් සුමී" කියන්න වගේ. අර කූඩු කරල හිටපු husky පැටිය (එයා දැන් ලොකුයි) දම්වැල කඩාගෙන ම අර දෙන්නා පස්සෙ කකුල් වලට අලුත් ජවයක් ඇවිල්ලා වගේ දුවගෙන ආවා. දෙන්න එකක්ම ගේට්ටුව අරිනකොටම ඒ දිරපු ගේට්ටු පලු දෙනම මහ හඬින් කඩාගෙන වැටුණෙ හරියට ඒ මහ මන්දිරයයි මතකයයි ආයෙ නොඑන්නම කඩාගෙන වැටෙනව වගේ.
මේ සේරම බලාගෙන හිටපු එයාට හරි සතුටක් දැනුණා. එයා ඇඳුම් එතනම උනා දාලා ගිහින් අර නිදන කාමරේ සුදු හීන්දෑරි පින්තූරය ගලවගෙන ඒක තුරුලු කරගත්තා.
ඊට එහා වෙච්ච දෙයක් කවුරුවත් දන්නෙ නෑ. ඒත් පරවුණ අරලිය මල එක්කම එයත් පරවුණ බවත්, සුමී ගේට්ටුවෙන් පිටවෙනකොටම අර මැලවිච්ච ඕකිඩ් මල වෙනුවට කලින් ලා රෝස පාට පොහොට්ටුව පිපෙන්න පටන් ගත් බවත් අර එදා ඉඳන් ආදරයෙන් මේ සේරම බලන් හිටපු ගේ කුරුලු ජෝඩුව නම් දකින්න ඇති.
-නිමි-
එක්කෙනෙක් මේ මාතෘකාව යටතේ කතාවක් ලියන්න කිවුවා. ඉතින් මම ලිව්වා. වැරදි ඇති. සමහර විට තේරුමක් නැතිව ඇති කියවන්න අමාරු ඇති. ඒ පිළිබඳව සමාවෙන්න.