maara dukai machan uba e kellata godak adare una bawa penawa eth gedara aya ekkama uba ekige yaluwek widiyata yanna tibunee.... shik meka nikan kiyawala iwara unama eka mata una wage ban... antimata hoda husmak ariya.... ela kollek antima mohota wenakan eki laga ubata inna tibene gedarata kiyala ......
මම මාසයක් විතර ඔහොම වැඩේ කරගෙන ගියා.මට දැන් මේක පරක්කු නොවී අහන්න ඕනි කියල හිතුන.ඒකිට නම් කලින් කොල්ලෙක් හිටිය කියල මට කියල තියනව.හැබැයි දැන් නම් නෑ කියල දන්න නිසා මට ෆිට.හැබැයි වැඩේ දෙල් වෙලා යයිද කියල පණ බයයි.ඒ අහන්නෙ නැතුවත් බෑ.දවසක් විතර කෙල්ලට මැසේජ් කොටල නිදාගන්න හදනකොට වෙලාව පාන්දර 2යි.කෙල්ල අන්තිමට මට කිව්ව හිරා ඔයාව ලැබෙන කෙනා නම් හරිම වාසනාවන්තයි කියල.ඔන්න නියම time 1 කියල මට හිතුණ.මම ඇහුව ඒ කෙනා ඔයා වෙන්න කැමතිද කියල ගැම්මටම.මම හිතුවෙ කෙල්ලට මළ පනියි කියල.ඒ උනාට කෙල්ල කිව්ව් මට ඒ වාසනාව දෙවියන්වහන්සේ දීල නෑ.GN TC God bless....!.ඊට පස්සෙ ෆෝන් 1 ඕෆ් කරා.
මට රෑ එලිවෙනකන් නින්ද ගියේ නෑ.මම හිතුවෙ කෙල්ල බොරුව දාල පස්සෙ කැමැත්ත දෙයි කියල.පහු වෙනිද මම කෙල්ලට ඇත්ත සිද්දිය කිව්ව.කියල I love u කියලත් කිව්ව.මාර සීන් 1 තමා උනේ.කෙල්ල කිව්ව.I'm sorry Hiraa.... ඔයාට මම ඇත්ත කියන්න තමයි හිටියෙ. ඒත් ඔයටත් මම කැමති නිසා කිව්වෙ නෑ කිව්ව.මට තරු පෙනුන.මම ඇහුව මොකක්ද ඔය ඇත්ත කියල.කෙල්ල කිව්ව එයා එක්ක තරහ වෙන්නෙ නෑ කියල promise වෙන්න කියල.මම ඉතින් හා කිව්ව.මෙන්න ඉතින් කෙල්ල ඊට පස්සෙ සීන් 1 කිව්ව.එයාට මොකක්ද පිළිකාවක් තියනවලු.ඒකලු එයා නවලෝක එකේ හිටියයෛක්මනට මහත් උනෙත් ඒ නිසාමලු.සීන් 1 දැනගත්තට පස්සෙ කොල්ල cut උනාලු.මට මතක් උනේ A walk to remember film 1.මම ඒකෙ කොල්ල වගේ ගැම්මටම කිව්ව මම ඔයාට ඒත් කැමතියි කියල.ඒ උනාට මම කිව්වෙ හිතට එකඟවමද කියල මම දන්නෙ නෑ.හැබැයි කෙල්ල කැමති උනේ නෑ.මටත් ඇඬුන අම්බානෙකටම.කෙල්ල කැමති උනේ නැති 1 හොදයි කියල මටත් හිතුන.මොකද film වල නවකතා වල කරන ඒව සැබෑ ජීවිතේ කරන්න අමාරු නිසා.
මට එදා තරම් දුකක් කවුරුවත් නිසා ඇති වෙලා නෑ.මම ගෙදර ඉන්න බැරි නිසා වැව් බන්ට් 1ට ගිහින් කවුරුවත් නැති නිසා පොඩි එකෙක් වගේ ඇඬුව ඇති වෙන්න.කෙල්ලට එදායින් පස්සෙ මම කිසිම ලව් ටෝකක් දෙන්න ගියේ නෑ.එයත් හැම වෙලාවෙම හිටියෙ පල්ලියෙ.එයා කතෝලික.මම බෞද්ධ. එයාට 2010 ඔක්තෝබර් මාසෙ වගේ වෙනකොට ගොඩක් අමාරු උනා.මම එයාව බලන්න මහරගම පිළිකා රෝහලටත් ගියා.එයා ගොඩක් වෙනස් වෙලා එතකොට. පරණ ලස්සන අඩු වෙලා. හැබැයි ඒත් එයා එයාමයි. මට එයාව දැක්කම කතා කරගන්න බැරි උනා.එයා ඇඬුවෙ නෑ.සතුටින් ඉන්නව කියල පෙන්නන්න හැදුව මට.මට B කිව්ව ඔයා ගොඩක් හොඳ යාලුවෙක් කියල.ඒ වාට්ටුවෙ හිටියෙ එයා වගේම ජීවත් කරවන්න අමාරු ලෙඩ්ඩු.මම එයාව බලන්න දවස් 3ක්ම ගියා.3 වෙනි දවස වෙනකොට එයාට ගොඩක්ම අමාරුයි.දවස් 2ක් ඊට පස්සෙ යන්න බැරි උනා බලන්න.ඊලඟ දවසෙ යන්න හිතන් හිටියෙ.ඒ යන්න උනෙත් නෑ.ඊට පහු වෙනිද ආදරය කරන කෙනෙක්ට එන්න තියන නරකම ආරංචිය මට ආව.මට එයාගෙ මළ ගෙදර යන්න බැරි උනා.මම එයාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ.අපේ නැන්දල ගියා කියල අපේ අම්මට කෝල් කරනව මට ඇහුන.මට ඉතින් කරන්න දෙයක් තිබ්බෙ නෑ.හොයන් ගියොත් නැන්දට මාට්ටු.
මේ වගේ චාටර් සීන් 1ක් නම් මම වෙයි කියල කීයටවත් හිතුවෙ නෑ.මට තියන ලොකුම දුක තමයි මගේ ගාව Bගෙ ෆොටෝ 1ක් වත් නැති 1.එදා පාටියෙදි පැත්තෙන් වැදිච්ච 1ක් විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ කෙල්ලො එක්ක කතා කරන්න තිබිච්ච බය නම් නැති උනා.මට කවදාවත් එයාව අමතක වෙන්නෙ නෑ.මේ වගේ සීන් 1ක් හතුරෙකුටවත් වෙන්න එපා.

මොනව උනත් ආයෙ එයා එන්නෙ නෑනෙ මචන්ස්ල........ මට එයව අන්තිම වතාවට බලන්න යන්න බැරි වෙච්ච 1ට අදටත් දුක් වෙනව




ඇත්තටම දුකයි බන්............ජීවිතේ ඔහොම තමයි බන් ඔවා ගනන් ගන්න එපා............උබට හොද කෙල්ලෙක් හම්බවෙයි දැන් ඔක අමතක කරල දාන්න ජීවිතේ තියෙන්නේ විදවන්න නෙමේ විඳින්න
