ගේම් එක අනුව තමා, Control වගේ ගේම් වල Ray Tracing උපරිමයට දැම්මම ෆ්‍රේම් රේට් එක සෑහෙන්න බහිනවා. හැබැයි ගේම් එකෙන් හොඳ DLSS එකක් දීලා තියෙන නිසා බය නැතුව Performance (කොලිටිය අඩු එක) දාලා ෆ්‍රේම් රේට් එක ඩබල් කරගන්න පුලුවන්, කොලිටි ලොස් එකක් පේන්නෙම නැති තරම්. Red Dead Redemption 2 වගේ Ray Tracing නැති සමහර ගේම් වල කතාව වෙනස්. ෆ්‍රේම් රේට් එක වැඩි උනාට පික්සෙල් වල Artifacts හොඳට පේනවා, Anti Aliasing වැඩි කලාට බොඳ වෙන එක විතරයි වෙන්නෙ. ඒ වගේ ගේම් වල බැරිම තැන DLSS ඔන් කලොත් Quality (කොලිටිය වැඩිම එක) එකට දානවා මිසක් ඊට වඩා යට ඒවට යන්න එපා.
Quality = High
Balanced = Medium
Performance = Low
Ultra Performance = Ultra Low
High පැත්තට යනකොට පික්සෙල් වල තියුණු ගතිය වැඩියි, ෆ්‍රේම් රේට් එක අඩුයි. Ultra Low පැත්තට යනකොට පික්සෙල් වල බොඳ ගතිය වැඩියි, හැබැයි ෆ්‍රේම් රේට් එක වැඩියි.
හොඳම වැඩේ Balanced (Medium) එකට දාලා පටන් අරන් ඕන ෆ්‍රේම් රේට් එකට එනකන් අඩු වැඩි කරන එකයි.