මගේ සින්දුව "යන මග" views 5000යි!

Jan 18, 2017
252
69
0
මගේ සින්දුව "යන මග" views 5000යි!



යාලුවනේ, මම සතියකට කලින් release කරපු සින්දුව "යන මග" ට දැන් වෙනකොට views 5000ට ලගයි!

මේක එච්චර ලොකු ගානක් වගේ නොවෙන්න පුලුවන්, හැබැයි මට ඒක ලොකු සන්ධිස්ථානයක්!

අවුරුදු 10කට කලින් මම නිකන් ගෙදර fun එකට සින්දු කිය කිය හිටියේ. ඒ කාලේ මට එච්චර හොදට කියන්නත් බැහැ. සමහර විට මගේ ගෙදර කට්ටියත් ඇහුවා මේ මොන මගුලක්ද කරන්නේ කියලා! ඉතින් අවුරුදු 10කට පස්සේ මම ලියපු සින්දුවක් සතියකින් මිනිස්සු කීප දහසක් ඇහුවා කියන එක මාර feeling එකක්.

ඉතින් සින්දුව අහල කරපු share කට්ටිය ඔක්කෝටම සිතූති. තාම අහල නැත්තම්, මේ ඉරිදා ඕගොල්ලො කැමතිම drink එකක් එහෙම දාගෙන, සින්ඩුව අහල බලන්න. අහල හිතට වදිනවානම් යාලුවොන් එක්කත් කරන්න. මම වගේ අලුතෙන් පටන් ගන්න ලට ඒක ගොඩක් වටිනවා!

:love:
 
Last edited: