මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි

    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේ යයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහි මත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේ යයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේ යයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහි මත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වේ යයි
    මනින්නට ඔබ උගෙන නැත තව . . .

    හරිම ලස්සන ගීතයක්
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලස්සන ගීතයක්.
    තේරුම (මට දැනෙන විදියට ):

    මේ දෙන්නට ලස්සන අතීතයක් තිබිල තියෙනව.. විරහවක් නෑ.
    ප්‍රාර්ථනා කරපු විදියටම දෙන්න එක් වෙලා.. විවාහයෙන්.

    ඒත් ඔහු මුළු හිතෙන්ම ආදරය කලත්
    ඇයගෙ ආදරේ කොහිද? ඇය ඔහුගෙ ආදරයට සංවේදී නෑ වගේ.

    ඔහුට හිතෙනව, ඔහු මියගිය දාට
    ඇයට දැනේවි ඔහුගෙ ආදරය ..


    ගොඩාක් අයට මෙහෙමයි නේද..
    ලඟින් ඉන්නකල් ආදරේ දැනෙන්නෙ වත් නෑ.. දැනුනත් .. අනිත් කෙනාට සංවේදී වෙන්න ඕනි කමක් නෑ..
    අන්තිමට ඒ ආදරේ නැති උන දවසට තමයි තේරෙන්නෙ තමන්ගෙ ලඟින් ගෙනත් තියල තිබුනෙ කොයි තරම් සුන්දර සෙනෙහසක් ද කියල.
    තමන් ලඟ ඔහු ගෙනැත් තිබ්බෙ කොයි තරම් සොඳුරු දයාබර බවක් ද කියල....
    ඒත් එතකොට ප්‍රමාද වැඩියි.


     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    චගු;10517820 said:
    ලස්සන ගීතයක්.
    තේරුම (මට දැනෙන විදියට ):

    මේ දෙන්නට ලස්සන අතීතයක් තිබිල තියෙනව.. විරහවක් නෑ.
    ප්‍රාර්ථනා කරපු විදියටම දෙන්න එක් වෙලා.. විවාහයෙන්.

    ඒත් ඔහු මුළු හිතෙන්ම ආදරය කලත්
    ඇයගෙ ආදරේ කොහිද? ඇය ඔහුගෙ ආදරයට සංවේදී නෑ වගේ.

    ඔහුට හිතෙනව, ඔහු මියගිය දාට
    ඇයට දැනේවි ඔහුගෙ ආදරය ..


    ගොඩාක් අයට මෙහෙමයි නේද..
    ලඟින් ඉන්නකල් ආදරේ දැනෙන්නෙ වත් නෑ.. දැනුනත් .. අනිත් කෙනාට සංවේදී වෙන්න ඕනි කමක් නෑ..
    අන්තිමට ඒ ආදරේ නැති උන දවසට තමයි තේරෙන්නෙ තමන්ගෙ ලඟින් ගෙනත් තියල තිබුනෙ කොයි තරම් සුන්දර සෙනෙහසක් ද කියල.
    තමන් ලඟ ඔහු ගෙනැත් තිබ්බෙ කොයි තරම් සොඳුරු දයාබර බවක් ද කියල....
    ඒත් එතකොට ප්‍රමාද වැඩියි.


    සිංදුවට තරම්ම මෙ විචාරයත් ලස්සනයි