මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි!

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි!

    gg63924199.jpg


    බොහෝම ඉස්සර එකමත් එක රටක හිටියා බොහෝම කඩවසම් කුමාරයෙක්. මේ කුමාරයගේ පරම්පරාවට නපුරු මායාකාරියක් ශාපයක් කරලා තිබුනා. මේ ශාපේ හැටියට මේ පරම්පරවේ කුමාරයන්ට විවාහ වෙනකන් අවුරුද්දකට කතා කරන්න පුලුවන් එකම එක වචනයයි.
    ඒත් එක අවුරුද්දක් කතා නොකර හිටියොත් ඒ කතා නොකර හිටපු වචනෙත් එක්ක වචන 2ක් කතා කරන්න පුලුවන් ඊට පස්සේ අවුරුදේ (මේ කාලේ වෙනකොට ගොලු භාශාව කියල දෙයක් තිබුනෙත් නෑ,ලියන විදිය හොයා ගෙන තිබිනෙත් නෑ)

    ඉතින් මෙහෙම ඉන්නකොට කුමාරය දැක්ක ලස්සනම ලස්සන කුමාරියක්. රතු පාට තොල්,තද කලු පාට දිග කොණ් ඩේ,නිල් පාට ඇස් දැක්ක කුමාරයා කුමාරිට වශී වුනා. මෙයා හිතුවා කවදා හරි බදින්නේ මේ කුමාරිවම තම කියලා.
    ඉතින් මෙයා හිතුවා කොහොම හරි අවුරුදු 2ක් කතා නොකර ඉදලා කුමාරි ලගට ගිහින් "මගේ සොදුරිය" කියලා කියනව කියලා.

    අමාරුවෙන් ඒ අවුරුදු 2 ඉවර වුනාම මෙයාට හිතුනා කුමාරිට ආදරෙයි කියලත් කියන්න ඕනි කියලා,ඒ කියන්නේ "මගේ සොදුරිය මම ඔයාට ආදරෙයි" කියලා. එතකොට තව වචන 3ක් වැඩි වෙන නිසා තව අවුරුදු 3ක් කතා නොකර ඉන්න වෙනවා කුමාරයට. ඒ කියන්නේ දැන් එක දිගට අවුරුදු 5ක් කතා නොකර ඉන්න ඕනි.

    ඒත් ඒ අවුරුදු 5ත් ඉවර උනාම මෙයාට හිතුනා,ආදරෙයි කියලා මදි නිසා කුමාරිව කසාද බදින්නත් ඕනි කියල කියන්න ඕනි කියලා,ඒ කියන්නේ "මගේ සොදුරිය මම ඔයාට ආදරෙයි ඔයා මාව කසාද බදිනවද" කියලා,ඒ කියන්නේ තවත් අවුරුදු 4ක් කතා නොකර ඉන්න වෙනවා කුමාරයට,මුලු අවුරුදු ගාන 9ක්.

    ඔහොම ගිහින් අවුරුදු 9ක කාලේ ඉවර උනා,දැන් කුමාරයට හරිම සතුටුයි,එයා කුමාරිව ඒ කාලේ ලෝකේ තිබුන මිළ අධිකම උද්‍යානයට එක්ක ගිහින් , ගොඩාක් දුර්ලභ, ගොඩාක් මිළ අධික රෝස මල් කලඹක් එයාට දීලා,එයා ලග දණ ගහලා(ඒ කාලේ එහෙමනේ කලේ) පුරුෂ ධෛර්ය දාලා බොහෝම ආදරණීය විදියට ඇහුවා

    "මගේ සොදුරිය... මම ඔයාට ආදරෙයි!!! ඔයා මාව කසාද බදිනවද???" කියලා.

    එතකොට කුමාරිය පුදුමෙන් එයගේ නිල් පාට ඇස් දෙක ලොකු කරලා...එයාගේ මිහිරි හඩින් මෙහෙම කිව්වා.

    "අනේ මට ඇහුනේ නෑ"