මගේ_දෙසැම්බර_31

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මගේ දුක් බර දෙසැම්බර 31 (ඊයේ ) රාත්‍රිය ගෙවුන හැටි.

පසුගිය වසර 10 ඇතුලත සැම දෙසැම්බර 31 දිනයක්ම අපිට සුපිරිය. පිටරටක සිටියත් දෙසැම්බර 31 වෙනිදට කොහොම හරි ලංකාවේ සිටියෙමි මන්ද මගේ යහළුවන් සමග සෙට් වී පට්ට අතල් එකෙන් කල් ගෙවීමටය. අපි සියලුදෙනාම 31 පාර්ටි වල කන කුඩු වෙන්න ගැසුවේය. Disco , Beach ,Night Club අපට වැරදුනේ නැත. මුදල් යහමින් වීසි කළෙමු.

නමුත් ඊයේ රාත්‍රිය තරම් පාලු දවසක් ජිවිතයේ කිසිම දිනක විද නැත. දෙසැම්බර 31 සැමරීමට කිසි මිත්‍රයෙක් නැත. යහළුවන්ගෙන් අවසාන එකා දක්වා හිර කුඩුවට ගොසින්ය ( ඒ කියන්නේ බැඳලාය :yes: ) උන් උන්ගේ නිවෙස්වලට වී 31 රාත්‍රිය සමරයි මන්ද ඔවුන්ගේ ජේලර්වරුන්ගෙන් ( ඒ කියන්නේ නෝනලා ) ඔවුනට පිටතට ගොස් ආතල් ගන්නට අවසරයක් නොදෙන බැවිනි. කරුමෙක මහත. එකෙක්වත් ආතල් ගන්න අවේ නැත. New year wishes SMS එකකට පමණක් ඔවුන් සිමා විය. එකෙක් Australia වල පදිංචියට ගොසිනි.හැබයි Australia ගියා එක තමයි අපේ සෙට් එකේ වැඩිමලා. පොර කසාද බැන්දත් සැමදා අප හා විනෝද විනි.

දැන් මට කුස ගින්නද දැනේ. ඉන්න බැරි පාර රාත්‍රී කෑමට යමක් මිලදී ගැනීමට නුගේගොඩ ජුබ්ලි කණුවට ගියෙමි. එහෙත් වෙනදා කෑම ගන්න කඩයේ නොනැවතී ඉදිරියටම ගියෙමි. ඒ සඳැල්ල නමැති සුරා සැලටය . එම සුරා සැලේ ප්‍රධාන පාරිභෝගිකයෝ මේසන් බාස්ලය , කම්කරුවෝය , නගර සභාවේ වැඩ කරන අය. මේ සිල්යලුදෙනම සුහද ශිලිය. නමුත් මෙලෝ රසයක් නැත. මෙහි DJ නැත. වෙරි උන කිහිප දෙනෙක් මේසයට තඩි බාමින් උන් උන්ගේ ලෝකවල් වලය, සින්දු කියති , තව පිරිසක් අත්පුඩි තලති. දුක වැඩි කමකටදෝ මන්ද ඕල්ඩ් අරක්කු 100 ක ෂොට් එකක් එක්ක සොසේජ කැල්ලක් මිලට ගතිමි. ඕල්ඩ් 100ක ෂොට් එකට සෝඩා දමා එක උගුරට ගිල දමා සිගරට්ටුවක් දල්වාගෙන ගෙදර පැමිණියෙමි.

ඔය ආකාරයෙනුයි මගේ දෙසැම්බර 31 රාත්‍රිය ගෙවී ගියේ. ලබන වසරේත් එසේම වේවිද ?


dsc06548-foreign_liquor_shop-rwcvumcp-700x719.jpg
 
Last edited:

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sorry about you machan
    kollo set kadenawa ban ewun bandhaama oka aissra idanma wechch deyak
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබත් එහෙනම් ඉක්මනට හිරේට පලයන් මචන් ;)
    ඔහොම තමයි බන් හැමදේම වෙනස් වෙනවා.මටත් ඊයේ කිසිදෙයක් කරන්න උනේ නැහැ අසනීප උන නිසා. :(
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    අම්මට උඩු ඈත්තනේ ඔයි මෙකේ දාල තියෙන්නේ නුවර එලියේ බොර්ඩ් එකක් නෙ උබට දාපු 100යේ ශොට් එකට තවම වෙරිද????මාත් නුගේගොඩ තමයි හබයි ඉතින් ඈත්තටම මූ කියන ටයිප් එකේ ස්පොට් එකක් නම් තියෙනව තමයි....:yes::yes::yes::yes:
    නුගේගොඩ tiyeney
    dsc06548-foreign_liquor_shop-rwcvumcp-700x719.jpg



    nuwaraeliyeda oi