මට නම් මතකයි බන්,
මට ගෙදරින් ක්ලාස් ෆීස් හම්බුනේ නෑ,
එහෙන් මෙහෙන් හම්බුන ආදාර වලින් තමඉ වැඩේ ගියෙ, මාසෙට 1000ක් හම්බුනා.
උදේට බඩ පිරෙන්ඩ වතුර බොනවා, දවල්ට කාගෙන් හරි බත් කටක් කනවා, හවසතත් වතුරම බොනව.
මට මැත්ස් ක්ලාස් යන්ඩ සල්ලි හම්බුනා,
පිසික්ස් නම් පරන ගනන් ආපහු හැදුව,
මැත්ස් එකේ කාර්ඩ් එක 700ද කොහෙද, ඉතුරු 300 ඉතුරු කරන් විභාගෙ ලඟ කාලෙ කෙමෙස්ට්‍ර පේපර් ක්ලාස් ගියා.
ගෙදර ඉන්න සමහර දවසට දවල් බත් කටත් නැහැ.
තිබුනොත්, කොහිලයි බතුයි, කිරි අලඉ බතුයි. අපේ ගෙදර ලොකු කොහිල වලකුයි, හබරල වගාවකුයි තිබුනා
මම ආස සබ්ජෙක්ට් එක කෙමෙස්ට්‍රි, යුනිවර්සිටි සිලෙක්ට් උනාට පස්සේ, ක්ලාස් කරල ඒ කාලෙ ශේප් උනා, තව ඉතින් මහපොල, යාලුවො උදව් කරා
තුන්වෙනි පාර නම් කරන්නේ ඔය අවුරුද්ද මහන්සි වෙලා කරපන්. ආපහු ඔය චාන්ස් එක එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ සල්ලි හොයපන්
දැන් මොකද බන් කරන්නේ
නිකමට අහන්න හිතුනා
මචංලා එපා වෙලා තියෙන්නේ බං. මම දැන් ඒ ලෙවල් 3 වෙනි පාර කරන්නේ. ක්ලාස් ෆීස් නම් ගෙදරින් දෙනවා ඒත් බං කොල්ලෝ උනාම අතේ කීයක් හරි තියෙන්න එපයි වියදමට ඒක නිසා සල්ලි හොයන්න විදියක් නැද්ද? මේ ලගදි රත්ති එකේ පාට් ටයිම් වැඩක් කරා ප්‍රමෝශන් එකක් ඒකෙන් නම් ගානක් ලයින් කරගත්තා. සාමාන්‍යයෙන් ග්‍රැපික් ඩිසයින් ටය්ප් සෙටින් පුලුවන් ෆයිවර් එකට ගිග් එකකුත් දාලා තියෙන්නේ ඒත් ඕඩර්ස් නෑ. මචංලා සල්ලි හොයන්න විදියක් කියපන්කෝ මාසෙකට රු 10000ක් තිබ්බනම් ඇති
මේක උඹට
මගේ පොඩි කාලේ සල්ලි තිබ්බේ නෑ
ඉන්න ගෙයක් තිබ්බෙත් නෑ
එක එක තැන් වල ගෙවුනේ
දෙමව්පියන්ට ප්ලැන් එකක් තිබ්බෙත් නෑ මට කරන්න ඒනේ දෙවල් ගැන
එලෙවල් 1වෙන පාර විතරයි කලේ. හේතුව ආර්තික දුෂ්කරතා
ABC රිසාල්ට් එකක් තිබ්බත් මට ඕනේ උනේ සල්ලි හොයන්න
මගේ කරුමෙට එක යන්න එක ජොබ් වැදුනා
හැබැයි මට තේරුනේ මගේ ජිවිතේ සක් වෙලා කියලා 27දි වගේ
27 ඉ දන් 32ක් වගේ වෙනකල් අම්බ කට්ටක් කෑවා වෙච්ච වැරදි හදාගෙන ආයේම ටර්න් එකක් ගන්න
ඒක බුදුම බුදු අම්බ කට්ටක්
27 වෙද්දි මම ආණ්ඩුවේ රස්සාවක් සහ පින් පඩියක් ලැබෙන හාන්සි ඩෑල් එකක්
හැබැයි ඔළුවේ කැරිම හීන ලෝඩ් එකක් තිබ්බා. හිත ඊලෝන් මස්ක් වගේ. සාක්කු කැලණි හිගන්නෙක් වගේ
සෝ පටන් ගත්තා Freelancing. මට මතක විදියට වයස 24 වගේ ඉ දන් මම ඉලස්ට්‍රෙටර් පොටෝෂෝප් අත ගගා හිටියා සෑහෙන කාලයක්. හැබැයි රුපියලක් වත් හොයලා තිබ්බේ නෑ
27 දි අල්ලපු ඇල්ලිල්ල ඇරියස් කවර් වෙනකල්ම පෙලක් දවස් වල පැය 24(උදේ රස්සාව රෑට සුද්දෝ එක්ක) කැප කලා.අන්තිම කාලේ සුද්දන්ගෙන් සබ් අරන් අපා දුකක් වින්දේ. මේ කාලේ ජිවන තත්වය ටික ටික අප් උනා. ඔහොම අමු තිත්ත අවුරුදු 5 -6ක් ගියාට පස්සේ
අද මම Quality of Life 2025 රැන්කින් වල මුල 7 ඇතුලේ තියෙන රටක ඉන්නවා.
මගේ කතාවේ මන් දන්න මට වැරදුන තැන
මම ඉගෙන ගන්න කාලේ රස්සාවට ගියා. හේතුව සල්ලි නෑ සහ මගේ යාළුවෝ බයික් අරන් වාහන අරන් ර ගද්දි මටත් ඕනේ උනා. දරා ගන්න බැරි උනා. සෝ මන් එතැන වැරදි.
මම හදා ගත්ත තැන
30ට ලං වෙද්දි දැන් ආයේ තේරුමක් නෑ මහන්සි වෙලා මෙහෙමම යනවා කියලා 99% මිනිස්සු හිතද්දි මම නෑ මම ආයේ ට්‍රයි කරනවා කියලා අමු අපායක් මැද්දේ ජිවිත කතාව කියන ෆිල්ම් එක ෂුට් කරන්න පටන් ගත්තා. ඒක අත් ඇරලා නිකන් හිටියා නම් අද මම තාමත් ලංකාවේ
මම උඹට කියන්නේ අධ්‍යාපනය ගන්න තියෙන කාලේ ෆුල් ඇටෙන්ෂන් දීලා එක ගනිම්. ඒක නැති කර ගන්න එපා. ඒක උඹ උඹට කර ගන්න අපරාදයක්.
ගගේදි හාන්නත් එපා වගේම මඩේදි නාන්නත් එපා. අදාල දේ අදාල කාලේ කරපන්
------
Post added on Feb 22, 2025 at 12:32 AM