මචංල පොඩි අවුලක්.
කොල්ලනේ පොඩි අවුලක් තියෙනව බන්. ඒත් කියන්න ගියේ නෑ මොකද ගෙදරට කිව්වත් කියනව ඕනවට වඩා හිතන්නැතුව ඉන්නලු.
මේකයි. මම දැන් සති තුනක විතර ඉදන් අලුත් තැනක ජොබක් සෙට් උනා. ගිය දවස්ටිකේ සෙට් එක හොදයි වැඩිය අවුලක් නෑ. ඒත් බන් දැන් උන් හෙන අමුතුයි බන්. මාව කෙයා කරන්නෑ වගේ දැනෙනව. කොල්ලොනම් එච්චරම අවුලක් නෑ. කෙල්ලො එහෙම හෙන ලයින් බන්. මම ගුඩ්මෝනින් කියල හිනා වෙලා කිව්වත් මෝනින් කියන්නේ නිකන් එපාවට වගේ. උන් එක්ක කතා කරත් නලල රැලි කරගන්නව.
කොල්ලො උනත් එච්චර ෆිට් නෑ බන්. මම කොච්චර ෆ්‍රෙන්ඩ්ලි වෙන්න හැදුවත් උන් ඒ ලයින් එක ක්‍රොස් කරන්න දෙන්නෑ. එක සැරේටම උන් සෙට් එක කඩන් යනව කන්න. මාව දාල. උන් ඉන්න තැනකට මම ගියත් එක සැරේටම උන් සෙට් එක යනව. හැබැයි තනියම එකා දෙන්න සෙට් උනාම කතා කර ඉන්නව එච්චර අවුලක් නෑ. ෆේස්බුක් එකෙත් උන් ඔක්කොම ඇඩ් කරගත්ත.
හෙන ස්ට්‍රෙස්ෆුල් වගේ බන්. සමහර වැඩ තාම මම හරියට දන්නැති නිසා අහගන්න ඉන්නෙත් උන් ටික. උන්ගෙන් දෙයක් ඇහුවම මරන්න වගේ
JSO, SSO ල විතරයි බන් මාත් එක්ක හොදට කතා කරන්නේ. 
දැන් දැන් වැඩිය මමත් කතාවට යන්නෑ වැඩේ කරන් ඉන්නව. ඒ උනාට හෙන චාටර් ෆීලින්ග් එකක් එනව බන්. විශේෂයෙන් ටී ටයිම්, ලන්ච් ටයිම් එකේදි එහෙම. මම මොනා කතා කරත් උන් එන්ගේජ් වෙන්නෑ. මට ඇටෙන්ෂන් එකක් දෙන්නෑ. මමදැන් ටී එක ගහනව කතාවක් බහක් නැතුව.