මචන් සෙට් වෙමු වරෙන් හනිකට..!!
කාමරෙ අස් කලා
ටීපෝව සෙට් කලා
සෝෆා'ව ලන් කලා
පෙනෙයි සුරලොව, මටම මැවිලා !
චිකන් ෆ්රයි කරලා
ලොකු ලූණු පෙති කපලා
කරපිංච බැදලා
මාලු තියනව ස්'ටු කරලා !
මයියොක්ක තම්බලා
ලුණු කැට තිබේ තබලා
සුදු ලූණු බැදලා
තවත් මොනව ද ඕන හදලා ?
සුදු පාට පෙණ පිඬු
බුබුලු නගිනව හිරිගඩු
බාපු ගමනින් බඩු
ගෙනත් තියනව හුඟක් නෑ අඩු !
ගි'ටා එක ගහලා
සිංදුවක් හෙමින් කියලා
තාලෙකුත් තියලා
ජෝති, මිල්ටන් ගමුද මරලා ?
විසිකරල තරුකැට
කඳුළු පාගල දාල පා යට
හප්පල "චියර්ස්" වීදුරු කට
මචන් සෙට් වෙමු වරෙන් හනිකට !


© Nuwan Abeygunawardhana
https://www.facebook.com/nuwanabeygunawardhana
කාමරෙ අස් කලා
ටීපෝව සෙට් කලා
සෝෆා'ව ලන් කලා
පෙනෙයි සුරලොව, මටම මැවිලා !

චිකන් ෆ්රයි කරලා
ලොකු ලූණු පෙති කපලා
කරපිංච බැදලා
මාලු තියනව ස්'ටු කරලා !

මයියොක්ක තම්බලා
ලුණු කැට තිබේ තබලා
සුදු ලූණු බැදලා
තවත් මොනව ද ඕන හදලා ?

සුදු පාට පෙණ පිඬු
බුබුලු නගිනව හිරිගඩු
බාපු ගමනින් බඩු
ගෙනත් තියනව හුඟක් නෑ අඩු !

ගි'ටා එක ගහලා
සිංදුවක් හෙමින් කියලා
තාලෙකුත් තියලා
ජෝති, මිල්ටන් ගමුද මරලා ?

විසිකරල තරුකැට
කඳුළු පාගල දාල පා යට
හප්පල "චියර්ස්" වීදුරු කට
මචන් සෙට් වෙමු වරෙන් හනිකට !



© Nuwan Abeygunawardhana
https://www.facebook.com/nuwanabeygunawardhana
