මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොව

    Skylark මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිට මෙවැනි අභියෝගයක් කරනවා.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම

    කියවන්න මෙතන

    මට හිතෙන විදියට තියෙන ප්‍රශ්න සදාචාරත්වම විසදිය යතුයි. එකෙන් හැමෝටම ඇති ධර්මාවබෝදය දියුණු වෙයි කියලා මම හිතනවා. අපි ගැටළු එක එක විසදමු.

    1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp12/188 ] වැඩිහිටි භික්ෂූන්, මධ්‍යම භික්ෂූන් සහ නවක භික්ෂූන් ගැන සඳහන් කිරීමේදී මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව ගැන සඳහන් කිරීමට පාලියෙන් භාවිතා කර ඇත්තේ "මජ්‌ඣිමොපි" යන වචනය.
    2. එම භාවිතය සිංහල පරිවර්තනයේ 151 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/188 ], පාලියෙන් ඊට පෙර ඇති 150 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/187 ] දැකිය හැකියි.
    3. එම සූත්‍රයේ "මජ්‌ඣි" යන කොටස "මජ්‌ඣිමොපි" යන වචනයේ යෙදී ඇත්තේ මධ්‍යම යන අර්ථයෙන් බවත්, මත් වීමක් හැඟවීමට නොවන බවත් බව දැකිය හැකියි. ඒ වැඩිහිටි සහ නවක භික්ෂූන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන් ඉන්නා බව දැකීමෙන්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ ශ්‍රමණ වර්ගයේ එකාදසම සූත්‍රයේත් [ http://thripitaka.org/view/bjts/sp12/458 ] පෙර දක්වන ලද සූත්‍රයේ මෙන් ස්ථවිර සහ නවක භික්ෂූන් අතර ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව හැඟවීම පිණිස පාලියෙන් "මජ්‌ඣිමො" යන වචනය භාවිතා කර තිබෙනවා.

    කාටහරි දෙන්න පුලුවන්ද මේකට උත්තරයක්?

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මැදුම් පිළිවෙතක් හෙවත් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරල නිවන් දකින්න පුලුවන්නම් අද ගොඩක් දෙනෙක් නිවන් දැකල තියෙන්න ඕනෙ.අන්ත දෙකෙන් මිදී කටයුතු කරන අබෞද්ධයිනුත් එහෙමනම් නිවන් දකින්න ඕනෙ.

    නමුත් රාග ද්වේශ මෝහ කියන මද වලින් මිදී නිදහස් වෙන්න නම් මුලින් ධර්මය ශ්‍රවනය කළ යුතුයි. ඉන් පසුව රාග ද්වේශ මෝහ වලින් මත්වීම නවතා දැමීම හෙවත් මජ්ඣි+මා වීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ගය වන ආනපාන සති සමාධිය වැඩිය යුතුයි.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මැදුම් පිළිවෙතක් හෙවත් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරල නිවන් දකින්න පුලුවන්නම් අද ගොඩක් දෙනෙක් නිවන් දැකල තියෙන්න ඕනෙ.අන්ත දෙකෙන් මිදී කටයුතු කරන අබෞද්ධයිනුත් එහෙමනම් නිවන් දකින්න ඕනෙ.

    නමුත් රාග ද්වේශ මෝහ කියන මද වලින් මිදී නිදහස් වෙන්න නම් මුලින් ධර්මය ශ්‍රවනය කළ යුතුයි. ඉන් පසුව රාග ද්වේශ මෝහ වලින් මත්වීම නවතා දැමීම හෙවත් මජ්ඣි+මා වීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ගය වන ආනපාන සති සමාධිය වැඩිය යුතුයි.



    බොහොම හොදයි,

    අපි දැන් skylark ඉදිරිපත් කරලා තියෙන 1 වන උපමාව සලකලා බලමු.

    සන්නිවාස සූත්‍රය.

    ‘‘අසන්තසන්නිවාසඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සන්තසන්නිවාසඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
    ‘‘කථඤ්ච, භික්ඛවෙ, අසන්තසන්නිවාසො හොති, කථඤ්ච අසන්තො සන්නිවසන්ති? ඉධ, භික්ඛවෙ, ථෙරස්ස භික්ඛුනො එවං හොති - ‘ථෙරොපි මං න වදෙය්‍ය, මජ්ඣිමොපි මං න වදෙය්‍ය, නවොපි මං න වදෙය්‍ය; ථෙරම්පාහං න වදෙය්‍යං, මජ්ඣිමම්පාහං න වදෙය්‍යං, නවම්පාහං න වදෙය්‍යං. ථෙරො චෙපි මං වදෙය්‍ය අහිතානුකම්පී මං වදෙය්‍ය නො හිතානුකම්පී, නොති නං වදෙය්‍යං විහෙඨෙය්‍යං (විහෙසෙය්‍යං (සී. ස්‍යා. කං. පී.)) පස්සම්පිස්ස නප්පටිකරෙය්‍යං. මජ්ඣිමො චෙපි මං වදෙය්‍ය...පෙ.... නවො චෙපි මං වදෙය්‍ය අහිතානුකම්පී මං වදෙය්‍ය නො හිතානුකම්පී, නොති නං වදෙය්‍යං විහෙඨෙය්‍යං පස්සම්පිස්ස නප්පටිකරෙය්‍යං’ .

    ’’මහණෙනි, තොපට අසත් පුරුෂයන්ගේ සමාගමයද, සත්මුරුෂයන්ගේ සමාගමයද දේශනා කරන්නෙමි. ඒ අසව්. යහපත්කොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි. ’’එසේය ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

    ’’මහණෙනි, කෙසේනම් අසත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේනම් අසත්පුරුෂයෝ සමග වෙසෙද්ද? මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂු නමකට මෙබඳු සිතක් වෙයි.

    ’’ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා (1). නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. (2) මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.)

    එතකොට, එම වාක්‍ය දෙක විය යුත්තේ මෙහෙමද?

    1 - "රාගයෙන්, ද්වේශයෙන් සහ මොහයෙන් මත්වී ඇති භික්‍ෂුවටත් මට යමක් නොකියාවා"
    2 - "මම රාගයෙන්, ද්වේශයෙන් සහ මොහයෙන් මත්වී ඇති භික්‍ෂුවටත් නොකියන්නෙමි"


     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0


    බොහොම හොදයි,

    අපි දැන් skylark ඉදිරිපත් කරලා තියෙන 1 වන උපමාව සලකලා බලමු.



    එතකොට, එම වාක්‍ය විය යුත්තේ මෙහෙමද?

    "මම රාගයෙන්, ද්වේශයෙන් සහ මොහයෙන් මත්වී ඇති භික්‍ෂුවටත් නොකියන්නෙමි"



    ත්‍රිපිටකයේ සින්හල පරිවර්තනය 100%ක් නිවැරදිදැයි කා හට කිව හැකිද? සියලු තර්ක ගොඩනගන්නේ එය 100%ක් නිවැරදියයි ‍යන මතය දරමින්ය.
    පරම සත්‍ය කුමක්දැයි මම නොදනිමි....නමුත් "රාගයෙන්, ද්වේශයෙන් සහ මොහයෙන් මිදීම" යන්නෙහි යම් ප්‍රායොගික බවක් පමන්ක් පෙනේ.
     
    • Like
    Reactions: sgrdk1

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    ත්‍රිපිටකයේ සින්හල පරිවර්තනය 100%ක් නිවැරදිදැයි කා හට කිව හැකිද?


    ඒක ඇත්ත තමයි. හැබයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒක පිලි නොගන්න එකනේ. එකයි මේ වැඩේ කරන්න හිතුනේ.

     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මා = මිදීම

    මජ්ජි= බැදීම

    මජ්ජි+මා= මිදෙන පැත්තට බැදීම

    Note:
    මා මේ බාල සමාගමෝ
    මා මිදෙත්වා බාලයින්ගේ ඇසුරෙන්

    මෙය හරිද? වැරදිද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මා = මිදීම

    මජ්ජි= බැදීම

    මජ්ජි+මා= මිදෙන පැත්තට බැදීම

    Note:
    මා මේ බාල සමාගමෝ
    මා මිදෙත්වා බාලයින්ගේ ඇසුරෙන්

    මෙය හරිද? වැරදිද?

    මා යනු මිදීම.එවිට මජ්ජිමා යනු මත්වීමෙන් මිදී වෙන්වීම.එනම් සියලු ආකාරයේ මත්වීම් වලින් මිදී නිදහස් වීම.( සියලු මත්වීම් රාග , ද්වේශ, මෝහ මූලික කොටගෙන සිදුවේ )

    මා මේ බාල සමාගමෝ කියන්නෙ බාල සමාගමෙන් මිදී වෙන්වීම.බාල සමාගම යන්න පදපරම අර්ථයෙන්නම් බාලයන් ඇසුරු නොකිරීම කියන එක.එම අර්ථය ලෞකිකයි. නමුත් නිවනට උපකාර වන ලෝකෝත්තර අර්ථයෙන් නම් සිත පහලට හෙලන, අපිරිසිදු කරන රාග, ද්වේෂ , මෝහ කියන අකුසලයන් ආශ්‍රය කිරීමෙන් වැලකීම තමයි බාල සමාගමෙන් මිදීම කියන්නෙ.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    - ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. <- senior monks
    - මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා (1). <- middle range monks
    - නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා <- starting monks

    එතකොට මෙහෙම වෙන්න බැරිද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ



    එතකොට මෙහෙම වෙන්න බැරිද?

    මාගධී භාශාවෙහි එකම වචනයට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් විවිධ අර්ථ යෙදෙන්න පුලුවන්.නමුත් මජ්ජිමා පටිපදා යන්න කෙලෙසකවත් මැද මාවතක් ලෙස අර්ථගැන්විය නොහැකියි.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මාගධී භාශාවෙහි එකම වචනයට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් විවිධ අර්ථ යෙදෙන්න පුලුවන්.නමුත් මජ්ජිමා පටිපදා යන්න කෙලෙසකවත් මැද මාවතක් ලෙස අර්ථගැන්විය නොහැකියි.


    ඔවි හරි. මම අර්ථ 2 ක් තියෙන තව උදාහරණයක් දෙන්නම්.

    Dhammapada verse 160

    Attā hi attanō nāthō
    kō hi nāthō parō siyā
    attanā hi sudanténa
    nāthan labhati dullabhan”

    - In the conventional sense, “attā” means “a person”. (ලෞකික)
    - The deeper meaning when pronounced “atta” is “in full control”. (ලෝකෝත්තර)

    මෙතනින් උපුටා ගත් උදාහරණයක් -> puredhamma

    මට හිතෙන විදියට skylark වැරදිලා තියෙන්නේ එතන තමයි.

     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මජ්ඣිමා යන පාලි වචනයේ නිවැරදි අර්ථය මධ්‍යම යන සිංහල වචනයේ අර්ථයම බව සූත්‍ර කිහිපයක ඇති කරුණු වචන ලෙසිනුත් අර්ථ ලෙසිනුත් සසඳා බැලීමෙන් තහවුරු කළ හැකියි.

    ත්‍රිපිටක උදාහරණ රාශියක් පෙන්වලා ස්කයිලාක් කරන මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. ඒ බව තවදුරටත් විමසා බලන්නත් පුළුවන්,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp12/188 ] වැඩිහිටි භික්ෂූන්, මධ්‍යම භික්ෂූන් සහ නවක භික්ෂූන් ගැන සඳහන් කිරීමේදී මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව ගැන සඳහන් කිරීමට පාලියෙන් භාවිතා කර ඇත්තේ "මජ්‌ඣිමොපි" යන වචනය. එම භාවිතය සිංහල පරිවර්තනයේ 151 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/188 ], පාලියෙන් ඊට පෙර ඇති 150 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/187 ] දැකිය හැකියි. එම සූත්‍රයේ "මජ්‌ඣි" යන කොටස "මජ්‌ඣිමොපි" යන වචනයේ යෙදී ඇත්තේ මධ්‍යම යන අර්ථයෙන් බවත්, මත් වීමක් හැඟවීමට නොවන බවත් බව දැකිය හැකියි. ඒ වැඩිහිටි සහ නවක භික්ෂූන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන් ඉන්නා බව දැකීමෙන්.

    මජ්ඣිමා යන වචනය එලෙසින්ම මැදුම්, මධ්‍යම යන අර්ථයෙන් භාවිතා කර ඇති සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ ආටානාටිය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp3/328 ] දැක්විය හැකියි. එම සූත්‍රයේ ආරම්භයට ආසන්නව මහ තෙද ඇති යක්කු, මැදුම් තෙද ඇති යක්කු සහ හීන තෙද ඇති යක්කු හැඟවීම සඳහා පාලියෙන් උළාරා යක්ඛා, මජ්ඣිමා යක්ඛා සහ නීචා යක්ඛා යන පාලි යෙදුම් පිළිවෙලින් භාවිතා කර තිබෙනවා. එහිදී මහා බල පරාක්‍රමයෙන් සහ හීන බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු අතර මධ්‍යම ප්‍රමානයේ බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු ඉන්නා බව දැක්වීමට මජ්ඣිමා යන පාලි වචනය භාවිතා කර ඇති ආකාරයට අනුව මජ්ඣිමා යන වචනයේ නිවැරදි අර්ථය මැදුම්, මධ්‍යම යන වචන වල අර්ථයම බව තහවුරු කළ හැකියි.

    මෙහි මධ්‍යම භික්ෂූන්වහන්සේලා ළඟ යම් ජ්‍යෙෂ්ඨත්වයේ ලක්ෂණත් ඒ වගේම යම් නවක ලක්ෂණත් තිබෙන බව සිතාගන්න පුළුවන්. ඒ අර්ථයෙන්ම උන්වහන්සේලා "මධ්‍යම" භික්ෂූන් වී ඇති බව පැහැදිලි කරුණක්. ආටානාටිය සූත්‍රයේ "මධ්‍යම" යක්කු කියන්නෙත් මීට සමාන අර්ථයකින්. "ජ්‍යෙෂ්ඨත්වය/මහා බල පරාක්‍රමය" එක අන්තයක් ලෙසත් "නවක බව/හීන බල පරාක්‍රමය" අනෙක් අන්තය ලෙසත් ගත්තහම මධ්‍යම භික්ෂූන්ට හෝ මධ්‍යම යක්ෂයන්ට ඒ අන්ත දෙකේම ලක්ෂණ තිබෙන බව පැහැදිලියි.

    මේ "මජ්ඣිම" වචනය හැම අවස්ථාවකම යොදාගෙන තියෙන්නේ යම් අන්ත දෙකක් මැද පිහිටි ඒ අන්ත දෙකේම ලක්ෂණ සුළුවශයෙන් හෝ අඩංගු වෙන කාරණා ගැන කියලා පැහැදිලියි.

    නමුත් යම් වචනයක "මජ්ඣ" කියලා යෙදිලා ඊට පස්සේ එන අකුර "ම" කාරයක් නොවුනොත් ඊට ලැබෙන්නේ වෙනත් තේරුමක්.
    උදා: මජ්‌ඣෙ, මජ්‌ඣන්තික


    "ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශ සමුදය දෙවන අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි."
    මජ්‌ඣෙ සූත්‍රය - http://pitaka.lk/31157/cs,aps
    යම් අන්ත දෙකක ලක්ෂණ කොහෙත්ම නැති අර්ථයෙන් තමයි "මජ්‌ඣෙ" කියල තියෙන්නේ, "මජ්‌ඣන්තික" ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්.

    න අන්තලික්ඛේ, න සමුද්ද මජ්ඣෙ... කියන තැන සමුදුර මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.
    චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ... කියන තැන ජනතාව මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.

    ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕනේ "මජ්ඣිම" කියල යෙදෙන වචනවලයි, "මජ්ඣ" කියල යෙදුනට ඊට පස්සේ "ම" කාරයක් යෙදිලා නැති වචනවලයි තේරුම් වෙනස් බව.

    කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයටත්, අත්තකිලමථානු යෝගය කියන අන්තයටත් සම්පූර්ණයෙන්ම බැහැරින් ඇති, නිවන් පිණිස ඇති මාර්ගය ධම්මචක්කප්පවත්ත සූත්‍රයේදී හඳුන්වන්නේ "මජ්ඣිමා පටිපදා" කියලයි.


    මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.

    ධම්මචක්කප්පවත්ත සූත්‍රය - http://www.thripitakaya.org/tipitakaya/Index/148?s=2575
    දැන් ස්කයිලාක් සූත්‍ර ගණනාවක පෙන්වලා දීපු "මජ්ඣිම" අර්ථය මෙතනට යෙදුවොත් එය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පටහැණි වෙනවා. එවිට "මජ්ඣිමා පටිපදාවට" අත්හල යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානු යෝගයේත්, අත්තකිලමථානු යෝගයේත් ලක්ෂණ සුළු වශයෙන් හෝ අඩංගු විය යුතු නිසා.

    තව දේවල් කිහිපයක් තියෙනවා තේරුම් ගන්න

    1. යම් සූත්‍ර ප්‍රමාණයක "මජ්ඣිම" යන වචනය අඩංගු වුන පමණින් මුළු ත්‍රිපිටකයේම යෙදිය යුතු එකම වචනය බවට එය පත්වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ වෙනත් තැන්වල "මජ්ජිමා" ලෙස යෙදෙන්නත් පුළුවන්.
    2. ලංකාවේ ඇති ග්‍රන්ථාරූඩ ත්‍රිපිටකය 100% ක් නිවැරදි බව කියන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. පෘථග්ජනයින් විසින් ලෝකෝත්තර ධර්මය ලියා තබනවිට වැරදි ඇතිවීම ස්වාභාවිකයි. එම වැරදි යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කළ හැක්කේ බුදු, පසේබුදු, අරිහත් උත්තමයන් වහන්සේ නමකට පමණයි. ග්‍රන්ථාරූඩ ත්‍රිපිටකයේ පරස්පර තැන් වැරදි ලෙස දකින්න පෘථග්ජනයින්ටත් හැකියාවක් තියෙනවා.
    3. පාලි භාෂාවට අකුරු නැහැ.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මජ්ජිමා පටිපදාව කියන්නේ මත්වීමෙන් නිදහස් වීමේ මග. ලෝභ මද, ද්වේෂ මද, මෝහ මද වලින් නිදහස් වී නිවන් අවබෝධ කිරීම මජ්ජිමා පටිපදාව ලෙස අවබෝධ කරගැනීම ඉතාමත් ධර්මානුකූල බව පැහැදිලියි. (එම අවබෝධය ස්කයිලාක් පෙන්වා දුන් අර්ථයට වඩා තර්කානුකූලත් වෙනවා.)

    මේ පරම සත්‍යය නිරාවරණය කළ මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේට දීර්ඝායුෂ වේවා!!! මේ ධර්මය මතු කරන කළණ මිතුරන්ටත් පින් සිදු වේවා!
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මට හිතෙන විදියට ඕනෑම ප්‍රජතන්ත්රවදයක විපක්ෂයක් සිටීම වටිනවා. අඩුපාඩු පෙන්නලා දීම ඒ අයට තිබෙන වග කීමක්. skylark ඒ වග කීම බාර අරගෙන තියෙන එක වටිනවා. නමුත් විපක්ෂය වාද පිටියට බැහැලා තමන්ගේ තර්කය සදාචාරාත්මකව ඉදිරිපත් කල යුතුයි.

    මෙතන skylark කරන්නේ අනං මනං youtube දර්ෂණ හැම තැනම දාල දුවල යනවා. ඒක අර විපක්ෂය මිදුලෙ ඉදගෙන පාර්ලිමේන්තුවට ගල් ගහනවා වගේ වැඩක්.