මීවනපලානේ හිමිගේ මජ්ජිමා පටලැවිල්ල

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ හිමිගේ මජ්ජිමා පටලැවිල්ල

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම



මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ඉහත වීඩියෝවේ පැය 1යි විනාඩි 6යි තත්පර 16න් පමණ ඉදිරියට ආසන්නයේ මෙසේ පවසනවා:

<quote>
දැන් බුද්ධ දේශනාවේ තියෙන මජ්ඣිමා පටිපදා, අද කියන්නේ මොකක් කියලාද? අද කියන්නේ මැද මාවත, මිඩ්ල් පාත්, මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව. හරිද? අර "මා" කියන එක අත්ඇරියා. ඇලපිල්ලයි අයින් කළේ. ඇලපිල්ල අයින් කළ ගමන් මිනිස්සුන්ගෙ නිවන වැහුවද? මිනිස්සු දැන් මැදට වෙලා අතරමං වෙලා ඉන්නවා. මැදක් හොය හොයා යනවා. කිසි දවසක බුදු හාමුදුරොවෝ මැදක් ගැන කිව්වෙ නෑ.
...
ඒක නිසා මේක මැද නෙමේ, මජ්ඣිමා පටිපදා කිව්වෙ වෙන අර්ථයක්. මොකද්ද? මදයෙන් මිදී නිදහස් වීම. මද කියන්නෙ මොකද්ද? මත් වීම.
...
</quote>

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්ථය අද භාවිතා වන මධ්‍යම ප්‍රතිපදාව යන අර්ථය නොවේ යැයි පැවසීම අධර්මවාදී සහ අවිනයවාදී ප්‍රකාශයක්. මජ්ඣිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්ථය අද භාවිතා වන පරිදිම මධ්‍යම ප්‍රතිපදාව ලෙස ගැනීම නිවැරදියි. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි එසේ නොවේ යැයි පැවසීම එහිමියන්ගේ වරදවා ගැනීමක් මිස සත්‍ය නොවෙයි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "මජ්ඣිමා" යන පදයෙහි භාවිතා වන්නේ "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" යන්නෙහි ඇති "මජ්ජ" යන පදය යැයි වරදවා ගෙන තිබෙනවා. "මජ්ජිත" යන පාලි වචනය සිංහලෙන් "මත් වන ලද", "මත් වූ" යන අර්ථ සහිතයි. ඉහත වීඩියෝවේ මාතෘකාවේත් "මජ්ජිමා පටිපදා" ලෙසින් එම වරදවා ගැනීම දැක්වෙනවා.

ත්‍රිපිටකයේ "මජ්ජිමා පටිපදා" ලෙස සඳහනක් නැහැ. ත්‍රිපිටකයේ ඇත්තේ "මජ්ඣිමා පටිපදා" ලෙසින්. බුද්ධ දේශනාවේ සඳහන් "මජ්ඣිමා පටිපදා" යන්න "මජ්ජිමා පටිපදා" ලෙස අකුරු වරදවා ගෙන, "මජ්ජිමා" යන වචනය "මජ්ජි" සහ "මා" ලෙස පද බෙදා, ඒ ඒ බෙදන ලද පද වලට අර්ථ දී "මජ්ඣිමා පටිපදා" යන්නෙහි අර්ථය මෙසේ යැයි කෙසේ පවසන්නද? මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු විහිළු සහගත ක්‍රියාවක්.

මජ්ඣිමා යන පාලි වචනයේ නිවැරදි අර්ථය මධ්‍යම යන සිංහල වචනයේ අර්ථයම බව සූත්‍ර කිහිපයක ඇති කරුණු වචන ලෙසිනුත් අර්ථ ලෙසිනුත් සසඳා බැලීමෙන් තහවුරු කළ හැකියි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp12/188 ] වැඩිහිටි භික්ෂූන්, මධ්‍යම භික්ෂූන් සහ නවක භික්ෂූන් ගැන සඳහන් කිරීමේදී මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව ගැන සඳහන් කිරීමට පාලියෙන් භාවිතා කර ඇත්තේ "මජ්‌ඣිමොපි" යන වචනය. එම භාවිතය සිංහල පරිවර්තනයේ 151 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/188 ], පාලියෙන් ඊට පෙර ඇති 150 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/187 ] දැකිය හැකියි. එම සූත්‍රයේ "මජ්‌ඣි" යන කොටස "මජ්‌ඣිමොපි" යන වචනයේ යෙදී ඇත්තේ මධ්‍යම යන අර්ථයෙන් බවත්, මත් වීමක් හැඟවීමට නොවන බවත් බව දැකිය හැකියි. ඒ වැඩිහිටි සහ නවක භික්ෂූන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන් ඉන්නා බව දැකීමෙන්.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ ශ්‍රමණ වර්ගයේ එකාදසම සූත්‍රයේත් [ http://thripitaka.org/view/bjts/sp12/458 ] පෙර දක්වන ලද සූත්‍රයේ මෙන් ස්ථවිර සහ නවක භික්ෂූන් අතර ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව හැඟවීම පිණිස පාලියෙන් "මජ්‌ඣිමො" යන වචනය භාවිතා කර තිබෙනවා.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ මජ්‌ඣෙ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp15/206 ] අන්ත දෙකක් මැද ඇති දේ යන අර්ථයෙන් මජ්‌ඣෙ යන වචනය භාවිතා කර තිබෙනවා. බුදුරජානන් වහන්සේ සැකෙවින් පවසන ලද යම් දහම් කරුණක අර්ථය කුමක් විය යුතු දැයි භික්ෂූන් වහන්සේලා පිරිසක් සාකච්ඡා කරන ආකාරය එම සූත්‍රයේ දැක්වෙනවා. එහිදී භික්ෂූන් වහන්සේලා තම තමන්ට වැටහුන පරිදි බුදුරජානන් වහන්සේ සැකෙවින් පවසන ලද කරුණෙහි අර්ථය මෙය විය හැකි යැයි අර්ථ හයක් ගෙන හැර දක්වනවා. එම සූත්‍රයේදී භික්ෂූන් වහන්සේලා දක්වන අර්ථ හයේම මජ්‌ඣෙ යන වචනය භාවිතා කර තිබෙන්නේ දෙපස යම් යම් දෑ ඇති විට මැද ඇති දෙය හැඟවීම සදහා. උදාහරණයකට අතීත ආත්මභාවය එක් අන්තයක්, අනාගත ආත්මභාවය තවත් අන්තයක්, මැද ඇත්තේ වර්ථමාන ආත්මභාවය ආදී ලෙසින් විස්තර වන කරුණු එහි දැකිය හැකියි.

මජ්ඣිමා යන වචනය එලෙසින්ම මැදුම්, මධ්‍යම යන අර්ථයෙන් භාවිතා කර ඇති සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ ආටානාටිය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp3/328 ] දැක්විය හැකියි. එම සූත්‍රයේ ආරම්භයට ආසන්නව මහ තෙද ඇති යක්කු, මැදුම් තෙද ඇති යක්කු සහ හීන තෙද ඇති යක්කු හැඟවීම සඳහා පාලියෙන් උළාරා යක්ඛා, මජ්ඣිමා යක්ඛා සහ නීචා යක්ඛා යන පාලි යෙදුම් පිළිවෙලින් භාවිතා කර තිබෙනවා. එහිදී මහා බල පරාක්‍රමයෙන් සහ හීන බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු අතර මධ්‍යම ප්‍රමානයේ බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු ඉන්නා බව දැක්වීමට මජ්ඣිමා යන පාලි වචනය භාවිතා කර ඇති ආකාරයට අනුව මජ්ඣිමා යන වචනයේ නිවැරදි අර්ථය මැදුම්, මධ්‍යම යන වචන වල අර්ථයම බව තහවුරු කළ හැකියි.

මජ්ඣිමා යන වචනය එලෙසින්ම මැදුම්, මධ්‍යම යන අර්ථයෙන් භාවිතා කර ඇති තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp2/126 ] දැක්විය හැකියි. එම සූත්‍රයේ දැක්වෙන මගධ මහමැති සුනීධ-වස්සකාර දෙදෙනා විසින් පාටලීනගරය මැවීම පිළිබඳ විස්තරයේ "මැදුම් තෙදැති දෙවියන්" දැක්වීම පිණිස "මජ්ඣිමා දෙවතා" යන පාලි වදන් භාවිතා කර තිබෙනවා (138 පිටුව [ http://thripitaka.org/view/bjts/sp2/153 ]). තවද "මැදුම් තෙදැති රජුන්ගේ" යන අර්ථයෙන් "මජ්ඣිමානං තත්ථ රඤ්ඤං" යන වදන් භාවිතා කර ඇති බව එහි දැකිය හැකියි. එම "මජ්ඣිමා" සහ "මජ්ඣිමානං" යන වදන් භාවිතාවී ඇති පාටලීනගරය මැවීම පිළිබඳ විස්තරය ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ භෙස්සජ්ජක්ඛන්ධකයේ සුනීධවස්සකාරවත්ථු [ http://thripitaka.org/view/vp/vp3p2/69 ] යන කොටසේත් දැකිය හැකියි. එම පාටලීනගරය මැවීම පිළිබඳ විස්තරයට අනුවත් මජ්ඣිමා යන වචනයේ නිවැරදි අර්ථය මැදුම්, මධ්‍යම යන වචන වල අර්ථයම බව තහවුරු කළ හැකියි.

මජ්ඣිමා යන වචනය එලෙසින්ම මැදුම්, මධ්‍යම යන අර්ථයෙන් භාවිතා කර ඇති තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ නිදානවග්ගයේ ධාතුසංයුත්තයේ සත්තධාතුවග්ගයේ ගිඤ්ජකාවසථ සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp8/260 ] දැක්විය හැකියි. එම සූත්‍රයේ හීන, මධ්‍යම සහ ප්‍රණීත ධාතු ගැන සඳහන් කිරීම් වල මධ්‍යම ධාතු ගැන විස්තර කියවෙන කොටසේ "මජ්ඣිමං", "මජ්ඣිමා", "මජ්ඣිමො" යන පාලි වදන් භාවිතා කර තිබෙනවා (240 පිටුව [ http://thripitaka.org/view/bjts/sp8/261 ]). එහිදී කරුණු කිහිපයකම හීන බව සහ ප්‍රණීත බව මැද ඇති මධ්‍යම ස්වරූපය දැක්වීම පිණිස මජ්ඣිමා යන පාලි වචනය භාවිතා කර ඇති ආකාරයට අනුවත් මජ්ඣිමා යන වචනයේ නිවැරදි අර්ථය මැදුම්, මධ්‍යම යන වචන වල අර්ථයම බව තහවුරු කළ හැකියි.

ඉහත දැක්වූ සූත්‍රවලට අමතරව තවත් සූත්‍රවල මජ්ඣ යන වචනය පාදක වූ වචන මැදුම්, මධ්‍යම යන අර්ථයෙන්ම යෙදී ඇති බව දැකිය හැකියි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ උපෝසථ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp16/114 ] "රාත්‍රියෙහි මැදුම් යම" යන්න පාලියෙන් "මජ්ඣිමෙ යාමෙ" ලෙසයි ඇත්තේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ නිදානවග්ගයේ අභිසමයසංයුත්තයේ මහාවග්ගයේ පුත්තමංස සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp8/174 ] විඥානාහාරය ගැන විස්තරයේ පෙරවරු, මද්දහන සහ සවස් කාලය ගැන සඳහන් කිරීමේදී මද්දහන දැක්වීමට පාලියෙන් භාවිතා වී ඇත්තේ "මජ්‌ඣන්තිකසමයං" යන වචනය.

ඉහත පරිදි සූත්‍ර විමසා බැලීමේදී මජ්ඣිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්ථය අද භාවිතා වන අර්ථය වන මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව යන්නම බව දැකිය හැකියි.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ නිකාය පහෙන් මුල් නිකාය දෙක වන දීඝ නිකාය සහ මජ්ඣිම නිකාය යන නිකාය දෙකේ නම් වල අර්ථයන් විමසීමෙන් මජ්ඣිම යනු මධ්‍යම යන අර්ථය ඇති බව වටහා ගත හැකියි. දීඝ නිකායේ ඇත්තේ දිගින් වැඩි සූත්‍ර බවත් මජ්ඣිම නිකායේ ඇත්තේ දිගින් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර බවත් එම නිකාය ග්‍රන්ථ වල සහ අන් නිකාය ග්‍රන්ථ වල ඇති සූත්‍රයන්ගේ දිග කෙබඳු දැයි මස් ඇසින් බලා තීරණය කළ හැකියි. එම නිකායන්ට දී ඇති නම් සහ නිකායන් ගැන වැඩි විස්තර කෝදාගොඩ ඤාණාලෝක හිමි විසින් ලියැවී ඇති මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සංඥාපනයේ [ http://thripitaka.org/view/bjts/sp4/10 ] සහ සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ සංඥාපනයේ [ http://thripitaka.org/view/bjts/sp7/11 ] දැක්වෙනවා.

මජ්ඣිමා පටිපදා යන්න මධ්‍යම ප්‍රතිපදාව ලෙස අර්ථ ගැන්වීම වැරදි යැයි පවසා මධ්‍යම ප්‍රතිපදාව යන අර්ථය ප්‍රතික්ෂේප කිරීම සහ එසේ වරදවා පිළිගැනීමට අන් අයව යොමු කිරීම බොහෝ දෙනාට අහිත පිණිස පවත්නා ක්‍රියාවක් සහ බුදු දහමට අතුරුදන් වීමට හේතුවක්. අන්ත දෙකක් බැහැර ලා එම අන්ත දෙක මැද ඇති යම් ස්වරූපයකට අනුරූපී දහම් දෙසීමකින්, ප්‍රතිපදාවකින් බුදුරජානන් වහන්සේ සත්වයා අවබෝධයට පමුණුවනවා, නිවනට පමුණුවනවා යන වටිනා අර්ථය මජ්ඣිමා පටිපදා යන්නෙහි අර්ථය මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි වරදවා ගන්න අය දකින්නේ නැතිව යනවා. එසේ වැරදවීම නිවන් අවබෝධ කරන මාර්ගය වැරදවීමක් වෙනවා, එසේ වැරදවීම නිවන් අවබෝධ කරන මාර්ගය අපැහැදිලි කිරීමක් වෙනවා. එසේ මාර්ගය වැරදවීම, මාර්ගය අපැහැදිලි කිරීම සම්මා සම්බුද්ධ සාසනය අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

අන්ත දෙකක් බැහැර ලා එම අන්ත දෙක මැද ඇති යම් ස්වරූපයකට අනුරූපී දහම් දෙසීමකින්, ප්‍රතිපදාවකින් බුදුරජානන් වහන්සේ සත්වයා අවබෝධයට පමුණුවනවා, නිවනට පමුණුවනවා යන අර්ථය බුදුරජානන් වහන්සේ දේශනා කළ හේතුඵල ධර්මය යනු කුමක්දැයි වටහා ගැනීමට අතිශයින්ම රුකුල් දෙන අර්ථයක්. හේතුවකින් ඵලයක් හටගනී, එම හේතුව නැති වීමෙන් ඵලය නැති වේ යන දහම් දෙසීම සියල්ල ඇත සහ සියල්ල නැත යන දෘෂ්ටි අන්ත දෙක බැහැර ලා එම අන්ත දෙක මැද ඇති යම් ස්වරූපයකට අනුරූපී දහම් දෙසීමක් බව වටහා ගැනීම දහම් අවබෝධ කිරීමට අතිශයින්ම රුකුල් දෙන කරුණක්. මේ ගැන සඳහන් එක් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ නිදානවග්ගයේ අභිසමයසංයුත්තයේ ගහපතිවග්ගයේ ජාණුස්‌සොණි සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp8/140 ] දැක්විය හැකියි.

මජ්ඣිමා පටිපදා යන්න මධ්‍යම ප්‍රතිපදාව යන අර්ථයෙන්ම විමසා බැලිය යුතු නුවණැස ඇති කරන තවත් විමසිය හැකි ආකාරයන් තිබෙනවා. එවන් තවත් විස්තර කිරීමක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහාවර්ගයේ සච්ච සංයුත්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තනවග්ගයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp11p2/294 ] දැකිය හැකියි. එම සූත්‍රයේ පහත පරිදි සඳහන්:

<quote>
මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
</quote>

ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ සඳහන් කාමසුඛල්ලිකානුයොගය යනු කුමක්ද, අත්තකිලමථානුයොගය යනු කුමක්ද, එම අන්තයන් සොයන්නන්ට ලැබෙන්නේ මොනවාද, එම අන්ත දෙක බැහැර ලා ඒ දෙපසටම යොමු නොවී කටයුතු කරනවා යනු කුමක්ද ආදි ලෙසින් විමසන පුද්ගලයාට එසේ පිළිපැදිය හැකි මධ්‍යම ප්‍රතිපදාවක් පවතී, එම මධ්‍යම ප්‍රතිපදාව නම් අන් කිසිවක් නොවා සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති සහ සම්මාසමාධි යන අංග අටෙන් යුත් ආර්ය අෂ්ඨාංගිය මාර්ගයමයි යන අවබෝධය ඇති වෙනවා.

අන්ත දෙකක් බැහැර ලා එම අන්ත දෙක මැද ඇති යම් ස්වරූපයකට අනුරූපී දහම් දෙසීමකින්, ප්‍රතිපදාවකින් බුදුරජානන් වහන්සේ සත්වයා අවබෝධයට පමුණුවනවා, නිවනට පමුණුවනවා යන වටිනා අර්ථය මජ්ඣිමා පටිපදා යන්නෙහි අර්ථය මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි වරදවා ගන්නා අය දකින්නේ නැතිව යනවා. එසේ වැරදවීම නිවන් අවබෝධ කරන මාර්ගය වැරදවීමක් වෙනවා, එසේ වැරදවීම නිවන් අවබෝධ කරන මාර්ගය අපැහැදිලි කිරීමක් වෙනවා. එසේ මාර්ගය වැරදවීම, මාර්ගය අපැහැදිලි කිරීම සම්මා සම්බුද්ධ සාසනය අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි බුද්ධ භාෂිත වචන පටලවා ගෙන මධ්‍යම ප්‍රතිපදාව යන අර්ථය ප්‍රතික්ෂේප කිරීම සහ එසේ වරදවා ගැනීමට අන් අයව යොමු කිරීම බොහෝ දෙනාට අහිත පිණිස පවත්නා ක්‍රියාවක් සහ බුදු දහම අතුරුදන් වීමට හේතු වන ක්‍රියාවක්.

මජ්ඣිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්ථය අද භාවිතා වන පරිදිම මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව ලෙස පවත්වා ගැනීම නිවැරදියි. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි එසේ නොවේ යැයි පැවසීම එහිමියන්ගේ වරදවා ගැනීමක් මිස සත්‍ය නොවෙයි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යන්න මජ්ජිමා පටිපදා ලෙස වරදවා ගැනීම සහ තවත් බොහෝ වචන වලට ව්‍යාකූල අර්ථ දීම බුද්ධ භාෂිතය බොහෝ සෙයින් විකෘති කිරීමක්. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි එසේ සිදු කරන්නේ අපැහැදිලි බවක් නොමැතිව පවතින බුද්ධ භාෂිත වචනත් නොමනා අර්ථ ඇති වන ලෙස වැරදවීමෙන් අන් අයට එම පැහැදිලි බුද්ධ භාෂිතය වටහා ගැනීමට බැරිවන පරිදි අසද්ධර්මයක් පැවසීම මිස පරම පවිත්‍ර බුදු දහම ලොවට ගෙන හැර පෑම නොවෙයි.

Skylark
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කෙලෙස් වලින් මත්වීමෙන් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කිරීම බුද්ධ දේශනාවට පටහැනි වන්නේ කෙසේද ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් අතහැර මධ්‍යස්ත ප්‍රතිපදාවක් අනුගමනය කලත් කෙලෙස් වලින් මිදීමට අවශ්‍ය මාර්ග ප්‍රතිපදාව අනුගමනය නොකරන්නේනම් නිවන් සාක්ශාත් කරගත හැකි වේද ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පැනයක් ඇසූ විට පිලිතුරු නැතිවන්නේ

    බයිලා වැල් වටාරම් හැම දොඩවන්නේ

    මානය නිසා නැත කිසිවක් පිලිගන්නේ

    තම නිවනයි මේ හැමගෙන් වහගන්නේ
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මජ්ඣිමා යන පාලි වචනයේ නිවැරදි අර්ථය මධ්‍යම යන සිංහල වචනයේ අර්ථයම බව සූත්‍ර කිහිපයක ඇති කරුණු වචන ලෙසිනුත් අර්ථ ලෙසිනුත් සසඳා බැලීමෙන් තහවුරු කළ හැකියි.

    ත්‍රිපිටක උදාහරණ රාශියක් පෙන්වලා ස්කයිලාක් කරන මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. ඒ බව තවදුරටත් විමසා බලන්නත් පුළුවන්,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වර්ගයේ එකාදසම සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp12/188 ] වැඩිහිටි භික්ෂූන්, මධ්‍යම භික්ෂූන් සහ නවක භික්ෂූන් ගැන සඳහන් කිරීමේදී මධ්‍යම භික්ෂූන්ගේ මධ්‍යම බව ගැන සඳහන් කිරීමට පාලියෙන් භාවිතා කර ඇත්තේ "මජ්‌ඣිමොපි" යන වචනය. එම භාවිතය සිංහල පරිවර්තනයේ 151 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/188 ], පාලියෙන් ඊට පෙර ඇති 150 පිටුවේත් [ http://thripitaka.org/view/bjts/sp12/187 ] දැකිය හැකියි. එම සූත්‍රයේ "මජ්‌ඣි" යන කොටස "මජ්‌ඣිමොපි" යන වචනයේ යෙදී ඇත්තේ මධ්‍යම යන අර්ථයෙන් බවත්, මත් වීමක් හැඟවීමට නොවන බවත් බව දැකිය හැකියි. ඒ වැඩිහිටි සහ නවක භික්ෂූන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් මධ්‍යම භික්ෂූන් ඉන්නා බව දැකීමෙන්.

    මජ්ඣිමා යන වචනය එලෙසින්ම මැදුම්, මධ්‍යම යන අර්ථයෙන් භාවිතා කර ඇති සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ ආටානාටිය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp3/328 ] දැක්විය හැකියි. එම සූත්‍රයේ ආරම්භයට ආසන්නව මහ තෙද ඇති යක්කු, මැදුම් තෙද ඇති යක්කු සහ හීන තෙද ඇති යක්කු හැඟවීම සඳහා පාලියෙන් උළාරා යක්ඛා, මජ්ඣිමා යක්ඛා සහ නීචා යක්ඛා යන පාලි යෙදුම් පිළිවෙලින් භාවිතා කර තිබෙනවා. එහිදී මහා බල පරාක්‍රමයෙන් සහ හීන බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු අතර මධ්‍යම ප්‍රමානයේ බල පරාක්‍රමයෙන් සමන්විත යක්කු ඉන්නා බව දැක්වීමට මජ්ඣිමා යන පාලි වචනය භාවිතා කර ඇති ආකාරයට අනුව මජ්ඣිමා යන වචනයේ නිවැරදි අර්ථය මැදුම්, මධ්‍යම යන වචන වල අර්ථයම බව තහවුරු කළ හැකියි.

    මෙහි මධ්‍යම භික්ෂූන්වහන්සේලා ළඟ යම් ජ්‍යෙෂ්ඨත්වයේ ලක්ෂණත් ඒ වගේම යම් නවක ලක්ෂණත් තිබෙන බව සිතාගන්න පුළුවන්. ඒ අර්ථයෙන්ම උන්වහන්සේලා "මධ්‍යම" භික්ෂූන් වී ඇති බව පැහැදිලි කරුණක්. ආටානාටිය සූත්‍රයේ "මධ්‍යම" යක්කු කියන්නෙත් මීට සමාන අර්ථයකින්. "ජ්‍යෙෂ්ඨත්වය/මහා බල පරාක්‍රමය" එක අන්තයක් ලෙසත් "නවක බව/හීන බල පරාක්‍රමය" අනෙක් අන්තය ලෙසත් ගත්තහම මධ්‍යම භික්ෂූන්ට හෝ මධ්‍යම යක්ෂයන්ට ඒ අන්ත දෙකේම ලක්ෂණ තිබෙන බව පැහැදිලියි.

    මේ "මජ්ඣිම" වචනය හැම අවස්ථාවකම යොදාගෙන තියෙන්නේ යම් අන්ත දෙකක් මැද පිහිටි ඒ අන්ත දෙකේම ලක්ෂණ සුළුවශයෙන් හෝ අඩංගු වෙන කාරණා ගැන කියලා පැහැදිලියි.

    නමුත් යම් වචනයක "මජ්ඣ" කියලා යෙදිලා ඊට පස්සේ එන අකුර "ම" කාරයක් නොවුනොත් ඊට ලැබෙන්නේ වෙනත් තේරුමක්.
    උදා: මජ්‌ඣෙ, මජ්‌ඣන්තික


    "ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශ සමුදය දෙවන අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි."
    මජ්‌ඣෙ සූත්‍රය - http://pitaka.lk/31157/cs,aps
    යම් අන්ත දෙකක ලක්ෂණ කොහෙත්ම නැති අර්ථයෙන් තමයි "මජ්‌ඣෙ" කියල තියෙන්නේ, "මජ්‌ඣන්තික" ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්.

    න අන්තලික්ඛේ, න සමුද්ද මජ්ඣෙ... කියන තැන සමුදුර මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.
    චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ... කියන තැන ජනතාව මැද කියන්න මිසක් "මජ්ඣිම" අර්ථයෙන් නෙවෙයි.

    ඉතින් මුලින්ම තේරුම් ගන්න ඕනේ "මජ්ඣිම" කියල යෙදෙන වචනවලයි, "මජ්ඣ" කියල යෙදුනට ඊට පස්සේ "ම" කාරයක් යෙදිලා නැති වචනවලයි තේරුම් වෙනස් බව.

    කාමසුඛල්ලිකානු යෝගය කියන අන්තයටත්, අත්තකිලමථානු යෝගය කියන අන්තයටත් සම්පූර්ණයෙන්ම බැහැරින් ඇති, නිවන් පිණිස ඇති මාර්ගය ධම්මචක්කප්පවත්ත සූත්‍රයේදී හඳුන්වන්නේ "මජ්ඣිමා පටිපදා" කියලයි.


    මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.

    ධම්මචක්කප්පවත්ත සූත්‍රය - http://www.thripitakaya.org/tipitakaya/Index/148?s=2575
    දැන් ස්කයිලාක් සූත්‍ර ගණනාවක පෙන්වලා දීපු "මජ්ඣිම" අර්ථය මෙතනට යෙදුවොත් එය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පටහැණි වෙනවා. එවිට "මජ්ඣිමා පටිපදාවට" අත්හල යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානු යෝගයේත්, අත්තකිලමථානු යෝගයේත් ලක්ෂණ සුළු වශයෙන් හෝ අඩංගු විය යුතු නිසා.

    තව දේවල් කිහිපයක් තියෙනවා තේරුම් ගන්න

    1. යම් සූත්‍ර ප්‍රමාණයක "මජ්ඣිම" යන වචනය අඩංගු වුන පමණින් මුළු ත්‍රිපිටකයේම යෙදිය යුතු එකම වචනය බවට එය පත්වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ වෙනත් තැන්වල "මජ්ජිමා" ලෙස යෙදෙන්නත් පුළුවන්.
    2. ලංකාවේ ඇති ග්‍රන්ථාරූඩ ත්‍රිපිටකය 100% ක් නිවැරදි බව කියන්න පුළුවන් තවත් බුදුවරයෙකුට පමණයි. පෘථග්ජනයින් විසින් ලෝකෝත්තර ධර්මය ලියා තබනවිට වැරදි ඇතිවීම ස්වාභාවිකයි. එම වැරදි යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කළ හැක්කේ බුදු, පසේබුදු, අරිහත් උත්තමයන් වහන්සේ නමකට පමණයි. ග්‍රන්ථාරූඩ ත්‍රිපිටකයේ පරස්පර තැන් වැරදි ලෙස දකින්න පෘථග්ජනයින්ටත් හැකියාවක් තියෙනවා.
    3. පාලි භාෂාවට අකුරු නැහැ.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මජ්ජිමා පටිපදාව කියන්නේ මත්වීමෙන් නිදහස් වීමේ මග. ලෝභ මද, ද්වේෂ මද, මෝහ මද වලින් නිදහස් වී නිවන් අවබෝධ කිරීම මජ්ජිමා පටිපදාව ලෙස අවබෝධ කරගැනීම ඉතාමත් ධර්මානුකූල බව පැහැදිලියි. (එම අවබෝධය ස්කයිලාක් පෙන්වා දුන් අර්ථයට වඩා තර්කානුකූලත් වෙනවා.)

    මේ පරම සත්‍යය නිරාවරණය කළ මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේට දීර්ඝායුෂ වේවා!!! මේ ධර්මය මතු කරන කළණ මිතුරන්ටත් පින් සිදු වේවා!

    bump