

හැබැයි ගෙඩි එන්න කලින් අල ගලවන්න ඕන එහෙම නැතුව ගෙඩි ආවට පස්සෙ අල ගැලෙවුවොතින් පිටි ගතිය නැති වෙලා ජරස් බරස් ගාල හැපෙන්න ගන්නවා
සාමාන්යෙන් අල උගුලන්නෙ අතු බෙදිලා මල් හැදෙන්න ඕන්න මෙන්න තියලා
ගොඩක් ලාවට ආස නම් අතු බෙදුනු ගමන් උගුලන්න ඕන(හැබැයි අල පොඩියි අස්වැන්න අඩුයි)
එක එක වර්ග තියනවා තුන්මාසෙ හිගුරල කිරි කවඩි ඒ ඒ වර්ග වලට අනුවත් අල බහින කාලය වෙනස්වෙනව කොහොම උනත් ඉස්සරහට ලොකුවට ම ආහාර හිගයක් එවි කියලා හිතෙනවා ගෙදර පුලුවන් හැම දේම හදාගන්න එක තමා වටින්නේ නැත්නම් බඩිගින්නේ මැරෙන්න වෙන්නේ ජය වේවා බුදු සරනයි