මම මේ දවස් වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ මාසයක නිවාඩුවකට. ඉතින් මට ඊයේ රටේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකව හම්බ උනා.
AKD මුණගැහුනා කිවුවට ඒක ඇත්තටම හමු වෙච්ච එකක් නොවෙයි. සම්පුර්ණයෙන්ම හීනයක්. ඒක ඇත්තටම හරිම විකාර සිහිනයක්. මම අනුර කුමාරව පුද්ගලිකව හඳුනන කෙනෙක්වත් නොවෙයි.
අපේ අම්මයි තාත්තයි ඉස්සර ඉඳලම උග්‍ර JVP. මම නම් තනිකරම JVP විරුද්ධ මතධාරියෙක්. අපේ අම්මටයි තාත්තටයි දැන් ගොඩක් වයසයි. දෙන්නටම දැන් වයස 65 වෙනවා. අපේ ගෙදර ඉතා හොඳ ශක්තිමත් කොස් ලෑලි වලින් හදපු ඩෙස්ක් බංකු කිහිපයක් තියනවා. අම්මයි තාත්තයි නිතරම කියන්නේ මේ බංකු ටික ඉගෙන ගන්න කාට හරි දෙන්න කියලා. මේ බංකු හදලා දීලා තියෙන්නේ අපේ සියා . 70 දශකයේ වගේ. ඒ දවස් වල තාත්තට උගන්වන්න ඉංග්‍රීසි ගුරුවරයෙක් ඇවිල්ල තියනවා කොලබින්. අපේ සීයා වියදම් කරලා තාත්තටයි ගමේ ඉන්න අනෙක් ළමයින්ටයි ඉංග්‍රීසි උගන්වලා. ඒ ඩෙස්ක් බංකු තමයි තියෙන්නේ තවමත්. මේ ඩෙස්ක් බංකු තවමත් ඉතා සවි ශක්තිමත් මොකද මේවා හදලා තියෙන්නේ තනිකරම කොස් ලෑලි පාවිච්චි කරලා. තවම හොඳට පොලිෂ් කරලා තියෙන්නේ. නමුත් මමයි නංගියි මේ බංකු ටික දෙනවට විරුද්දයි ගොඩක්. ඉතින් දුන්නේ නැහැ කාටවත්.
( අපේ ගෙදර අයවත් මමවත් අනුර කුමාරව පුද්ගලිකව හඳුනන්නේ නැහැ. අඩුම තරමේ මම අනුරව හැබහින්වත් දැකලා නැහැ. දැකලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන්, TV එකෙන් , පත්තරෙන් වගේ විතරයි. )
===================================================
ඉතින් මෙන්න මේකයි හීනය. දවසක් අනුර කුමාර ඇවිල්ලා අපේ ගෙදර කට්ටිය එක්ක තේ බිබී කතා කර කර ඉන්නවා. මම කාමරයේ ඇඳේ නිදාගෙන හිටියේ. අනුර කුමාර අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි මේ ඩෙස්ක් බංකු ඉල්ලනවා. අපිට සල්ලි නැහැ බංකු ගන්න. ඉතින් මේ බංකුටික අපිට දෙන්න කියලා. ඉතින් අපේ ගෙදර අය අනුරට එයාගේ පක්ෂේ මුලස්ථානයේ තියාගන්න කියල ඩෙස්ක් බංකු ටික පරිත්‍යාග කළා. අනුර කුමාර දිසානායක කිවුවා ඒ බංකු ටික පක්ෂ මුලස්ථානයේ ලන්ච් හෝල් එකේ තියනවා. පක්ෂේ සාමාජිකයින්ට වාඩි වෙලා කෑම බිම ගන්න පුළුවන් කියලා.
ඉතින් දවසක් මම ගියා අනුරව හම්බ වෙන්න පක්ෂ මුලස්ථානයට. අනුර කිවුවා " සහෝදරයා කෑම ටිකක් කාලම යන්න කියල. මට කිවුව ඔන්න ඔතනින් පඩි පෙළ දිගේ බැහැලා පහලට යන්න කියලා. මම දැන් තට්ටු දෙකක් වගේ පහලට බැහැගෙන බැහැගෙන ගියා. වට පිටවම අඳුරු ස්වභාවයක්ට තිබ්බේ. ඒවගේම ඉතා ගනකම සහිත කොන්ක්‍රීට් දාල හදලා තිබ්බේ. ඇමරිකාවෙන් ඇවිත් බෝම්බයක් දැම්මත් පක්ෂ මුලස්ථානය ආරක්ෂා වන විදිහට තමයි හදලා තියෙන්නේ.
නමුත් සම්පුර්ණ බිල්ඩිම ම ගරා වැටිච්ච ස්භාවයක් තිබ්බේ. ගංජා දුමෙන් , බිඩි දුමෙන් පිරිලා. තැන තැන දාල ගිය කෑම පාර්සල් ඔතපු කොළ , අරක්කු බෝතල් වගේ දේවල් හැමතැනම. මුසල පෙනුමක් තිබ්බේ.
මම පහලට යනකොටම දැක්කා අපි පරිත්‍යාග කරපු ඩෙස්ක් බංකුව තියනවා . ඩෙස්ක් බැංකු සිය ගණනක් තිබ්බා. ඒ අතරින් අපේ බංකු ටික මට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් උනා.
ඉතින් මම ගිහින් බත් එකක් බෙදා ගෙන බංකුවේ වාඩි උනා. කෑමට තිබ්බේ නාඩු හාලේ බත් , අල හොද්දක්, ලුණු මිරිසක් එක්ක තව මොකක්ද එකක්. මම ඉතින් බත් කනකොටම බත් එක පෙරලිලා බංකුවත් කඩාගෙන වැටුනා. ඒත් එක්කම අනෙක් බන්කුත් කඩාගෙන වැටෙන්න ගන්නවා. හරියට නිකන් භුමි කම්පාවක් වගේ. කකා හිටියේ අපි හැමෝම උඩට දිවුවා.
මම පස්සේ එලියට පැනලා පාරේ දුවනවා. දැන් මම පාරේ දුවනකොට මම ඉන්නේ ඇමරිකාවේ San Francisco Bay Area එකේ. සාමාන්‍යයෙන් බේ ඒරියා වල පාරවල් කඳු සහිතයි. හොඳ කාපට් පාරවල්. මම කන්දක් දුවනවා හති දාගෙන. ටිකක් වෙලා යනකොට තේරුනා මගේ පස්සේ කවුරුන් හෝ බයික් එකකින් එලවනවා කියලා. පස්සේ හැරිලා බලනකොට Harley Davidson Bike එකක නැගලා මනුස්සයෙක් මගේ පස්සේ එලවනවා. මිනිහගේ හෙල්මට් එකේ රතු තරුවක් තිබ්බා ගහලා. ස්කිනි එකක් ඇඳගත්ත හැඩි දැඩි දේහයක් තියන මනුස්සයෙක්. ලංකාවේ වගේ පෙනුමක් තිබ්බේ. ඒ මනුස්සයකේ අතේ ලොකුවට දැකත්තයි මිටියයි තියන පච්චයක් ගහලා තිබ්බා.
පස්සේ මිනිහ මම දුවනකොට මගේ මග හරස් කරලා බයික් එක නැවැත්තුවා . මට කිවුවා අපේ නායක අනුර කුමාර සහෝදරයා ඔයාව එක්කගෙන එන්න කියලා. මම පස්සේ කිවුවා මට බැහැ එන්න කියල. මිනිහ කියනවා බැහැ කියලා බැහැ අනිවාර්යයෙන්ම ඔයාව එක්කගෙන යන්න වෙනවා කියලා. මම බැහැ කියලා කෑගැහුවා.
පස්සේ මිනිහා විසිල් එකක් ගැහුවා. එතකොටම NYPD Police cars තුන හතරක් ඇවිල්ල හරස් කරලා නැවැත්තුවා. මට පුදුමයි San Francisco වල කොහෙන්ද NYPD කියලා.
ඉන් පස්සේ මම දැක්ක ඒ හැම පොලිස් නිලධාරියෙක්ගේම කැප් එකේ ලොකු රතු තරුවක් තිබ්බා. ඇඳුමේ පැත්තකින් දැකත්තයි මිටියයි එක්ක ජවිපෙ ලාංචනය ගහල තිබ්බා. පස්සේ දැක්කේ පොලිස් වාහන වලත් රතු තරුවයි දැකත්තයි මිටියයි ගහලා තිබ්බා. යටින් ඇමරිකන් කොඩියත් එක්ක NYPD කියලා ගහලා.
පස්සේ අර මනුස්සය මාව බයික් එකට පොලිසියේ සපෝර්ට් එකත් එක්ක බලහත්කාරයෙන් ඉන්දවල ගැට ගැහුවා. පස්සේ බයික් එක පදවාගෙන Golden Gate Bridge එක උඩින් යනවා. පාලම පාස් වෙනකොටම මම හිටියේ දෙනියායේ. ජවිපෙ පක්ෂ මුලස්ථානය ඉදිරි පිට ඉස්සරහ හිටගෙන ඉන්නවා අනුර කුමාර .මම ඇහුවේ මේ කොහෙද කියල. බයික් එක පදවන සහෝදරයා කිවුවා මේ අපි දැන් ඉන්නේ දෙනියායේ කියලා.
අනුර ඉස්සරහට ඇවිත් තමුසේ අපේ සහෝදරවරු කෑම කන හෝල් එකේ ඩෙස්ක් බංකු ඔක්කොම කඩලා දැම්මා නේද. වහාම ගෙදර ගිහින් අපේ කඩපු බංකු ටික හදලා දෙනවා. ඒත් එක්කම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අනුරගේ පිටි පස්ස පැත්තෙන් හිටගෙන හිටියා. මගේ කෙල්ලගේ කටේ duct tape ගහලා. අත් දෙක බැඳලා . බංකු ටික හැදුවට පස්සේ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව අපි නිදහස් කරන්නම් කිවුවා. ඒත් එක්කම ඇහැරුනා. ඇහැරිලා බලනකොට මට හොදටම හෙම්බිරිස්සාව එක්ක උණ හැදිලා. පස්සේ පෙනඩෝල් දෙකක් එක්ක පිරිටන් එකක් බිලා නිදා ගත්තා.

Last edited: