මට උන උඹලට නොවෙන්න - 5

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට උන උඹලට නොවෙන්න - 5

    දරාගන්න බැරි වේදනාවකින් එදා කටුනායකින් ආවේ ,කරන්නනම දෙයක් නැති නිසා ,ආපහු හැරෙන්න බැහැ රස්සාවෙන් අස්වෙලා ,දුක වේදනාව ඉවසන්නම බැහැ ,තාමත් ඒ මතකය මතකෙට එනකොට ..හිත හිරිවැට්ටේනවා .
    එන් ජී ඕ එකෙන් ඩුබායි වලට .......පැය හතරා මාරක් කදුළු එක්ක ......
    ඩුබායි එතන ඉදලත් තව කිලෝ මිටෙර් 200 ඇතාට .....තවත් ලංකාවේ දෙන්නෙක් එක්ක ....මම එක කාමරේකට ..
    අනික් දෙන්නා තවත් කාමරේකට ............රෑ පාරේ කඩේකින් රොටියක් ජිවේතේට කාලා නැති
    උදේම වැඩපොළට ..........ගබඩාවට ................අඩි 20X 20 විතර ......................පිස්සු ඩබල් වෙනවා
    බඩු හැමතැනම ....................මාව සතෙක් වගේ බලන් උන් බංගලි,ඉන්දියන් ,පකිස්තාන් පිලිපින්..........මොකද කවදාවත් ගබඩා පාලක කෙනෙක් ඉදල නැහැ ...........උපදෙස් ...අපේ රටේ ලොක්කෙක්ගෙන් ............ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ ,.......මාසයක් ගෙවෙනවා ................අමු කට්ට රස්සාව එපා වෙනවා ගෙදරට කියනවා ආපහු එනවා කියල .....ගෙදරින් කියනවා එන්න කියලා ...............පුදුම කලකිරීමක් .....ඒ මදිවට .....අපේ රටේ එක්කෙනා ...මාව ගත්ත එකාගේ යාළුවා ......එයාට ඕනේ දවසෙන් දෙකෙන් ..ආප්ප බානවා වගේ වැඩ පෙන්නන්න ......මේක පැටලුණ නුල් බෝලේ වගේ ............ අනික සෙකන්ඩ් වෙන්නත් බැහැ ,කලකිරීම උපරිමේට ....තීරණයක් ගන්න අතරමන් වෙලා ......එක දිගට මාසයක් අතිකාල කරලා ගොඩ දා ගත්තා ...වැඩේ යනවා අය්තිකරය යක්ෂයෙක් වගේ .....මට ෆිට් උනා ...අවොත් මට අඩගහනවා බදු හොයාගන්න .....මට ටිකක් තැනක් තියනවා ...මේ ඉන්දියන් මලබාරි හැත්ත එක්ක ( ඩුබායි උන් දන්නවා මලයෝ කොහොමද කියල ) ......වැඩේ යනවා ..ගේමේ යනවා ......වලි යනවා ......................මගේ ගමන මම යනවා ..... ඕඩර් තියනවා බඩු එනවා යනවා .....කිසි පිළිවෙලක් ඇතුව වැඩ කරන්න මුන් ඉඩ දෙන්නේ නැහැ ......කැපිලි කොටියයි .....
    සහයට නේපාලි එකෙක් ඌ ටිකක් හොදයි .....හැබැයි ..ඉන්දියන් මුට්ටියා .....කොහොමහරි දෙන්න එක්ක උපරිමයට මහන්සි වෙලා වැඩ කලා ..තත්වයකට ගන්න ....එත් ලේසි නැහැ අපි යන්නේ ටියරියට ....උන් කරන්නේ උන් දන්නා විදියට ....බදු ගේන එකා ඉන්දියන් .....හැන්ඩියා ,උගතා ......හැබයි මගෙත් එක්ක ගේම ............අපේ එවුන් එක්ක හැමෝම උගේ පැත්තේ .....මම තනිවෙලා .....ඇරියේ නැහැ බැහැලා ගේම දුන්න ...ඌ මට පදිරි (මලයෙක් නෙමේ හින්දි එකෙක්) .....පස්සේ ඌ මට මාර විදියට සෙට් උනා ඌ හොද එකෙක් අදටත් මට හිටවත් ..පස්සේ මම උට උදව් කලා වලි නැතුව නේපාලිය ..ගියා අපේ එකෙක් ආවා .....වැඩේ කරගෙන යනවා .....අපේ අයට මම දන්නා උපරිම සපෝර්ට් එක දුන්න ......එත් මට ආවේ රිවස් එක .......... කට්ටිය කැඩිලා විසිරිලා ගියා ....අපේ රටේ එක්කෙනාගේ උදවුවෙන් මම පරිප්පු කනවා .කාලේ ගෙවනවා .....
    මැනේජ්මන්ට් ඔක්කම මලබාරී .....මගේ හතුරු ,මිතුරු ඔක්කම මලබාරී..යටින් ගේම් ගහනවා .......ඉස්සෙල්ලාම ....බඩු ගේන ඉන්දියන් එකාට ටිකට් එක එනවා ........ මම නිවාඩු යන්න කාලේ ලංවෙනවා .....මම නිතියනුකුලව,අනුමැතිය එක්ක .....නිවාඩු යනවා මාස දෙකකට ........ඒ අතරම ආයතනය තව ලොකු තැනකට අරගෙන යනවා............
    මම ආයෙත් වැඩට එනවා නිවාඩුවට පස්සේ උදේ වැඩට යනවා .....හවස පණිවිඩයක් .....කාර්යාලයෙන් ලියුමක් දෙනවා මාව අයින් කරලා වැඩට ආපු දවසෙම ......මට හිතාගන්න බැහැ ඇහුව හේතුව දන්නේ නැහැලු අය්තිකරය ගේ පුතා කියන්න කිව්වලු,මු මගේ එක්ක එච්චර හොද නැහැ ,...........මුන් මේ රටේ රජ පරම්පරාවට නෑකම් තියන උන් .....උසාවි යන්නද ? ............ලියුම අස්සන් කලා රූම් එකට ආවා ..
    මාසයක් කල් තියනවා ....දැන් රස්සා හොයනවා ..ඉල්ලුම් පත් දානවා ....මිනිස්සු බොරු කියනවා,කරනවා ....අන්දනවා ....දවස් 26 ගියා හිත හදාගන්නවා ආපහු ලංකාවට යන්න ....තව දවස් 04 යි ,
    කෝල් එකක් ඔෆිස් එකෙන් .....අය්තිකාරය බඩු වගයක් හොයනවා හොයල දෙන්න පුලුවන්ද කියල, වහනයක් එවැන්න මගෙන් ..........මම යනවා බඩු දෙනවා ...අය්තිකාරය ...උඹ වැඩකරපන් කියලා කිව්වා ..................ඔන්න ආයෙත් වීසා ගහල අයෙත් වැඩ ...........තව ඉන්දියන් එකෙන් එක්ක ...මට එදා වගේ දෙන්නෙක් බැහැ කියලා හැරෙන්න බැහැ ..මම පරදවෙලා .....හැබයි වැටිලා නැහැ එදා තිබුන තත්වෙටම එදා ලෙසටම මම ඉන්නවා, මම පොඩ්ඩක් වත් වෙනස් නැහැ .........................
    මාස අවුරුදු වෙලා ....කල් යනවා ..........ඉන්දියන් එකා යනවා තවත් ඒ වගේම ඉන්දියන එකෙක් එනවා ......................
    දවසක් අර යක්ෂ අය්තිකරය එනවා ....මල පැනල ...................වටේට ඇරලා ......අපිටත් ඇරලා .....................යනවා
    ආයෙත් කාර්යාලයට .........................ලියුමක් මා එක්ක වෙන තව 04 අස්කරලා ................
    ආයෙත් පුරුදු විදියට කාමරේ ....බොරු පොරොන්න්දු ,දුක් ගීත ............දුක කතා..............මමත් හවසත් අඩියක් එහෙම ගහල ඉන්නවා ....ගෙදර යන්න ලෑස්තිවෙලා . දවස් 20 කින් ආයෙත් කැදවීමක් වැඩට එන්න වැඩ කරන්න ..................අයිති කාරයාගේ පුතාගෙන් නියෝගයක් .............
    පිස්සු ඩබල් එදා එයා අද මෙයා ..................එදා මේද තුර මගේ ක්රියා පටිපාටිය කිසිම වෙනසක් වෙලත් නැහැ,එදා හිටපු තැන අදත් ඉන්නවා ......නැගලත් නැහැ බැහැලත් .........ජීවිතය අපි හිතන දේ ලබා දෙනවද ....අදටත් මට හිතාගන්න බෑ මේ සිදුවීම් පෙළ ...........අදටත් කිසිම හේතුවක් සදහන් කරලත් නැහැ ................. හැල හැප්පීම් එක්ක ගෙවෙනවා ..එදා තරම් පවර් නැහැ ...කලකිරීම් එමටයි ..
    එත් කරපු ගොන් කම් නිසා අද තැවෙනවා ....එදා මට අර ඉන්දියන් එකා එක්ක එකතු වෙලා මොන තරම් හම්බ කරගන්න තිබුනද ..එක මාසයකට 80000 - 100000 හොයන්න තිබුන මට කොයි තරම් අවසථාව තිබුනද, අවස්ථාව දුන්නද ?.......මම ඒ හැම දේම අහකට දාලා අවංක වීමේ පාපය අද අත්විදිනවා හොරකන් කිරීම වරදක් පාපයක් කියල හිතන්න දුන්න බුද්දිය නිසා මම පස්සට ගිය ...හිතන්න මොලයක් තිබුනේ නැත්නම් ...අද මම දිනුම් .......... ඒ ........තරම් කිසිම ක්රම වේදයක් නැහැ ......................අදටත් ඉන්න අල්ලපු රටේ උන් .......උපරිමයට ගහනවා ..........................මම කිසි දෙයක් නොදැක්ක ගානට ඉන්නවා .
    අපායට යතත් ඉස්සර වෙලා යන්න ඕනේ !

    https://www.elakiri.com/forum/showthread.php?t=1873455
    https://www.elakiri.com/forum/showthread.php?p=23766701#post23766701

     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් උඹ කියන්නෙ හොරකන් කරල අර ඉන්දියක් කාරයො වගේ මාරු වෙන්න කියලද? එහෙම නැත්තම් අවන්කව වැඩ කරොත් ජොබ් එක නැති වෙන්නෙ නෑ කියලද?

    මාසෙකට ලක්ෂයක් ගහල මාස කීයක් ජොබ් එකේ ඉන්න පුලුවන් ද? අහු උනොත් මොකද වෙන්නෙ?
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දැන් උඹ කියන්නෙ හොරකන් කරල අර ඉන්දියක් කාරයො වගේ මාරු වෙන්න කියලද? එහෙම නැත්තම් අවන්කව වැඩ කරොත් ජොබ් එක නැති වෙන්නෙ නෑ කියලද?

    මාසෙකට ලක්ෂයක් ගහල මාස කීයක් ජොබ් එකේ ඉන්න පුලුවන් ද? අහු උනොත් මොකද වෙන්නෙ?

    පටලගන්න එපා මචෝ මම ලියපුවා ..මම කිව්වේ සිදුවීම් .
    1. අවංකව වැඩ කලත් ,නොකලත් ජොබ් එක නැතිවෙනවා ඒ තැන තියෙන පරිපාලනය අනුව .( සිදු උනා සිදුවෙමින් පවතී )
    2 . 100000X24 = 2400000 ...මේ ගණන වැඩ කරලා ඉතුරු කල හැකිද ? ( අනුමත කරනවා නෙමේ ) මේවා අත දාල ගන්න ඒවා නෙමේ සැලසුම් සහගතව
    3 . අදටත් උන්ගේ මුල ඉදන් අගට ගහන උන් අනිකට සපෝර්ට් එකෙන් ගහනවා ..
    4 . එදත්,අදත්, හෙටටත් ...උන්ගේ වැඩේ කරනවා ..ආයතනයේ පරිපාලනයෙන් වැජබෙනවා .
    ඒක මලාබාරින්ගේ හැටි ..........
    බලපන් අපේ රටෙත් හැම තැනකම උඩ ඉදන් ගහන උන්ට ,කිසි හෙනයක් නැහැ ...බලදාරින්ගෙන්
     

    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    5 ta yanakal kiyewwa,uba patta karumayak gewanne ban,uba gena dukai.
    ubata magen monawada wenna one,puluwan deyak kiyapan man karanna uthsahayak gannam.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    5 ta yanakal kiyewwa,uba patta karumayak gewanne ban,uba gena dukai.
    ubata magen monawada wenna one,puluwan deyak kiyapan man karanna uthsahayak gannam.

    ස්තුතියි මිත්‍රයා වචනෙට ....ඔය වගේ ලැබුන හයිය නිසා අදටත් දෙපයින් කොන්ද කෙලින් කරන් ඉන්නවා .
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ..මම ඒ හැම දේම අහකට දාලා අවංක වීමේ පාපය අද අත්විදිනවා හොරකන් කිරීම වරදක් පාපයක් කියල හිතන්න දුන්න බුද්දිය නිසා මම පස්සට ගිය ...හිතන්න මොලයක් තිබුනේ නැත්නම් ...අද මම දිනුම් .......... ඒ ........තරම් කිසිම ක්රම වේදයක් නැහැ ......................අදටත් ඉන්න අල්ලපු රටේ උන් .......උපරිමයට ගහනවා ..........................මම කිසි දෙයක් නොදැක්ක ගානට ඉන්නවා .
    අපායට යතත් ඉස්සර වෙලා යන්න ඕනේ !


    Ohoma hithanna epa bro
    oya hitapu widihatama thawa tikak ivasala balanna
    hari yanakota hema deyak ma labenawa nohithana widihata