මට ඔයාව මග හැරුනා...
දකින දහසක් මුහුණු අතරේ
ඔයා දිහාම බලාගෙන
මම ඔයාගේ පස්සෙන්ම ආවා....
ඇවිල්ලා ඇවිල්ලා
හොදටෝම හෙම්බත්වෙලා
ඔයා නැවතුන තැනින්ම
මමත් නැවතුනා.....
එතකොටයි මම දැක්කේ
ඔයාගේ පැත්තකින්
අයිතිකාරයා ඉන්න බව....
ඔයා එකපාරටම
ආයෙත් දුවන්න ගත්තා
මම ආයෙත්
ඔයා පස්සෙන්ම ආවා
හැබැයි
මේ වතාවෙනම්
මට ඔයාව මග හැරුනා
හොයාගන්න බැරි වෙන්නම...
දකින දහසක් මුහුණු අතරේ
ඔයා දිහාම බලාගෙන
මම ඔයාගේ පස්සෙන්ම ආවා....
ඇවිල්ලා ඇවිල්ලා
හොදටෝම හෙම්බත්වෙලා
ඔයා නැවතුන තැනින්ම
මමත් නැවතුනා.....
එතකොටයි මම දැක්කේ
ඔයාගේ පැත්තකින්
අයිතිකාරයා ඉන්න බව....
ඔයා එකපාරටම
ආයෙත් දුවන්න ගත්තා
මම ආයෙත්
ඔයා පස්සෙන්ම ආවා
හැබැයි
මේ වතාවෙනම්
මට ඔයාව මග හැරුනා
හොයාගන්න බැරි වෙන්නම...