මට ජයන්ත ධර්මදාසගෙ මූණ බලන්නත් දැන් බැහැ - ශලනි තාරකා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    shalani-tharaka-jayantha-dharmadasa

    ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට රංගන ශිල්පිණී ශලනි තාරකා සහභාගීවීම ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්විය. එහිදී ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගේ නමද කියැවුනේ ශලනිට විශේෂ උදව්වක් කළ ළෙංගතුකමද ප්‍රශ්නයට නගමිනි. ඇයගේ නම අනුග්‍රාහක නම් ලැයිස්තුවේ තිබුණ අතර එයට අදාළ සාක්ෂි පැතිරයාමත් සමග සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කළේ ඇයට වියදම් කර එරටට ගෙනයාමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් හට තිබුණ උවමනාව කුමක්ද යන්නයි.
    මාධ්‍යවේදී රංගන ද සිල්වා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ ගැන පිලිතුරු සපයා ඇත. එම කොටස පහතින්

    මොකද්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ශලනි තාරකා සම්බන්ධය?

    ඇත්ත කතන්දරේ මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් මම පට්ට ෆෑන් කෙනෙක් ...මොකද මට කාලයක් තිබ්බා ක්රිකට් කියන දේ පෙන්නන්න බෑ ඒ ගැන මට තේරෙන් නෑ..මොකද අනේ මේක බලන්නෙ වගේ එකකට ආවා. නමුත් පහුගිය කාලේ ඇත්තටම අපි ක්රිකට් මැච් බලන්න ගියා ඉතින් ඒකෙන් පස්සේ මම ඒ ගැන.. ඒ ගේම් එකට හරි ආස වුණා. ඉතින් ඒකත් එක්ක තමයි ක්රිකට් මැච් බලන්න ගිහිල්ලා එහෙම අර ක්රිකට් ෆෑන් කෙනෙක් වුනේ. නමුත් . ටික කාලෙකින් ආයේ ඒක සාමාන්ය වෙලා සාමාන්ය මගෙ බිසී ජීවිතයට ආවට පස්සේ ඒකත් මග ඇරිලා ගියා.
    ඕක තමයි මගේ ක්රිකට් සම්බන්ධෙ ඊට එහා මට ක්රිකට් සම්බන්ධයක් ඇත්තටම නෑ. ‍
    හැබැයි සම්බන්ධතා හදන්න ගොඩක් අය දඟලනවා...


    ගොඩක් වෙලාවට කතා බහට ලක් වෙන්නේ පෞද්ගලික සබඳතා ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් එක්ක පෞද්ගලික සබඳතා ඔබට ඇත්තෙම නැද්ද?

    මේ උප සභාපතිතුමා ෆිල්ම් කෝපරේෂන්. හිටපු සභාපති ඒ වගේම රිදී රැයක් එකේ අපි අවුරුදු අටක් විතර මම පුංචි කාලෙ ඉඳන්ම දන්න මනුස්සයෙක්. ඉතින් ඒ පුද්ගලයා අපිට කලාකරුවෝ විදිහට ගොඩක් උදව් කරපු මනුස්සයෙක්. මට පෞද්ගලිකව නෙමේ සියලුම කලාකරුවන්ට ලෙඩ දුකේදි හැමදේකදිම උදව් කරපු මනුස්සයෙක්. ඉතින් ඒ පුද්ගලයාටම ඉහළින්ම ගරු කරන පුද්ගලයෙක් මගේ ජීවිතේ මෝටිවේෂන් එකක්. ඉතින් ඊට එහා එතුමත් එක්ක කිසිම සම්බන්ධතාවයක් අපි කිසිම කෙනෙක් අතර නැහැ.
    නමුත් හැම දේකදිම ඔහු අපිට ගොඩක් වෙලාවට උදව් කරලා තියෙනවා මට පමණක් නෙමෙයි ඒක ඉතින් ඒ හිතවත්කම සහ දැන ඇඳුනුම්කම තමා එතුමත් එක්ක තියෙන්නෙ.

    නමුත් ශ්රී ලංකා ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේදී මේක නරඹන්න යන්න ඕනිද. කණ්ඩායම තෝරා ගනිද්දී ඒ සඳහා නාම ලේඛන අතර ඔබේ නම තිබිලා කතාබහට ලක් වුණා මොකක්ද මේක?

    මට ඒක කියන්න වෙන්නේ මට වීසා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඉල්ලුම් පත්රයක්. ඒ ගැන අයදුම්පත්රයක් ලබා දුන්නා. නමුත් වීසා දුන්නේ එම්බසි එකෙන්. එතකොට මට වීසා ලබාගැනීමට අයදුම් පත්රයක් ලබා දුන්නා කියන්නේ මම එතන ඉන්න කාත් එක්කවත් සම්බන්ධතාවක් ඇතිකර ගත්තා කියන එක නෙවෙයි.
    ඔවුන් අපේ හිතවතුන් නිසා සහ මගේ යෙහෙළියකට වීසා ලබාගන්න ලෙටර් එකක් දුන්නා .. ඊට එහා දෙයක් මට එතනින් ලැබිලා නැහැ. මගේ පෞද්ගලික ගමනට මම ගියේ.. ඕස්ට්රේලියාවේ ගිය පළවෙනි වතාවත් අවසාන වතාවත් ඒ ගමන නෙමේ.
    ඊට කලින් මම අනන්තවත් මගේ මුදලින් ගිහිල්ලා තියෙනවා සහ මේ අවුරුද්දෙත් ගියා. ෂෝ එකකට..
    ලෝක කුසලානය බලන්න යන්න ක්‍රිකට් බෝඩ් එකින් සල්ලි දුන් නැහැ.. ඒක මම වගකීමෙන් කියනවා. හැබැයි මම ස්පොන්සර් ලෙටර් එකක් ගත්තා කියන එක මම අනිවාර්යයෙන්ම පිළිගත යුතු කාරණාවක්. ඉතින් එතැනදී මම ක්රිකට් බෝඩ් එකේ සල්ලි හොරාකාලා නං අර ලියුම ප්‍රින්ට් කරන්න ගිය රුපියල් 50 හෝ 100 මම ගෙවන්න සූදානම්.
    එතනින් එහාට මම ශ්රී ලාංකීය පුරවැසියෙක් විදිහට අයියේ නීතියට පටහැනි දෙයක් කරලා නෑ. හැබැයි යම් මොහොතකදී මෙතැන නීතිමය කාරණාවක් ඉස්මතු වුණොත් මම එකට බැඳී ඉන්නවා. මොකද මට ඊට වැඩිය දෙයක් මේ සම්බන්ධව කතා කළ යුතු නෑ කියලා මම හිතනවා. ඒකයි මම මුනිවත රකින්නෙ මෙතැනදි.
    නැතුව මම ගිල්ටි හින්ද නෙමේ මම ගිල්ටි නම් මම සාමාන්ය විදිහට ජීවත් වෙන්නේ මට මේක ෆේස් කරන්න කිසිම බයක් නැහැ මොකද මම මෙතන කිසිම වැරැද්දක් කරලා නෑ. අයුතු සම්බන්ධතා පවත්වා ලත් නෑ. ඒ නිසා මට අර කාරනාව පිළිගන්න පුළුවන්.


    ජයන්ත ධර්මදාස මහතා පිළිබඳ සෑහෙන කතාබහට ලක් වෙනවා. ඒ නම අලලා විවිධ කාරණා පිළිබඳව සාකච්ඡාවට ලක් වෙනවා. ඒ ගැන ඔබට තියෙන අදහස මොකක්ද?

    මෙහෙමයි. මනුස්සයෙක්ට කැරට් එකක් හම්බුනා මඩ ගහන්න තමන්ගේ තියෙන ඇරියස් කවර් කරගන්න ඕන තරම් මඩ ගහනවා හරිද.. ඒක එතැනදී මගේ නම ආවහම මම හරි සතුටුයි මම ලංකාවේ කැරට් එකක් ඉන්න මිනිස්සුන්ට ...ඒ ගොල්ලො වෙන ෆන් එකක් ගන්නවා. ඔච්චර තමයි මෙතන වෙන්නේ. එහෙම නැතුව එ මට වඩා වයසින් ගොඩාක් වැඩිමල් සහ මගේ තාත්තටත් වඩා වැඩිමල් මනුස්සයෙක්. මං ඒ මනසට ඉහළින්ම ගරු කරපු මනුස්සයෙක්. නමුත් දැන් වෙලා තියෙන මට පාරේ දැක්කත් ඒ මනුස්සයගෙ මූණ බලන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් අර අපිට මං දන්නේ නැහැ ඒ මනුස්සයා ඉදිරියට කලාකරුවන්ටත් උදව් කරයිද කියලා මේ වෙන දේවල් එක්ක...
    ඔහුත් ඉන්නේ මානසික පීඩනයක එයාගෙ වයසත් එක්ක ඉතිං එයිට එහා ඔහුත් එක්ක මට කතා කරන්න ලැබුනෙ නැහැ.
    මොකද මම මේක නීතිමය පැත්තට ගියොත් මම කතා කරන්න මගේ ලෝයර් ලත් එක්ක හින්දා ඒ අයත් එක්ක විතරයි..
    මේ ලංකාවෙ මිනිස්සු අහන්න කැමති තමන් අහන්න කැමති කතාව විතරයි. මෙතන ඇවිල්ලා ඔයාට කිව්වොත් මම මෙහෙම දෙයක් කරලා නෑ. මෙහෙම දැකලා නෑ කියල මිසක පිළිගන්නෑ ඒ මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා. ඔයාව ඔය කාඩ් එකක් ගැහුවොත් ඔයා එතනින් එහාට යන්න බෑ ඔයා ඒ කාඩ් එකේ විදිහට ඉන්නොනෙ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    ඔසී යන්න ඕන. බැරි වෙයිද ජයන්ත අයියට කියල ලියුමක් අරන්දෙන්න සලනි?
     
    • Haha
    Reactions: Cypress

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,784
    113
    නිකන්ම ස්පොන්සර් ලෙටර් දෙන්න නෑනේ බන් කවුරුත්. මේව නම් වැල් බයිලා
     
    • Like
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • තව මොනාවත් ප්‍රශ්න නෑ. ඔය කියන්නෙ ලියුමට ගිය රුපියල් 50 ගෙවන්නම් කියල :ROFLMAO: . වවුචරෙන් ගෙවල තියෙන්නෙ සමාන්තර විෂ්වයක් සලනි කෙනෙක්ට
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට ශ්‍රී ලන්කා ක්‍රිකට් එකට බෑරිද දන්නේ නෑ ඔසී යන්න කෑමති හෑමෝටම ලියුම් දෙන්න. දෑන් සලනිට දෙන්න කිසිම හේතුවක් නෑනේ. ඒ වගේ අනිත් අයටත් දෙන්න හේතුවක් ඕනේ නෑනේ.

    සලනිත් ගොබ්බ චාටර් හිගන වෑඩ කරලා ඈවිත් තව පොර ටෝක්ස් දෙන්නේ හරියට නාමල් රාජපක්ශ වෙඩින් එකට කරන්ට් අරන් බිල නොගෙවා ඉන්න ගමන් පොර ටෝක්ස් දෙනවා වගේමයි