මට ඕන ලංකාව!

ලාංකිකයෙක් විදිහටත් සිංහලයෙක් විදිහටත් කුමන හෝ ආගමක් ඇදහුවත් අපි හැමෝටම අපේ රට ගැන මේ ලංකාව ගැන තමන්ටම කියලා දැක්මක් තිබිය යුතුයි. මේ රට තවත් වසර 5ක් නැත්නම් 10 ක් එහෙමත් නැත්නම් 20 ට විතර පස්සේ කොයි වගේ වෙන්න ඕනිද ලංකාව කොයි වගේ රටක් වෙනවාටද කැමති කියලා හැමෝටම පැහැදිලි දැක්මක් තියෙන්න ඕනි.


අද ලංකාව තියෙන තත්වය ගැන අපි හැමෝම කැමති නෑ. ඇත්ත කතාව ඒකයි. අපි ට වෙන වෙනස් හේතු තියෙනවා, වෙන වෙනස් හේතු නිසා අපි දැන් තියෙන ලංකාවට කැමති නෑ. සිංහල බෞද්ධයෝ කැමතිත් නෑ, දෙමළ අය කැමති ත් නෑ, මුස්ලිම් අය කැමතිත් නෑ. පක්ෂ විදිහට බැලු‍වොත් ආණ්ඩුවට සහයෝගය දක්වන අයටවත් වර්තමාන ලංකාවේ තත්වයට කැමතියි කියන්න බෑ හදවතට එකඟව, ආණ්ඩු විරෝධීන් කැමතිත් නෑ, වෙළඳ ප්‍රජාව කැමතිත් නෑ, කඩේට බඩු ගන්න යන මනුස්සයා කැමතිත් නෑ, රෝහලකට යන රෝගියා කැමතිත් නෑ ඒකෙ වෛද්‍ය වරුන් කැමතිත් නෑ, රජයේ සේවකයා කැමතිත් නෑ, රැකියාවක් කරන මනුස්සයා කැමතිත් නෑ රැකියා විරහිතව ඉන්න කෙනා කැමතිත් නෑ.


කොටින් ම කිව්වොත් හැමෝම බලන්නේ මොකක් හරි රටකට පැන ගන්නයි. පැය ගාණන් තානාපති කාර්යාල වල පෝලිම් වල ඉඳලා කට්ට කාලා හරි හොරෙන් බෝට්ටුවකට පැනලා රිංගලා හරි තමන්ගේ සියල්ල උකස් කරලා හරි අපේ මිනිස්සු බලන්නේ වෙන රටකට පනින්නයි.


කොටින්ම කියනවා නම් දැන් තියෙන තත්වයට මහින්දයි ගෝඨා යි කැමතිත් නෑ!


අපි හැමෝටම කැමති වෙන්න පුළුවන් ලංකාවක් අපිට හදා ගන්න පුළුවන් ද? මෙන්න මේක අනුව තමයි අපේ රටේ නැත්නම් මේ අපේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් අපි හදා ගන්න ඕනි මොන වගේ රටක්ද? මගේ දැක්ම මගේ රට ගැන!
 
Last edited: