සහෝලා මට තවම මගේම කියලා වහනයක් නැති උනත් ලොකු ආසාවක් ආව Online Entrepreneurs Club කියල ස්ටිකර් අකුරු කපලා වහනෙක අලවා ගන්න. මට දැනට වහනයක් නැති නිසා තාත්තගේ වාහනේ ගහන්න කියලා හිතුවා. කොල්ලෙක් විදිහට මමත් ආසයි ඒවගේ දේවල් කරන්න. ඒක ගොඩක් කොල්ලන්ගේ හීනයක්. ඒත් මට එපා උනා බන් ගෙදර මිනිස්සුන්ව. තාත්තා කැමති නැහැ මේ ස්ටිකර් අලවන එකට. අම්මට කියලා මොනවා හරි ශේප් එකක් දාගන්න බැලුවා. අම්මත් ගන්නේ තාත්තගේ පැත්ත. වෙනද මොන දේටත් මගේ පැත්ත ගන්නේ ආච්චි. එයත් දැන් වෙනස් වෙලා .
ඇයි බන් දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවෝ ඉදිරියට යන්න දගලනකොට එක වචනෙකින් හරි සප් එකක් දෙන්නේ නැත්තේ. එයාලා පුදුම තරහක් තියෙන්නේ මම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරනවට . එයාලා තවම ඉන්නේ යල් පැනගිය යුගයක. එයාලගේ කාලේ වගේ නොවෙයි නේ බන් අද කාලේ.
මටනම් අපේ තාත්තව එපා වෙලා ඉන්නේ හොඳටම. එයාල ඉන්නේ අමුතු මානසිකත්වයක බන්. එයාලට මේවා ගැන අවබෝධයක් නැහැ. තවම අම්මයි තාත්තයි උදේ 8 - 5 ජොබ් කරන අය . අන්තිමට එයාල කරගත්තු දෙයක් නැහැ. බලපන් තාත්තාට මෙච්චර වයසට ගිහින් අවුරුදු 45 වෙලත් තවම පදින්නේ Hyundai Tucson Diesel 2011ලඩියක්. ඇයි බන් මේ මිනිස්සු අපි මෙච්චර ඉදිරියට යන්න හදනකොට වල කපන්නේ. ස්ටිකර් එකක් ගැහුවා කියලා වාහනේ ට මොකක් වත් වෙන්නේ නැහැ නේ. අන්තිමට කතාව දුර දිග ගිහින් තාත්තා මට කනට ගහල පයිනුත් ගැහුවා. මට ජීවිතේම එපා උනා බන්.
අපේ ගෙදර මිනිස්සුන්ට ඕනේ මට උගන්වලා එයාල කරන අට පහ සම්ප්‍රධායි ජොබ් එක මට උරුම කරන්න. දැන් පුදුම වදයක් බන් ගෙදරින් දෙන්නේ SLIIT එකට enroll වෙන්න කියලා වද දෙනවා නොනවත්වාම. මම බැලුවේ BIT එක කරන්න කියලා. ඒක නිදහස්. SLIIT full time ගිහාම වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. දැන් සතියක ඉඳල කුණු බැනුම් ගෙදරින්. එක්කෝ මම ගෙදරින් යනවා.