මට දෙන්න මට දෙන්න

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    මට දෙන්න මට දෙන්න

    මට දෙන්න මට දෙන්න
    මොහොතකට මට දෙන්න
    ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න ....

    දෙතොල් පෙති හැඩ කරන සිනා රේඛා මවන
    ... කැඩපතක මගේ රුව මොහොතකට දකින්නට
    කදුලු බිදු සගවගෙන දුක දැරූ අම්මාව
    දෙනෙත් මත තුරුලුකර එක වරක් සිපගන්න ....

    මට දෙන්න මට දෙන්න
    මොහොතකට මට දෙන්න
    ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න ....

    ගී කියන විහගුන්ට රොන් උරන බඹරුන්ට
    රහසේම මම සොයමි මල් පාට වු අරුම
    වැහි ඉහින අහස මත බර දරන පොලොව උඩ
    මගෙ හීන තබා යමි තවත් දවසක එන්න ....

    මට දෙන්න මට දෙන්න
    මොහොතකට මට දෙන්න
    ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න...

    248154_397857476931684_1517490678_a.jpg

     
    Last edited: