පැති කිහිපයක් තියෙනව ඔතන කතා කරන්ඩ වෙන.
1. බස් එකට ඩිපොවෙන් දවසට මේ රූට් එකේ මේ ගානට වැඩිය හෙව්වොත් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි දවසෙ නියමිත වැටුපට වඩා තවත් මුදලක් දෙනවා කියලා ඉලක්කයක් දීලා තියෙන්නේ. ඔන්න ඔය ටාගට් එක කවර් කරන්ඩ බෑ සීසන් ගත්ත ළමයි නැග්ගොත්.
2. ගොඩක් ස්කොල ලමයි 100km දුර යන්ඩ බස් එකට නගිනවා නෙවෙයිනේ. ඒ හින්දා ලග ලග නවත්ත නවත්ත යන්ඩ වෙනවා කියලා දුර දුවන බස් වලින් ගන්නෙ නැති අවස්තාත් තියෙනවා.
3. උදාහරනෙට
@Walter White දෙහිවල හන්දියෙ ඉදන් කොළබ යන්ඩ සීසන් එකක් අරන් එනවා. මෙතන
@Walter White යන ස්කෝලේට සීසන් දෙන්නේ රත්මලාන ඩිපොවෙන් කියලා හිතුවොත් ඒ සීසන් එකේ ගාස්තුව යන්නේ රත්මලාන ඩිපෝවේ ආදායමට. ඒත් මූ හැමදාම ස්කෝලේ යන වෙලාවට කවදාවත් රත්මලාන ඩිපෝවෙ බස් එකක් එන්නෙ නෑ. එක්කෝ මූ මහ පාන්දර ස්කෝලේ යනවා මැඩම් එක්ක ජින්කි ජිකා දාන්ඩ. නැත්තම් රත්මලාන ඩිපෝවේ හිතක් පපුවක් නැති පාලනාදිකාරිය හිතලම ස්කූල් ටයිම් එකට බස් දාන්නෙ නෑ. ඉතින් පානදුර - කොලබ ctb බස් එකක් එනවා දකිද්දී අඩෝ අන්න අපේ වල්තර දෙයියොගෙ ගමේ බස් එකක් එනවා නැවැත්තුවෙ නැත්තම් ගොඩ්ට කියලා ඕකුන් දෙන්නට ෆුකේ අරිනවා කියලා පාර මැදට පනින්න හදනවා. ඇත්තටම පානදුර ඩිපොවට වෝල්ටර් ගෙවපු සල්ලි ගියෙත් නැත්තම් අපි මොකද මූ නග්ගවාගෙන යන්නේ කියලා ඒ බස් එකේ දෙපලට හිතෙනවත් ඇති. මනුස්සකමක් තිබ්බනම් ස්කෝල පටන් ගන්න වෙලාවත් බලලා එහෙම හෝල්ට් වල නවත්තන උතුම් දුර ගමන් බස් සේවකයොත් අපෙ පැත්තෙ නම් හිටියා.
අන්තිමට ඔක්කොම කරුනු බැලුවම මානුශිකත්වය කියන දේ උඩට එනවා. ලංගම ළමයෙක්ට බස් එකක් නවත්තනවා නම් ඇත්තටම හොදයි. මොකද pvt බස් එකක නැති ආරක්ශාවක් ලමයෙක්ට ලංගම බස් එකේ තියෙනවා. ඉස්සර අපෙ පැත්තේ ගැහැනු කෙනෙක් හිටියා තමන්ගෙ දුව උදේම ස්කෝලෙ යන දවස්වලට දුව බස් එකට නගිද්දී ඒ වෙලාවෙ බස් එකේ එච්චර සෙනග හිටියෙ නැත්තම් ඒ අම්ම බස් එකේ යනවා ස්කෝලේටම දුවත් එක්ක. හැබැයි එතනදී දුව නගින්නේ ලංගම බස් එකකට නම් ඒ අම්මා යන්නේ නෑ. මිනිස්සුන්ට විස්වාසයි එතනදි ආරක්ශාව ගැන. පෞදගලික බස් වල දවසේ රැකියාවට එන ඩ්‍රයිවර්, කොන්දොස්තරට වඩා ජීවිතයම ලංගම රැකියාව කර ගත්ත මිනිස්සු අතින් වරදක් වෙන්නෙ නෑ කියන එකයි මන් කියන්නේ.
මෙච්චර හෑල්ලක් ටයිප් කරේ සීසන් එකේ ස්කෝලේ ගිය කොල්ලෙක් වශයෙන් ලංගමට ඇත්තටම ආදරේ එකෙක් විදිහට. අදටත් pvt බස් කීයක් යනකන් හරි ඉදලා ctb එකකම යන්නේ ආන්න ඒකට කෘතගුන සලකන්ඩ ඕනි හින්දා.
"මිනිසා වෙනුවෙන් නොනිදන මිනිසා - ශ්‍රී.ල.ං.ග.ම"
ටටා බායි. චෙරියො. ගුඩ් නයිට්