මෙහෙමයි..මිත්රයා ඔතන ඔයා හිතන විදිය හරි හෝ වැරදි හෝ මේක ඔයාගෙ ශද්දාවට හෝ ඔයාගෙ විශ්වාසයට අදාල කරගන්න එපා.අනික ඒක එහෙම වෙන්න හෝ නොවෙන එක අපිට අදාල කාරනාවක් නම් නෙවේ සහෝ කොටින්ම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන කාරනා 3ක් ගැන අපිට හිතලා තර්ක කරලා උත්තර ලබා ගත නොහැකි බව දන්නවද ?
එකක් තමා ඔය ඔයා හිතන එකත්, ඒ තමා කර්මයට අනුව නැවත ඉපදීම ( කොටින්ම කියනවා නම් මිනිසෙක් හෝ සතෙක් හෝ මැරිලා ගියාට පස්සෙ උපදින තැන ගැන තර්ක කරලා හෝ විස්වාස කරලා හෝ අපි යම් නිශ්චයකට එන එක) ඒක කරන්න පුලුවන් හරියටම සම්මා සම්බුදු කෙනෙකුට විතරයි.. ඒක ඒ තරම්ම සංකීර්ණ දෙයක් නිසා තමා එහෙම කියන්න ඇත්තෙ උන් වහන්සේ.. ඒක හරියටම මේ විශ්වයේ කොයිතරම් ග්රහ ලෝක තියෙනවද කොයිතරම් තාරුකා තියෙනවද කොයිතරම් උල්කාපාත තියෙනවද වගේ ප්රශ්නයක්.. නමුත් මේ සියල්ල උතුම් බුදු. කෙනෙක්ට වැටහුනත් අපිට ඒ ගැන දේශනා නොකරන්නෙ හේතු දෙකක් නිසා
එකක් තමා
අපේ නුවනින් ඒ දේවල් තේරුම් ගැනීමට අපොහොසත් වීම සහ ඒ දේවල් දැනගත්තත් අපිට උතුම් ඵලයකට යෑම් සදහා ඒ දේවල් වලින් ප්රයෝජනයක් නොමැති වීම. ඒ හින්ද දර්මය කරුනු හිතට එන එක හරි වටිනවා උනත් සමහර දේවල් අපි කොච්චර හෙව්වත් නිවැරදි තොරතුරු ගැනීමට නොහැකිවීම.. කවුරු හරි කෙනෙක් ඔය වගේ දේවල් වලට උත්තර දුන්නත් ඒ එයාගෙ පෞද්ගලික මතයක් විනා බුදුන් වහන්සේ දේශනා කල දෙයක් නොවිය හැකියි..
මම කියන දේම විස්වාස කරන්නැතිව,,,උතුම් කල්යාන මිත්රයන් වහන්සේ නමක් ගෙන් මීට වඩා දේවල් දැනගන්න පුලුවන් වෙවි..
මයිත්රී බුදුන් වහන්සේ සියලුම පාරමිතා පුරලා අවසන්.. ඒ හින්ද ආයෙ උන්වහන්සේ මනුස්ස ලෝකෙක උපත ලබන්නෙ නෑ.. මම අහලා තියෙන තරමින්..හැබැයි පෙරුම් පුරාගෙන යන වෙනත් බුදු කෙනෙක් හෝ පසේ බුදු කෙනෙක් වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන්
------ Post added on Feb 12, 2022 at 2:02 AM