මට යන්න බෑ මං යන තැන්වලින් මාව පන්නනවා
අප ජීවත්වන පරිසරය පුරා දුගතිගාමී වූ ප්‍රේත පිශාචාදී අමනුස්සයෝ විශාල වශයෙන් සැරිසරති. එසේ සිදුවන්නේ යම් යම් පුද්ගලයින්ට හා වස්තු දේපළවලට තණ්හාවෙන් මියයෑම නිසාය. ජීවිතයේ අවසාන අවස්ථාවේ “අපොයි මේ දේපළ මගේ. මම මහන්සි වී ගොඩනඟාගත් දේවල්. මට අයිති දේවල්. මම කොහොමද මේවා අතහැර යන්නේ? මේ මගේ බිරිය. මගේ දරුවෝ. මේ අය අතහැර යන්න බෑ. මේ මගේ සහෝදරයා. මූ මට සැලකුවේ නෑ. මම මළා ම මූ මගේ දේපළ භුක්ති විඳීවි. ඒකට ඉඩ තියන්න බෑ. මම මුගෙන් පළිගන්න ඕනෑ. මූව දාල යන්න බැහැ.” යැයි අවසාන චුති චිත්තය සමඟ සිතුවිලි පහළ වුවහොත් ඔහු හෝ ඇය ඒ දේපළ හෝ පුද්ගලයන්ට ඇලීමෙන් එහි ම උපදී. ඉන්පසු ඉන් කෙනෙක් ඒ දේපළ පිළිබඳ තණ්හාවෙන් බදාගෙන සිටිනවා මිසක ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකිව ද අනුන් ප්‍රයෝජන ගන්නවා දැක තරහෙන් ද මහත් දුක් විඳිති.
තවත් කෙනෙක් තමන් ගේ අකුසල කර්ම විපාක හේතුවෙන් ඒ ප්‍රේතාත්මයට ආවේණික වූ දුර්ගන්ධයෙන් එම පරිසරය අපවිත්‍ර කරමින් සිටිති. සමහර කෙනෙක් ඇල්මෙන් හෝ වෛරයෙන් සිටි පුද්ගලයාගේ සිරුරට රිංගා ගෙන ලෙඩ කරවති. ඒ දුගති භවයේ හෙවත් ප්‍රේතාත්මයේ ස්වභාවය අනුව එහි යැපීම සඳහා එම සිරුර අයිති පුද්ගලයාගේ කෙළ සෙම් සොටු පමණක් නොව රුධිරය ද උරාබීම නිසා එම රුධිරය විෂ වීමෙන් හා රුධිර හීනතාවයට ලක් වී රෝගියකු බවට පත්කරවයි.
ජීවත්වන කාලය තුළ මේ ජීවිතයෙන් පසු මරණයක් ඇතැයි ද, මරණයෙන් පසු තමන් ඊළඟ භවයක් ඇතැයි ද, ඒ භවය සකස්වන්නේ තමන් විසින් කරන ලද කුසල අකුසලයන්ට අනුව යැයි ද නොසිතන පුද්ගලයෝ තමන්ගේ ජීවිතය කෑමටත්, බීමටත්, මත්පැනටත්, පංචේන්ද්‍රියයන් පිනවීමේ විනෝදයටත් පමණක් සීමා කොට දුගතිගාමීව, ප්‍රේත පිශාචව උපදිති. ඔවුන් ජීවත් වූ කාලයේ කෙනෙකුට උදව්වක් යහපතක් සිදු නොකළ බැවින් ඔහු වෙනුවෙන් පිනක් දහමක් කොට අනුමෝදන් කරන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ ද නැත. දුගතියෙහි උපන් පුද්ගලයා එයින් මිදීමට නොහැකිව අනන්ත වූ කාලයක් සා පිපාසාවෙන් පෙළි පෙළී ශාරීරිකව ද මානසිකව ද දැවි දැවී දුක්විඳිති.
ඇය කොළඹට නුදුරු කාන්තාවකි. සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සිව කාලය ගත කරන විට ඇයට විවාහයක් කැර ගැනීම පවා අතපසු විය. දැන් ඇගේ වයස අවුරුදු හැටට ආසන්නව ඇත. ඇය දැන් ආතෙරෙටීස් රෝගයෙන් දුක් විඳින්නී අත පය ඇඟිලි පවා නවන්නට දිග හරින්නට නොහැකි වේදනාවෙන් පෙළෙයි. හෘදය වස්තුවේ කපාටයක් පවා ඉවත් කොට පපුව කෘත්‍රිම මැසිමක් මඟින් ක්‍රියාත්මක කරයි. මේ රෝගී තත්ත්වයෙන්, යම් සහනයක් හෝ ලබාගැනීමේ අදහසින් ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ කියවා ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය.
ඇගේ ශාරීරික දුර්වලතාව නිසා පළමු දිනයේ සුළු ප්‍රතිකාරයක් කොට බෝධි පූජා පවත්වා එන ලෙස එතැනින් උපදෙස් ලැබුණි. ඊළඟට නියම කළ දිනයේ ඇය සිය සහෝදරියන් සමඟ එහි පැමිණියාය. එදා ගුප්ත ගවේෂණයේදී ඇය හඬන්නට වූවා ය.