මට සැක සිතෙනවා බන්ලා..........

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට සැක සිතෙනවා බන්ලා..........

    මට පොඩි හැකයක් තියෙනවා, අපි දන්න මෑත ඉතිහාසේ වැරදියි කියලා. ඒ ඉතිහාසේ බොරුවක්. මෙන්න ඇත්ත...

    2015 ජනවාරියේ ලංකාවට ඇමරිකන්, ඉන්දියන්, යූ.කේ හමුදා ආක්‍රමණයක් සිදුවුනා. යැංකි හමුදා හා ඉන්ඩියන් වඳුරු හමුදා ලංකාවට කඩා වැදී අපේ වීරෝදාර රජතුමා පිටිපස්සට දෙකක් ඇනලා පන්නලා දැම්මා. 80% ජනබලයක් හිමිවුනත් ඇමරිකන් ගිජුලිහිණියාටවත් ඉන්දියන් වඳුරාටත් වගේ වගක් තිබුනේ නෑ.

    රජතුමා පන්නපු ඇමරින්ඩියන්ලා පොලොන්නරුවට හැලිගොබ්බරයක් යවලා ලබු කිරිබත් කකා හිටපු ජලාහුටං හිටං පඹයාව ගෙනල්ල ජනාදිපති පුටුවේ ඉන්දුවා. දැන් පඹයා නියමෙට ඇමරින්ඩියන්ලාට වැඩ කරනවා.

    රජතුමාගේ අංක එකේ ස්පොන්සර් වගේ පෙනී හිටපු කපටි චීනා ඇමරිකන් මාකැට් එකට බාල චීන බඩු විකුණන්න තියෙන චාන්ස් එක නැතිවෙයි කියලා රජතුමාට කොකා පෙන්නුවා. හුටං හිටං පඹයා එක්ක ඩීල් එකක් දාගත්තම ඇමරිකාවත් බේරගෙන බිස්නස් එක ගෙනියන්න පුලුවන් බවට කපටි චීන ගණන් බැලුවා.

    රජතුමාගේ අනික් සපෝටර් වුනු ෆුටින් තුමාත් අවාසනාවට ඒ කාලේ හරි බිසී. ඇමරිකන්, යුරෝපියන් ආයුධ වලින් සන්නද්ද වුනු ක්‍රිමියන් කාරයෝ හා යුක්‍රේන් කාරයෝ රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරලා තිබුණු නිසා ෆුටින්ට රජතුමාව බේරාගන්න සුක්හොයි එස්.යූ 27 දෙකතුනක්වත් මිග් 29 දුසින් බාගයක්වත් මේ පැත්තට එවා ගන්න ඉස්පාසුවක් තිබුනේ නෑ. මව් බිම නැතිනම් මරණය කියලා එතුමා සටන් බිමේ හිටියේ.

    "Don't worry mister former president....පස්සේ ගේම ඉල්ලන්න...මම බැකප් කරන්නම්..." ෆුටින් තුමා ට්විටර් මැසේජ් එකක් එවලා තිබුණා.

    දෙවෙනි ඇමරින්ඩියන් ආක්‍රමණය වුනේ මහ චන්දේ ප්‍රොතිපල එන දවසේ රෑ. පරදින බව දැනගෙන හිටපු ෆොනිල් කොලු පැන්චෙක් එක්ක බෙඩ් එකේ ඉන්නකොට ඇමරින්ඩියන්ලා කඩාගෙන පැන්නා. චන්දකොමා පන්නලා ප්‍රොතිපල වෙනස් කලා. කොළු පැංචා එක්ක හිටපු ෆොනිල්ව ඇහරවගෙන කෝට් එක අන්දලා ජලාහුටං හිටංගේ අගමැති කලා.

    හිටපු රජතුමාගේ අගමැති හීනයත් බොඳ කලා.

    මේක තමයි ඇත්ත කියලා මට හිතෙන්නේ එළකිරියේ දේශප්‍රේමීන්ගේ පොස්ට්/ත්‍රෙඩ් කියවාගෙන යනකොටයි.

    බලහංකො, අපි දන්න ඉතිහාසය බොරුනෙ. මහින්ද චන්දයක් කෝල් කරේ නෑ... ඔක්කොම ඇමරින්ඩියන්ලාගේ වැඩ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ,,,.,.,,,,.

    සොහොන;19485619 said:
    මසක් තුල ලංකාවට ප්‍රධාන පෙලේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු තිදෙනෙකු එති

    මාසයක් ඇතුලත දිවයිනට පැමිනි තුන් වැනි ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයාවූ දකුනු සහ අග්නිදිග ආසියානු කලාපයේ ආරක්ෂක කටයුතු පිලිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය එමී සීරයිට් තුන් දින ශ්‍රී ලංකා සංචාරය නිම කොට සඳුදා (21දා) නික්ම ගියා ය. සීරයිට්ගේ පැමිනීමට දින පහකට පෙරාතුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක තෝමස් ෂැනන් තෙදින සංචාරයකට දිවයිනට පැමිනියේ දෙසැම්බර් 14 දා ය. මීට පෙර එක්සත් ජාතීන්ගේ (එජා) සංවිධානයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සහ ඔබමා ආන්ඩුවේ කැබිනට් මන්ඩල සභික සමන්තා පවර් නොවැම්බර් 21දා දෙදින සංචාරයකට පැමිනියා ය.

    මෙම සංචාරයන්ගේ ද පසුගිය ජනවාරි මස රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයේ සිට වසර මුලුල්ලේ සිදුකෙරුනු ඇමෙරිකාවේ ඉහල රාජ්‍ය නිලධාරීන්ගේ ලංකා සංචාරයන්වල ද මූලිකම අරමුන අරමුන වී ඇත්තේ, ජනවාරි මස ජනාධිපතිවරනයේදී තම පිටුබලය ඇතිව බලයට ආ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගෝස්තුවේ පිහිටුවූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව චීනයට එරෙහි ඇමෙරිකාවේ මූලෝපායික අවශ්‍යතාවන්ට වඩවඩාත් සමීප කර ගැනීම යි.
    සීරයිට්ගේ කොලඹ සංචාරය ඇය පිටත්ව යන දිනය තෙක් ප්‍රසිද්ධ කෙරුනේ නැත. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ආසියානු සහ පැසිෆික් කලාපය වෙනුවෙන් ආරක්ෂක මූලෝපායන් සහ සැලසුම් වර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අදාල සියලු ප්‍රතිපත්ති කාරනාවන් සම්බන්ධයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල ජ්‍යෙෂ්ඨ නායකත්වයට ප්‍රධාන උපදේශක ඇය යි. ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය හැරුනු විට ඉන්දියාව ඇතුලු කලාපයේ සෑම රටක් සමගම ද්වී පාර්ශවීය ආරක්ෂක කටයුතු ඇයගේ විෂය පථයට අඩංගු ය. 2003-4 කාලයේදී විදෙස් සබඳතා කමිටුවේ කටයුතු කරමින් ආසියාව කෙරේ එක්සත් ජනපද කලාපීය ප්‍රතිපත්තිය සැකසීමට ඇය දායකවී ඇති බව සඳහන් ය.

    ලංකාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය නිකුත් කල මාධ්‍ය ප්‍රකාශයට අනුව,“අනාගත මානුෂීය මෙහෙයුම්වල, ස්වාභාවික විපත් ඇතිවූ විට සහ ලොවපුරා සාමසාධක කටයුතුවල දී ශ්‍රී ලංකා හමුදාවේ සාධනීය සහභාගිත්වය පිලිබඳ සාකච්ඡා කිරීම“ ඇයගේ සංචාරයේ අරමුන විය.ලෝකයේ විවිධ කලාපවල එක්සත් ජාතීන්ගේ ඊනියා සාමසාධක හමුදා මැදිහත් කිරීම් ඇමරිකාවේ අනුහස පතුරුවා ගැනීමේ එක් උපක්‍රමයකි. ඊනියා මානුෂීය මෙහෙයුම් ඇමරිකාව යොදා ගන්නේ තමන්ගේ විරුද්ධත්වයට ලක්වී ඇති පාලන තන්ත්‍ර මාරු කිරීම සඳහා ය. ලිබියාවේ ගඩාෆි තන්ත්‍රය පෙරලා, කුලල් කාගන්නා විරුද්ධවාදී ප්‍රතිගාමී මුස්ලිම් ආගමික කන්ඩායම් වලට ඉඩ සැලසූ මැදිහත්වීම සිදුකෙරුනේ හා දැන් සිරියාවේ මැදිහත් වීම් කෙරෙන්නේ "මානුෂීය මෙහෙයුම්වල" කොඩිය යටතේ ය.
    එක්සත් ජාතීන්ගේ ඊනියා “සාමසාධක“ හමුදාවට මිනිස් උන්ඩ සැපයීමට වොෂිංටනයේ සහය ලබන ජනාධිපති සිරිසේන කල්වේලා ඇතිවම පොරොන්දුවී සිටියේ ය. පසුගිය සැප්තැම්බර් 28දා නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ "සාමසාධක මෙහෙයුම් පිලිබඳ නායකත්ව සමුලුව" අමතමින් දැනට මෙම මෙහෙයුම්වල නිරතව සිටින 529ක ශ්‍රී ලාංකික මිලිටරි බලකායට අමතරව යුද, ගුවන් හමුදාව හා පොලිසිය නියෝජනය වන පරිදි යුද ප්‍රවාහන බලකායන් දෙකක්ද ඉන්ජිනේරු බලකායන් දෙකක් ද ක්ෂනික විහිදුම් සඳහා තවත් පාබල බලකායක්, විශේෂ කාර්ය බලකා දෙකක් හා සංග්‍රාම ඉන්ජිනේරු බලකායක්ද “සාමසාධක“ මෙහෙයුම්වලට ලබාදීමට සිරිසේන පොරොන්දු විය.

    යුද්ධයෙන් අවතනැත්වූ දෙමල ජනයාට “ඉඩම් නැවත ලබාදීම, සංහිඳියාව, විස්වාසනීය යුක්තියේ සංක්‍රාන්තිය පසිඳලන යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව“ ආදිය පිලිබඳව සීරයිට් මෙරට හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇත. මෙය ඉතා බැරෑරුම් ඇඟවීමේ සහිත කරුනකි. එජා මානව හිමිකම් කවුන්සිලයේ සැප්තැම්බර් සැසියේදී, ඇමරිකාවේ අනුග්‍රහයෙන් ලංකාව පිලිබඳව ඉදිරිපත් කර සම්මත කෙරුනු යෝජනාව ගැන මිලිටරියේ කොටසක විරුද්ධත්වයක් වාර්තාවූ තතු තුල ඇගේ මැදිහත්වීම එය සමනය කිරීම සඳහා කෙරුනු බවට සැක නැත.

    බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවසන්වූ 2009 වසරේ සිට චීනයට හිතැති හිටපු ජනාධිපති රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත් වෙනස් කිරීමට වොෂිංටනය යුද අපරාධ ඇතුලු මානව හිමිකම් කඩවීම් පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් පිලිබඳ ව්‍යාජ ඉල්ලීම් මත බලපෑම් කලේ ය. තමන්ට ගැති පාලනයක් පිහිටුවා ගැනීමෙන් පසු වොෂින්ටනය එම බලපෑම අත්හැරියේ ය. එම යෝජනාවෙන් නිර්දේශ කර ඇත්තේ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී විශේෂයෙන්ම යුද්ධයේ අවසන් මාසවල සිදුවූ මානව අයිතීන් කඩ කිරීම් පිළිබඳව විමර්ශනය සඳහා "ජාත්‍යන්තර සහභාගිත්වයෙන්" විනිශ්චය සභා පිහිටුවීමට ආන්ඩුවට ඉඩ ලබා දීමයි. එය, ඇත්ත වසයෙන් නම්, යුධ අපරාධ ආවරනය කර ගැනීමට ආන්ඩුවට ද මිලිටරියට ද ඉඩ ලබා දීමකි.

    මිලිටරිය පැහැර ගත් ඉඩම් ආපසු ලබාදීම, සංහිඳියාව හා යුක්තිය පසිඳලන යාන්ත්‍රනය ගැන සාකච්ඡා කිරීම, අනෙක් අතට, දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල සංවිධාන වලට ද ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ද යුද්ධයෙන් විපතට පත් දෙමල ජනයා අස්වැසීමට ලබා දෙන කඩතුරාවන් ය.

    සීරයිට්ට පෙරාතුව ලංකාවේ සංචාරය කල එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක තෝමස් ෂැනන් විසින් වඩාත් පුලුල් ලෙස ඇමරිකාවේ වැඩපිලිවෙල ඉදිරිපත් කර තිබිනි. ඔහුගේ දින තුනක සංචාරයේදී හමුවූ අය අතර ජනාධිපති සිරිසේන, විදේශ ඇමති මංගල සමරවීර, දෙමල ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද විය. එමෙන්ම ඔහු, 2016 පෙබරවාරී මස වොෂින්ටනයේදී සමරවීර සමග පැවැත්වෙන එක්සත් ජනපද- ශ්‍රී ලංකා සහයෝගිතා සංවාදය පිලිබඳව ද නිවේදන කලේ ය. උක්ත මූලෝපායික වැඩකටයුතු තවදුරටත් ගැඹුරු කරනු ඇති එකී සාකච්ඡා "ආරක්ෂක සහයෝගිතාව" හා "නාවුක ගමනාගමන ආරක්ෂාව" වැනි කෙලින්ම චීනය සමග ගැටෙන මූලික කරුනු හතරක් කේන්ද්‍ර කොට පැවත්වෙනු ඇත.
    හිටපු ඇමැතිවරයෙකුවූ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරන දේශනය පවත්වමින් ෂැනන් ජනවාරි පාලන තන්ත්‍ර මාරුවට ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර මුහුනුවරක් දීමට වෑයම් කලේ ය. “ශ්‍රී ලංකාව, ඡන්ද පෙට්ටිය හරහා තමන්ගේ රටේ ගමන් මග යලි සියතට ගැනීමටත්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ රට දීප්තිමත් අනාගතයක ගමන් මගේ පිහිටුවීමටත් ගත් පුරවැසියන්ගේ බලය පිලිබඳ නිදර්ශනයක්“ යැයි ෂැනන් කීවේ ය. තමන්ගේ මැදිහත්වීම හරහා සිදුකෙරුනු පාලන තන්ත්‍ර මාරුව ගැන යහමින් දන්නා ෂැනන්ගේ මෙම ප්‍රකාශය මහජනයාගේ ඇසට වැලි ගැසීමකි.

    ඇමෙරිකාවට මෙම දූපතේ ඇති තීරනාත්මක වැදගත්කම ගැන ඉඟි කරමින් චීනයට ඉන්ධන ඇතුලු අනෙකුත් අතවශ්‍ය භාන්ඩ ප්‍රවාහනයේදී අතිශයින් වැදගත් හෝමූස් හා මලක්කා සමුද්‍ර සන්ධි අතර මුහුදු මාර්ගය හරහා ගනන් නැති නැව් සංඛ්‍යාවක් ලංකාව පසුකරගෙන යන බව ෂැනන් කීවේ ය. ලෝකයේ සබ්මැරීන් ඉන්ධනවලින් සියයට හතලිහක් ප්‍රවාහනය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ද ලෝකයේ වෙලඳ නැව් ගමනාගමනයෙන් හරි අඩක් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ද සිදු කෙරේ.

    “සරලව පැවසුවහොත්, සමස්ත ලෝකයේම ස්ථාවරත්වය හා සමෘද්ධිය රැඳී ඇත්තේ මෙම අතිශය වැදගත් බලශක්ති හා වෙලඳ මාර්ගවල ස්ථාවරත්වය මත ය. එම කටයුත්තේදී ශ්‍රී ලංකාව කේන්ද්‍රීය වසයෙන් වැදගත්කමක් උසුලයි.“ ඉන්දියන් ඕෂන් රිම් ඇසෝසියේෂන් වැනි බහුපාර්ශවීය සංවිධානවලට ක්‍රියාශීලිව සහභාගි වෙමින්, “ආර්ථික බැඳීම් ශක්තිමත් කිරීමට හා නාවුක ගමන්වල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවයට ආධාර කිරීමට යොමුව ඇති කලාපීය ව්‍යායාම්වල මෙහෙයවීමට“ ලංකාවට උදව් කිරීමට හැකි බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක කීවේ ය.

    වොෂිංටනයේ මෙම දුරදිග යන සූදානම් කිරීම් ඇමෙරිකාව චීනයට එරෙහිව දකුනු චීන මුහුදේ උත්සන්න කරමින් තිබෙන ප්‍රකෝපකරනයන් සමග එක පෙලට සිට ගනී. එහෙත් ආන්ඩුව බලයට ගෙන ඒමේදී ඇමෙරිකාව සමග අත්වැල් බැඳගෙන ක්‍රියාත්මකවූ අධිරාජ්‍ය ගැති බලවේග, විශේෂයෙන්ම ව්‍යාජ වම්මුන් තවමත් මෙම සත්‍ය මහජනයාට වසන් කරමින් මෙම ව්‍යසනකාරී සූදානම් කිරීම්වලට සුදුහුනු ගාමින් සිටී. යටත්විජිත රටවල පාලක පන්තීන් දහසක් හුයපටින් අධිරාජ්‍යවාදයට ගැට ගැසී ඇතයි යනුවෙන් ලියොන් ට්‍රොට්ස්කි බොහෝ කලකට පෙරාතුව සඳහන් කල කරුන ලංකාවේ පාලක පන්තිය සම්බන්ධයෙන් සුවිශේෂයෙන්ම අදාල වී තිබේ.


    https://www.wsws.org/sinhala/2015/2015dec/usdi-25d.html
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    avatar105919_1.gif