මට ඊයේ හවස ඇදෙන් බහින්න පුළුවන් උණා. අපේ ලේන් එකේ ගොඩක් කට්ටියට දැන් අඩුයි. මට නං තවම කැරකැවිල්ල වගේ තියෙනවා. කන්න බොන්න බෑ හරියට තවම. කැස්ස නිසා උණුවතුරයි කොත්තමල්ලියි තමා ජීවිතේ. බෙහෙත් තව සතියකට ඇතිවෙන්න තියෙනවා. ගෙදර හදන සත්තු ටික දකින්න ඉවසිල්ලක් නෑ. නංගි විබාගෙ කරන නිසා අම්මල එන්න දෙන්නෑ කාමරේට. එයාව දැකලත් නෑ සතියකින්. ආදරේ කරන අයගෙන් ඈත්වෙලා ඉන්න එක මාරම දුකක්. කිසි කෙනෙක් අවශ්‍ය දේකට ඇරෙන්න එලි බහින්න එපා. කොරෝනා හැමතැනම. මට ඉක්මන් සුවය පතපු ඔක්කොටම හුගක් පින්. 
