මට_ලිංගික_අතවර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට_ලිංගික_අතවර

ජාත්‍යන්තර කාන්තා දිනය: "වෙළෙඳ කලාපයේදී මට ලිංගික අතවර කළා"


_105936404_23519052_182966495613687_2738771794972422608_n.jpg


තමන් රැකියාව කරමින් සිටි කටුනායක කර්මාන්ත ශාලාව තුළදී ලිංගික අතවරයට ලක් වූ බව ගම්පහ ප්‍රදේශයේ පදිංචි තරුණියක් පවසන්නීය. මේ සිදුවීමට මේ වන විට දින පහළොවක් ගත වී ඇතත් තමාට සාධාරණයක් ඉටු නොවූ බව ද අතවරයට ලක් වූ, චතුරිකා සංජීවනී පවසයි. ඒ වන විට ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවය කරමින් සිටියාය. "මගේ වයස අවුරුදු 29ක් වෙනවා. ගම්පහට කිට්ටුව ප්‍රදේශයක තමයි දැන් ඉන්නේ. තාත්තගේ මුල් ගම හලාවත මාදම්පේ. අම්මා නැහැ. මට බාල සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා," චතුරිකා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා වසර දෙකක් පමණ විදේශගතව සිටි ඇය 2017දී කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට එක් වී තිබේ.

"මම අවුරුදු දෙකක් මේකේ වැඩ කළා. ඒ අතරේ තමයි ලේ දන් දීමක් සංවිධානය කළා කියල ළමයි පස් දෙනෙක් සේවයෙන් ඉවත් කළේ. මේ ගැන වෟත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළා," චතුරිකා කීය. කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වැඩි පිරිසක් එම වැඩ වර්ජනයට එක් වී සිටියහ.

"මේ වර්ජනයට දින සති ගෙවිලා යද්දී පාලකයන් කළේ සේවකයන් බිලී බාන එක. වන්දි අරගෙන සේවයෙන් ඉවත් වෙලා යන්න හෝ නැවත සේවය සඳහා වාර්තා කරන්න යන අවස්ථා දෙක ම සේවකයන්ට ලබා දුන්නා. මාසයක් විතර යද්දී පඩි නැති නිසා බඩගින්නේ බෝඩිමට වෙලා හිටපු දවස් කීපයක් ම තිබුණා."

වැඩ වර්ජනය අරඹා දින 42කට පසු ආයතනයේ දැනුම් දීමකට අනුව ඇය නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කළාය.

ඒ වන විට තවත් සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සේවයට වාර්තා කර සිටි බවත් ඔවුන්ට යම් යම් හිරිහැර මධ්‍යයේ සේවය ලබා දෙමින් සිටි බවත් ඇය කීවාය.


_105936407_22853176_178383589405311_4078819493365671549_n.jpg


චතුරිකා සංජීවනි

"මම වැඩට ගියේ වෙන කරන්න දෙයක් නැති ම නිසයි. මට බඩගින්න දරා ගන්න බැරි වුණා. ඒ නිසා මම වෟත්තීය සංගමයට කිව්වා මම වැඩට යනවා කියලා. ඒ අය එපා කිව්වා. නමුත් මට වෙන කරන්න දෙයක් නැති නිසා මම ගියා," චතුරිකා විස්තර කළාය. "ගිය ගමන් පාලනාධිකාරිය කළේ මගෙන් ලියුම් දෙකකට අත්සන් ගත්තු එක. ඉන් එකක් වුණේ ආයේ වැඩ වර්ජනවලට එක් වන්නේ නැහැ කියන එකයි. අනෙක් ලිපිය වුණේ වෟත්තීය සමිතියෙන් ඉවත් වෙනවා කියන එකයි."

ඇය ඒ අනුව පෙබරවාරි 20 වන දින සේවයට වාර්තා කළ තමාට වැඩ දෙන ලෙස ඉල්ලා සිටි විට මුලින් ම ලැබුණේ "හූ සංග්‍රහයක්" බව ඇය පවසයි. "ඊට පස්සේ වෙච්ච් දේවල් මට කියන්න බැහැ. පිරිමි පස් දෙනෙක් එක්ක තව කාන්තාවක් මේ වැඩේට එකතු වුණා. මට එහෙන් ඇන්නා මෙහෙන් ඇන්නා. මම ඒ වෙලාවේදී අන්ත අසරණ වුණා. මේ සියලු දේ පාලනාධිකාරිය බලාගෙන හිටියා. පස්සේ මට වැඩ දුන්නේ කාන්තාවන්ට තහනම් වූ කලාපයකයි," තමා අත්විඳි දෑ හෙළි කරමින් චතුරිකා පැවසීය. තමා සේවයට යෙදවූ කලාපයේ ඊට පෙර සේවය කළ සේවිකාවන් කීප දෙනෙකු ම ගබ්සා වී තිබූ නිසා එම කලාපයට ඇතුළු වීම කාන්තාවන්ට තහනම් කර තිබූ බව ද ඇය කීය.

_105936411_11050001.jpg


වෙළඳ කලාපවල සිදුවන "අසාධාරණවලට" එරෙහි විරෝධතාවක්


"මම එතන වැඩ කරන්න ගියත් වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ඒ ගැන පැමිණිලි කළා. මට කිව්වා වැඩ කරන්න බැරි නම් යන්න කියලා. ඒ අනුව පැය භාගයක් ඇතුළත මම ඕෆ් වෙලා එළියට අවා. එසේ එද්දී කීප දෙනෙක් ම එකතු වෙලා මට හිරිහැර කළා. හූ කිව්වා. අන්තිමට මගේ පපුවත් මිරිකුවා. මට කියන්න පවා ලැජ්ජයි මට වුණ දේ." මේ පිළිබඳව විමසූ විට නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට සහ අනෙකුත් හිංසනවලට ලක් වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පැවසීය.

චතුරිකා සංජීවනී මුහුණ දුන් සිදුවීම ගැන සඳහන් කරමින් එහි සම ලේකම් ඇන්ටන් පෙන්වා දෙන්නේ, නීතිය ඉටු කිරීම සඳහා පොලිසිය ද පසුබසින බවය. මෙම සිදුවීම සිදුවූ දිනට පසු දින ම චතුරිකා කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙන අතර එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔහු ඇප මත මුදා හැර ඇති බව ද සේවකයෝ පවසති. එහෙත් මේ හා සම්බන්ධ පරීක්ෂණ මන්දගාමී බවත් අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමට හෝ පැමිණිල්ල විභාග කිරීමක් හෝ මේ දක්වා කර නැති බවත් වෟත්තීය සමිති චෝදනා කරයි. බ්‍රහස්පතින්දා (මාර්තු 07) කොළඹට රැස්වූ සංවිධාන කිහිපයක් මෙවැනි සිදුවීම්වලට සිය විරෝධය පළ කළේය. ඇන්ටන් මාක්ස් ප්‍රකාශ කළේ, එම ආයතනය තුළ එවැනි සිදුවීම් ගණනාවක් මීට පෙර ද සිදුව ඇති බවය.

"මීට පෙර දිනක මෙම ආයතනයේ සේවිකාවකට අයුතු බලපෑම් කිරීමට ගිය එහි සේවය කරන සේවකයෙකුට විරුද්ධව කළමනාකාරවරයාට පැමිණිලි කිරීමේදී කළමනාකරු ද ඇයට අයුතු යෝජනාවක් කර තිබෙනවා. එයට අකමැති වීම හේතුවෙන් එම සේවිකාව සේවයෙන් ඉවත් කරලා," ඇන්ටන් මාකස් කීය. නමුත් අයුතු යෝජනා ඉදිරිපත් කරන ලද දෙදෙනා ම දැනටමත් සේවයේ නිරතව සිටින බව ඔහු පැවසීය. කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණි වීරසූරිය ප්‍රකාශ කළේ කාන්තා දිනය සැමරිය කළ යුත්තේ වෙළෙඳ කලාපය තුළ බවය.

ශ්‍රී ලංකාවේ වැඩියෙන් පීඩාවට හා හිංසනයට ලක් වන කාන්තාවන් සිටින්නේ වෙළෙඳ කලාපයේ හා වතු අශ්‍රිතව බව ද ඇය පැවසුවාය. මෙම චෝදනා එල්ල වන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ එම් අයි එල් අබේසිංහ ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ලබා දිය නොහැකි බවය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආයතනයේ මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විණි. මේ පිළිබඳව කළ විමසීමකදී කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.

ඔහුට අධිකරණයෙන් ඇප ලැබුණු බව ප්‍රකශ කළ පොලිස් ස්ථානාධිපතිවරයා අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද කියා සිටියේය. මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට වෟත්තීය සමිති පොලිසියට කරන චෝදනා ද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.


BBC News
 
  • Like
Reactions: harshana_mahesh

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාගෙ යාලුවෙකුත් මේසන් බාස් කෙනෙක්ගෙන් ලිංගික අතවරයට ලක් වෙලා තිබ්බ නේද ? යාලුව දැන් අවුරුදු 30ක්ද 40ක්ද ගිහිල්ල මේසන් බාස්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නව කිව්ව නේද ? ඒකට මොකද වුනේ ?
     

    Similar threads