මඩයාට කෙලවුන දවස

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මඩයාට කෙලවුන දවස



    හැමදාම හැමෝටම මඩ ගහන මටත් කෙලවුන තැනක් තියෙනව. මේ තියෙන්නෙ ඒ කතාව. තොරනේ කවි වලට පූර්ණ අනුග්‍රහය (කවි ලිවුවේ) අබේපාල මාමා නොහොත් අභීත. ඕනෙ නම් අපි මාරයාට කියමු මේ කවි ටික හය්යෙන් කියවන්න කියල. අභීත, පුලුවන් නම් අන්තිම කෑල්ලත් ලියල එවපන්. නම් ගම් කිසිම දෙයක් මනංකල්පිත නැති සත්ය සිදුවීමක්.

    සකල සිරින් පිරි සිරි ලංකාවේ, සයිබර් පින් දහමක් වේය.....
    එහි වැඩ කටයුතු කතිකා කෙරුමට, කට්ටිය දිනයෙක රැස් වීය....
    ඉතා හොඳට ගිය කතිකා කෙලවර, කට්ටිය විසිරීලා ගොස්ය....
    අවන්හලක් වෙත කීප දෙනෙක් හෙමි, හෙමිහිට පියවර තැබුවෝය...

    පිටස්තරයා සමගින් මුචලින්දත්, උඩ පැනගෙන ඉදගත්තේය...
    පලාමල්ල අරගෙන ආ පිස්සත්, ඕනයා සමගින් එක්වීය....
    ජේඩී එක්කලා ලිශ්විශ් හිටියට, කාටත් කරදරයක් නැතිය...
    දවසේ චරිතය රංගයා දුවගෙන, ආවේ මේ අතරේදීය...

    ටවුන් හෝල් කියනා ජනපදයේ, නෙළුම් කොලේ නම් අවන් හලේ.....
    දුකා ලොක්කා ලග නමලා දෙකක්, කඩිමුඩියෙම එතනින් පිටත් උනේ.....
    එතනින් පසුවත් කට්ටිය එක් වී, බෝතල් දෙකක්ම ඉවර කලේ....
    මේ වෙනකොට අපෙ රංගගෙ බෙල්ලත්, තිබුනේ කමිසයෙ සාක්කුවේ.....

    වැඩේ ඉවර වී තුන් සක රියකට, පංච පුද්ගලයෝ ගොඩ වූයේ....
    පිටා, රංග, පිස්සා, ජේඩී හා, මමද ඒක ඇතුලේ උන්නේ.....
    පැලවත්තට ඇවිදිල්ලා ජේඩී, බස්සලා අපි ටික පිටත් උනේ.....
    ඔන්න එතකොටයි රංගගෙ නපුරුම, අදහස එළියට විසික් උනේ...

    අභියා මචන් උඹ දන්නවනේ නාවින්නේ, ඇති මගේ ජොයින්ට් එක.....
    ඒකට ගොඩවෙලා තව තුන හතරක්, ඇනගෙන ගියහොත් මරු නේද......
    ඉතිරිව හිටි අන් තිදෙනත් ඒකට, එකවර අනුමැතියක් දීය.....
    තුන්සක රථයේ රියැදුරු එකවර, නාවින්නට එය හැරවීය......

    එහි වැඩ කටයුතු අවසන සිවුදෙන, වැනි වැනි රථයට ගොඩ වීය....
    ඊලඟ නැවතුම රංගගේ බෝඩිම, වත්තෙගෙදර හන්දියෙ වීය.....
    එතනින් නවතා උගෙන් ඇසූ කල, බෝඩිම කොහිදැයි ඇත්තෙ කියා....
    ඔහු දුන් පිළිතුර ඇසු අප හැමගෙම, ඇස් ගෙඩි අහසට විහිද ගියා....

    ත්‍රී වීල් මල්ලියා දනී මචන්, අපෙ බෝඩිම ලඟටම යන පාර.....
    කියලා කිව්වම රියැදුරු දන්නේ, නැති බවකුත් අපහට කීය.....
    උගෙ ජංගමයත් අරගෙන සිව්දෙස, කෝල් කලත් අදුරන අයට....
    කිසිවෙක් දන්නැති බව කී විටනම්, දෙවිවරු බුදුවරු සිහිවීය......

    ආයෙත් නාවින්නට ගොස් උගෙ පොට්, එකේ වේටර්යෙක් විමසීය...
    ඔහු වෙන ට්‍රයිශෝවක රියදුරෙකුගෙ, නොම්මරයක් අපහට දීය.....
    ඔහුව ඇමතු පසු ගෙදරට යන හැටි, දල වශයෙන් අපහට කීය.....
    කියපු පාර දිගෙ ගොස් අප අදාල, තැන යැයි සිතු තැන නැවතීය....

    රංගයා මේකද කියපන් උඹගේ, ගෙදරට පිවිසෙන ගුරු පාර....
    කියුවම කොල්ල හිස එසවූවා, එලියක් දෙනෙතෙහි දිස් වීය...
    ඔව්නෙ මචං එහෙනම් මම යන්නම්, කියමින් එලියට බැස්සේය...
    අල්ලාගත් අප ඔක්කොම එක්කලා, මහ පාරේ පත බෑවේය.....

    කකුල් දෙකම ලෙලි ඇරගෙන කොළුවා බෝඩිම වෙත පිය නැගුවේය......
    තනියෙන් නොයවා මමත් පොරගෙ පසුපස කෙටි පියවර එසවීය.......
    පාර ඉවර වෙනකම් අපි ගියමුත් එහෙම බෝඩිමක් නොම වීය.....
    මේක නෙමෙයි බන් කියමින් ආපසු ආයෙත් පියවර තැබුවේය.....

    කරනට දේකුත් නැත මේ මහ රෑ එකොළහෙ කණිසම ලං වීය....
    දුකාට අමතා සිදු වී ඇති සංගදියේ විස්තර පැවසීය.....
    එහෙනම් මල්ලියේ අපේ ගෙදරවත් මේකා නිදි කරවමු කීය...
    නැවතත් රථයේ දුකා බලා අපි මහරගමට පැද වූයේය.........

    කාගිල්ස් එකකට ගොඩවී ප්‍රථමාධාර බඩුත් අරගෙන සැනිනා...
    තුන් රෝ රිය යන ගමනෙම අපි ටික රංගගෙ කකුලට බෙහෙත් කලා.....
    පිලියන්දල ගොස් පිස්සව ඩ්‍රොප් කර පොල්ගස්ඕවිට ගම හරහා....
    මත්තෙගොඩට විත් පිටස්තරයාහට ආදරයෙන් අපි සමු දුන්නා....


    උපුටා ගත්තේ මෙතනින්.......http://r4ng4.blogspot.com/2011/02/blog-post_5968.html
    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )