මඩු වලිගෙ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මඩු වලිගෙ


    ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙනවා.

    ඒ මෙම ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කරමින් ඊයේ (27) දිනයේ ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකදී සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවයි.

    විස්කි වැනි බීම වර්ග පානය කර මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියෝ ඒ අයගේ තන පට ගලවා ගායකයා වෙත දමා ගසන තත්වෙට රට පත්ව ඇති බවත් ඇතැමුන් වේදිකාවට ගොස් ගායකයා සිප ගන්නා බවත් එහිදී සඳහන් කර තිබුණා.

    එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉදිරියේදී තමන් ඉඩ නොතියන බවත් මෙවැනි වැඩසටහන් කවුරුන් හෝ ඉදිරියට සංවිධානය කරන්නට යන්නේ නම් ඊට අනුමැතිය දීම වැළැක්වීමට තමන් පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.

    කෙසේවෙතත් සිය බෑණා සහ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනපතිගේ ඉහත ප්‍රකාශය සහ මෙම ඡායාරූපය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

    ( එම ඡායාරූපය පහතින් දැක්වේ )


    - See more at: http://offair.nethfm.com/article/31020#sthash.6oMGQALm.dpuf

    Untitled-04.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    ඉරාජ් කාරයාගේ හිනාව බලපන්කො.:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    yako iraj ta giya kalak.

    මහින්ද ඉන්න කාලේ මහින්දගේ ඔඩොක්කුවේ.දැන්..අනේ මෙහෙමත් මිනිස්සු.කොන්දක් නැති උන්.:angry:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails#.oyxEOOEzv

    ඔය link එක බලන්න කෝ.
    ඔය ප්‍රශ්නේ නිසා ලංකාව වැටෙන තැන.
    ජනාදිපති වුනාම ඇත දන්නා ඕන ඒවත් තියෙනෝ නැති ඒවත් තිය්නෝ. තියෙන දැවෙන ලොකුම ප්‍රශ්නේ වගේ දැම්ම ගොන් කතාවක්. මේවයින් වෙන්නේ රටට අපකීර්තියක් වෙන එක.
    ඔය bra විසි කරපු එක, ලෝකේ තියෙන ජරම වැඩක් කියමු. එකෙන් කියවෙන්නේ කරපු කෙනාගේ නොහදියව.
    මේ වගේ කතාවලින් නැති වෙන්නේ මුළු ලංකාවේම තත්වය. අනික ජනාධිපති හොයන්න ඕන ඔවද?

    මේ ජනාධිපති ගේ වැඩ වලින් මතක් වෙන්නේ සාහිත්‍ය පොතේ හිටපු සියදෝරිස්
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    car වල බදු වැඩි කල දන්නේ නැහැ, හැබැයි bra විසි කරපුව හොඳට දන්නෝ.
    අපි වගේම gossip site විතරද කොහෙද බලන්නේ :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails#.oyxEOOEzv

    ඔය link එක බලන්න කෝ.
    ඔය ප්‍රශ්නේ නිසා ලංකාව වැටෙන තැන.
    ජනාදිපති වුනාම ඇත දන්නා ඕන ඒවත් තියෙනෝ නැති ඒවත් තිය්නෝ. තියෙන දැවෙන ලොකුම ප්‍රශ්නේ වගේ දැම්ම ගොන් කතාවක්. මේවයින් වෙන්නේ රටට අපකීර්තියක් වෙන එක.
    ඔය bra විසි කරපු එක, ලෝකේ තියෙන ජරම වැඩක් කියමු. එකෙන් කියවෙන්නේ කරපු කෙනාගේ නොහදියව.
    මේ වගේ කතාවලින් නැති වෙන්නේ මුළු ලංකාවේම තත්වය. අනික ජනාධිපති හොයන්න ඕන ඔවද?

    මේ ජනාධිපති ගේ වැඩ වලින් මතක් වෙන්නේ සාහිත්‍ය පොතේ හිටපු සියදෝරිස්

    මේක ජනාදිපති විශේෂයෙන්ම මේ සිද්දිය ගැනම කිව්ව එකක් නෙමෙයි නේද? මොකක්දෝ උත්සවෙකදී කිව්ව එකක්නේ මේ ලොකු කරලා දාන්නේ? ලංකාවේ ඉන්න උන් තමා බන් ඕව දාන්නේ ඒ සයිට් වලට...දේශපාලන විරුද්ද මත වාද නිසා කරන වැඩ...

    කොහොම උනත් ජනාධිපති තුමා විශේෂයෙන්ම මේ ගැන මාද්යට කරුණු දක්වුවානම් වැරදියි...එහෙම නැතිව මොකක් හරි අවස්ථාවකදී ඒ ගැන අදහස් පල කරා කියල නම් වැරද්දක් නැහැ...:yes:
     

    Similar threads