කීගන් කුක් සහ කෙවින් රෑන්ඩ් කියන දෙන්නා එකතුවෙලා හොයාගත්ත අපූරු දෙයක් තමා මේ. මඩ්වොට් කියන මේ බැට්රිය පස් වල ඉන්න බැක්ටීරියාවන්ගෙන් තමා ශක්තිය ලබාගන්නේ. බැක්ටීරියාවන් පසෙන් සීනි වර්ග ලබාගෙන ජීර්ණය කරනකොට ඉලෙක්ට්‍රෝන පිටකරනවා. මේ පිටකරන ඉලෙක්ට්‍රෝන වලින් මඩ්වොට් බැට්රිය විද්‍යුතය නිපදවනවා. මේ බැට්රියෙන් උෂ්නත්වමාන සහ පොඩි ඔර්ලෝසු වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා කරවන්න පුලුවන්.
මේ බැට්රියේ ඇනෝඩය සහ කැතෝඩය කියල ඩිස්ක් දෙකක් තියෙනවා. පස ඇතුලේ තියෙන ඇනෝඩය බැක්ටීරියාවන්ගෙන් ඉලෙක්ට්‍රෝන ලබාගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපකරණයට ගමන් කරනවා. අන්තිමට කැතෝඩයේදී මේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් එකක් එකතුවෙලා ජලය හදනවා.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...



පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...






