මතකද අපි මුල් වරට පාසලට ඇතුල් වූ ඒ පළමු වසර?

shehancute

Active member
  • Mar 16, 2011
    234
    34
    28
    මතකද අපි මුල් වරට පාසලට ඇතුල් වූ ඒ පළමු වසර?

    55457915944326751366850.jpg


    මතකද අපි මුල් වරට පාසලට ඇතුල් වූ ඒ පළමු වසර ?

    පොත් බෑගයක් අතේ අරන් අඩ අඩා එන අපිව පාසලට ගෙනාවේ අම්මා හරි තාත්තා හරි..
    පාසල් යන්න බෑ කියද්දි හවසට එනකොට චොකලට් ගේන්නම් කියා අපව පාසලට ගෙන හැරලුවා..
    ඊට පස්සේ අපේ ඔලුවෙ තිබ්බේ හවසට හම්බ වෙන ඒ දෙය..

    කොහොම කොහොම හරි ඒකාලය පාසලේ ඉන්නකොට අපිට පලවෙනි පාරට හම්බ වෙනවා පෙලපොත්..
    අපේ භාෂාවෙන් කියනව නම් *අච්චු පොත්*..

    ඒ පොත් වල සිංහල පොත අපිට ගොඩක් සමීප උනා..

    ඒ මේ අමර හා සාමා ගේ කතාව හින්දා..
    ගුරුතුමියගේ ඉගෙන්වීම නිසා අපට එහි තිබුණු දෙබස් තාමත් මතකයි..

    " අමර එන්න මල් කඩන්න ' සාමා කිව්වා..

    ඒ වගේමයි

    " සල් ගස
    සල් මල
    ගස යට
    සල් මල "

    ත් එහිම එන දෙබසක්..

    මේ වගේ සොඳුරු මතක සමහර විට ඔබේ මතකය අලුත් කරන්න පුලුවන්.. අප ගොඩක් ආදරේ ඒ ළමා කාලයට අපිව ගෙන යන්න පුලුවන්..

    ඔබටත් මෙය මතක නම් මිතුරන් සමග හුවමාරු කරගැනීමට Share කරන්න

    ගත්තේ FB එකෙන්
     
    • Like
    Reactions: DemonAkalanka

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මම මුලින්ම ඉස්කො‍ලෙ ගිය දවසෙ කොහේද ඉදල දුවන් ආපු හාල්පාරුවෙක් මගෙ ඇගේ හැප්පිලා මාව බිම වැටිල මගෙ දතක් කැඩුන
    ඉතින් එක මට කෙහොමත් අමතක වෙන්නෙ නැ
    (කිරි දත් )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොම අමතක වෙන්නද මචං ඒ කාලෙ සුන්දර මතකයන්.. අවුරුදු 13ක්ම ගොඩක් සතුටින් යාළුවොත් එක්ක හිටියා.. ආතල් ගත්තා.. ඕවා මතක් වෙනකොට පට්ට දුකක් දැනෙනවා බං.. සිරාවටම..:no:
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    කොහොම අමතක වෙන්නද මචං ඒ කාලෙ සුන්දර මතකයන්.. අවුරුදු 13ක්ම ගොඩක් සතුටින් යාළුවොත් එක්ක හිටියා.. ආතල් ගත්තා.. ඕවා මතක් වෙනකොට පට්ට දුකක් දැනෙනවා බං.. සිරාවටම..:no:

    a kale aye enne naha ban
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    මම මුලින්ම ඉස්කො‍ලෙ ගිය දවසෙ කොහේද ඉදල දුවන් ආපු හාල්පාරුවෙක් මගෙ ඇගේ හැප්පිලා මාව බිම වැටිල මගෙ දතක් කැඩුන
    ඉතින් එක මට කෙහොමත් අමතක වෙන්නෙ නැ
    (කිරි දත් )

    niyama seen akak wela tianne mulma dawase