මතකයන් (රත්ගමයා )

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මතකයන් (රත්ගමයා )

417454_4304920180125_248728339_n.jpg



මතකයන් (රත්ගමයා )

ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා


PHP:
http://sun-ge-lookaya.blogspot.com/

:(:(:(:(:(
 

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    කියවන විට මේ වාගේ පද පේලි.....
    සිහිවෙනවා මට මාගේ අතීතේ......
    මේකට මුකුත් නොකරම ඉන්නට බැනේ.....
    ගැසුවා මමත් රෙපකින් නුබට මලේ......