මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැකගන්න භාර වෙලා,

    ඒකට උපක්‍රමයක් දීලා තාමත් හන්දියක් ගානේ හොඬවැලක් එක්ක අසරණවෙලා ඉන්න ගණදෙවියො නුවණට අධිපති කියලා හිතාගෙන ඒක පෙන්වලා දරුවන්ට අකුරු කියවලා,

    දරුවො ලැබෙන්න කියලා සෙල්ලකතරගම ගිහින් තොටිල්ල පද්දලා,

    ෆෙන්ෂුයි පිළිමයක් ගෙනත් තට්ටෙයි බඩයි අතගෑවාම සල්ලි හම්බෙයි කියලා බලන් ඉඳලා,

    සායි බාබා කටින් බිත්තර දාද්දි ඒ මනුස්සයගෙ පින්තුරේ ගෙනත් ගෙදර එල්ලගෙන,

    පුල්යාර රූපයේ නලලෙ හිලක් හදලා, කැටේ බඩේ තියලා, පිටේ දොරක් දාලා ඒකට පඬුරු දාලා කිරි වලින් නාවලා,

    සිරිධම්ම හිමි බුදු වුණා කිව්වාම සාධු කියලා,

    බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කිව්වම ඒකටත් සාදු කියලා,

    බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කිව්වම ඒකටත් සාදු කියලා,

    බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ශේප කරපු ජෝතීශ්‍ය නැකතට හැම වැඩක්ම පටන් අරන් නහුතෙටම කෙලවගෙන,

    බුදුරජාණන් වහන්සේ හැමදේම අත් හැරිය බෝධීන් වහන්සේ ලඟට ගිහින් මේ ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම ඉල්ලලා,

    කොහේ හරි ඉන්න නැකැත් කාරයෙක් අපලයක් තියෙනව කිව්වම යටසායක් හරි ජංගියක් හරි කපල හදපු කොඩි බෝධීන් වහන්සේගේ අතු වල එල්ලලා,

    කේන්දරේ කොටු වලට හිර වෙලා තරු අස්සෙ තමන්ගෙ අනාගතේ හොයලා,

    කේන්දර කාරයෙක් ගැලපෙන්නෙ නෑ කියල කිව්ව පලියට අවුරුදු ගානක අවංක ආදරය කිසිම හිරිකිතයක් නැතිව අතෑරලා දාලා,

    කාලිංඝමාගගෙන් ආපු සිංහල අලුත් අවුරුද්දක් කියල එකකින් හැමෝම එකට වැඩ අල්ලලා, කෑම කාලා,අනිත් උන්ටත් කවලා,

    පොඩි හරි නරකක් ජීවිතේට වේගෙන එන කොටම දේවාල අස්සෙ රිංගලා පොල් ගෙඩි ඔලුව වටේ කරකවගෙන,

    වස්දොස් යන්න කියලා දකින දකින අලියගෙ බඩ යටින් රිංගලා, 😂

    ගංජා වලට මොලේ කරවෙලා කියවන සන්නස්ගලගේ කථා වැඳගෙන අහන් ඉඳලා,

    බ්‍රදර් චාල්ස්ගෙන් බණ අහලා,

    පබාලව, අනර්කලීලව පාර්ලිමේන්තු යවලා,

    තාත්තා අම්මා මැරණාම පෙරේත ගොට්ටෙ අරක්කු කාලක් තියලා,

    අම්මගෙ පර්ස් එකෙන් හොරකම් කරපු 99 කාඩ් එකකින් Internet ඇවිල්ලා,

    හොරු, මිනීමරුවො කියල දැන දැනත් 74 අවුරුද්දක් උන්ටම චන්දෙ දීලා දැන් නහුතෙටම කෙලවගෙන ඉන්න ගමන් ලංකාවෙ ඉතිහාසයටත් බැනලා,

    අපෙන් අහනවා තුන් ලොවක් නිවනෙන් සැනසූ භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සඥාව උපදවලා පූජාවක් කළාම ටූත් පික් තිබ්බෙ ඇයි කියලා 😂 පව්කාරයො

    මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..
    ඒ ගැන තර්ක කරන්නෙ.
    මේ වගේ පූජාවන් කරන කෙනා දන්නව දන් දෙන එකේ වටිනාකම.
    ඒ කෙනා දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ..
    ඔය බනින ගොඩක් මිනිස්සු කිසිම මනුස්සයෙක්ට අබ ඇටේක තරම්වත් දෙයක් දීපු මිනිස්සු නෙවෙයි..
    ගොඩක් අයට දුප්පත් අසරණ මිනිස්සු මතක් වෙන්නෙ මේ වගේ පූජාවන් දැක්කමයි, ස්වමීන්වහන්සේලාට ලැබෙන දානය, පිරිකර දැක්කමයි..

    අන්තිමට සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ තියෙන ගාථාව ලියන්නම්.

    "බමුණ, මම කල්ප අනූ එකක් ආපස්සට හැරී බලමි. මේ අනූඑක් කල්පය තුල දන්දීම නිසා දුප්පත්ව උපත් ලැබූ කිසිවෙකු මම බුදුඇසින් නොදකිමි"
    ====================================
    @followers @highlight
    Copied -Kosala Weerathunga
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    01. හොරු, මිනීමරුවො කියල දැන දැනත් උන්ටම චන්දෙ දීලා

    02. ආගම් ගැන තර්ක කරන්නෙ

    ඔයි දෙක විතරයි කරල තියෙන්නෙ :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    බලපං ඔය හෑල්ල ඇතුලේ මේ සැදැහැවත් බෞද්ධයා කී දෙනෙක්ට ද්වේශ සිතෙන් අපහාස කරලද කියලා.

    මේ වගේ පූජාවන් කරන කෙනා දන්නව දන් දෙන එකේ වටිනාකම.
    මූ හිතන්නේ මුගේ පුජාව තමයි හරි අනිත් ඔක්කොම උන් කරන පුජා වැරදි කියලා.
    ඔය පුජාවත් අර ලිස්ට් එකට තමයි වැටෙන්නේ.
    ------ Post added on Feb 13, 2024 at 9:22 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,503
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දයක් කිට්ටු වෙනකොට ආගම් රචනා මතුවෙනවා

    Cracking Up Lol GIF by HULU
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මිනිස්සු බැන්නේ ආගමට නමේ ආගමට මුවා වෙලා කරන ජඩ වැඩ වලට

    අපේ උන් ආගම කරේ තියන් ගියාට
    බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ සුද්දෝ විතරයි උන් තමා බුද්ද දර්ශනය පිලි පදින්නේ
    අපේ උන්ගේ
    හිත්වල කුණු පුරෝගෙන සද්දේ ට සාදු කිව්වම එක තමා
    හරි කියලා හිතන්නේ
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    මිනිස්සු බැන්නේ ආගමට නමේ ආගමට මුවා වෙලා කරන ජඩ වැඩ වලට

    අපේ උන් ආගම කරේ තියන් ගියාට
    බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ සුද්දෝ විතරයි උන් තමා බුද්ද දර්ශනය පිලි පදින්නේ
    අපේ උන්ගේ
    හිත්වල කුණු පුරෝගෙන සද්දේ ට සාදු කිව්වම එක තමා
    හරි කියලා හිතන්නේ
    Suddo කොහොද පොන්නයෝ බුද්දාගම අදහන්නේ සුද්දෝ අදහන්නේ කතෝලික ආගම.ඒකයි උන් දියුණු උනේ.තොපේ ඔය වැදි ආගම තියනකන් ලක්කාවට දියුණුවක් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලොලි පොප් කන චීවර දාරියෙක් දානේ ලැබෙන්නේ නැති දුකට ලියපු හෑල්ලක් 😆
     
    • Like
    Reactions: Rukshansms