මුල් කෘතිය - When Memory Dies - Ambalawanar Sivanandan
Published January 1st 1997 by Arcadia Books
ප්රතිරචණය - හෂිත අබේවර්ධන
" මතක මිය ඇදෙන සද "
රටේ පවතින වර්තමාන අරගලකාරි තත්වය තුල යමෙකු ලංකාවේ අරගල ඉතිහාසය සහ එහි විකාශනය අධ්‍යනයට ලක් කරන්නේ නම් මෙකී කෘතිය මගහැරයා නොහැකි බව මගේ අදහසයි.
එවකට Ceylon නම් වූ ශ්‍රී ලංකාව නිදහස ලැබීමට ආසන්නව සිටි කාලයේදී එහි දේශපාලනය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වීද, සියලු ජනවර්ග එක්ව සිදුකල හර්තාල් වියාපාර සහ කම්කරු සටන් වල සිට අත්තනෝමතික දේශපාලුවන් තම තමන්ගේ වාසියට බෙදා වෙන්කල ජනතාව විසින්ම ජාතික සමගිය අමතක කරමින් රට වාර්ගික අර්බුදයක් දක්වා නොනවත්වා ඇදගෙනයාමේ පරම්මරා තුනක කතාන්දරය මේ කෘතිය තුලින් දිග හැරේ.
මෙහි චරිත අතීතය වර්තමානය සහ අනාගතය යන කාල රේඛාව තුල පෙලගැසිය හැකිය. පළමු කොටසේ කතා නායකයා සහා නොහොත් සහදේවන්, එස් ඩබ්ලිව් සහ තිස්ස ලෙසට වෙන්කල හැකි අතර පළමු කොටසේ විටින් විට මතුවන 'පාරා' කොටස් තුන පුරාවටම යුග තුනම තුල විවිධාකාර ලෙස පෙනී සිටියි. පලමු කොටස මෙන්ම දෙවන කොටසේත් කථකයා වන්නේ රාජන් ය. මෙහි පලමු කොටස් දෙක නියෝජනය කරන ලාංකික දවිඩයන් වෙනුවට තුන්වන කොටස දිග හැරෙන්නේ ගුරු වෘතියේ නියැලෙන විජය හරහාය.
කතාව තුල ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන චරිත මතුවීම මෙන්ම ඔවුන්ගේ සැබෑ තත්වය හැදසිටින මහා ප්‍රතිරූපය වන නම් සළුව උනාදමා අමු අමුවේ නිරූපණය, වඩාත්ම ආස්වාද දනවන්නකි. ඒ අතර ඒ ඊ ගුණසිංහ, බණ්ඩාරනායක කැපී පෙනේ.
මෙහිදී ලංකාවේ වෘතිය සමිති වියාපාරය සම්භන්ධයෙන් සහ එවකට කම්කරු වියාපාරය හසුරුවන ගුණසිංහ සම්භන්ධව සිවා ඉතා සියුම් විවේචනයක යෙදේ. ඒ එස් ඩබ්ලිව් හරහාය.
තමන්ගේ සබෑ අරගලයේ අවශ්‍යතාවය පසෙකලා එය හසුරවන්නන් ගේ මාර්ගයේ ගමන් කරමින් අමාරුවේ වැටෙන ආකාරය නැවත නැවත කියවා හෝ තේරුම්ගත යුත්තක් බව එහිදී කියාපායි. එමෙන්ම අදටත් එස්.ඩබ්ලිව් මගහැරීම විශාල පාඩුවක් බව පසක් කරයි.
ලංකාවේ වාර්ගික අර්බුදය සම්භන්ධව ඔබට මෙන්ම මටත් මතයක් තිබිය හැක. නමුත් කෘතිය කියවා අවසන් කල පසුව අපට එකම තලයක් මත සිට වාර්ගික අර්බුදය දෙස නැවත බැලීමටත් එහි අවසාන තිත කොතනක තැබිය යුතුද සහ ඔබ මෙන්ම මමත් ඒ තිත තබන්නේ එකම තැනක බවට ඉගියක් ලබාදේ.
ලංකාවේ වාර්ගික අර්බුදය සම්භන්ධ ව ලියවුණු කෘති අතරින් වඩාත්ම අපක්ශපාතී සහ සමබර කෘතියකට හිම තත්වය මේ කෘතිය වෙත පිරිනැමීම වඩාත් සාධාරණය. එවන් වෙනත් කෘතියක් කියවා ඇත්නම් ඒ ප්‍රකට දෙමළ කවියෙකු වූ ව.අයි.ස ජෛපාලන්ගේ කෙටි නවකතා පමණි. ඔබ දන්නා තවත් කෘති වෙතොත් comment කරන්න. මේ කෘතිය කියවීමට සමගාමීව Demons of Paradise නම් වාර්තා චිත්‍රපටය නැරඹීමට ඔබට යෝජනා කරමි.
......
අවසානයේ දී කිවහැක්කේ කිසිදු කම්පනයකින් තොරව ඔබ මෙය කියවා නිම කලහොත් ඉන් අදහස් කරන්නේ ඔබ එය කියවා නොමැතිබව හැර වෙන කුමක්ද ?